නෙල්සන් මැන්ඩෙලා
"දකුණු අප්‍රිකාව කළු ජාතීන්ගේ පමණක් වාසභූමිය විය යුතු නැත. එය කළු ජාතිකයන් මෙන්ම බොහෝ සුදු ජාතිකයන්ගේද මාතෘ භූමියයි. අපට අවශ්‍යව ඇත්තේ මේ සියලු දෙනා එකට එක්‌වගෙන බලය සමසේ බෙදා ගනිමින් සාමකාමීව ජීවත්වනු දැකීමයි."
නෙල්සන් මැන්ඩෙලා
නෙල්සන් මැන්ඩෙලා යනු යුදකාමී, ජාතිවාදියකු නොවේ. වරෙක ඔහු දේශප්‍රේමී සටන්කාමියකු වූ බව සැබෑය. තවත් අතකින් ඔහු නිවැරැදි දේශපාලනය උදෙසා ඇප කැප වූ අභීත මාක්‌ස්‌වාදී නායකයෙකි. මානව හිතවාදියෙකි. මහත්මා ගාන්ධි දර්ශනය අනුගමනය කරමින් කළු - සුදු භේදයෙන් තොර එක්‌සත් දකුණු අප්‍රිකාව ගොඩ නංවන්නට ජීවිතයෙන් විසිහත් වසරක්‌ම සිර ගෙවල් තුළ වැය කළ අතිදක්‍ෂ මාර්ගෝපදේශකයෙකි.
දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්‌කි (Transkei) හිදී 1918 ජුලි 18 දා රාජකීය පරම්පරාවක දරුවකු ලෙස උපත ලද මැන්ඩෙලා කුඩා කළ සිටම නායකත්ව ලක්‍ෂණ පෙන්නුම් කළේය. මිෂනාරී පාසලකින් ප්‍රාථමික අධ්‍යාපනය ලද ඔහු පසුව Fort Hare උසස් විද්‍යාලයට ඇතුල් විය. උපාධිය සඳහා එහි උගනිමින් සිටියදී සමකාලීන සගයා වූ ඔලිවර් ටැම්බෝ ද සමගින් මැන්ඩෙලා විද්‍යාලයෙන් නෙරපා හැරිණි . ඒ දෙදෙනා එක්‌ව වර්ණභේදවාදයට හා ජාතිවාදයට එරෙහිව නොයෙකුත් විරෝධතා ව්‍යාපාර සංවිධානය කළ බැවිනි. පසුකාලීනව අප්‍රිකානු ජාතික කොංග්‍රසයෙහි සභාපති ධුරයට පත් වූයේද "ඔලිවර් ටැම්බෝ"ය.
උසස් විද්‍යාලයෙන් උපාධිය ලබාගත නොහැකි වූ මැන්ඩෙලා සහ ටැම්බෝ දෙමිතුරෝ Withwatersand විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වූහ.
1944 දී අප්‍රිකානු ජාතික කොංග්‍රස් පක්‍ෂයෙහි තරුණ ලීගය බිහි වූයේද ඔවුන් දෙදෙනාගේ පුරෝගාමිත්වය හරහාය.
තම ජන්ම භූමියේ ඒ පැරැණි හොඳ දවස් පිළිබඳව මැන්ඩෙලා පාසලේදී උගත් කතා නිරන්තරවම සිහියේ තබාගෙන සිටියේය. ගංගා, ඇළ දොළ නිදහසේ ගලා බස්‌නා නිල්වන් ගහ කොළ සහ වන සතුන්ගෙන් පිරී ගත් තම දේශය තුළ තමාගේම වෙළෙ¹ම, ගොවිතැන මෙන්ම හමුදාවද පවත්වා ගනිමින් මුතුන්මිත්තන් ගෙවූ ඒ නිදහස් ජීවිත මැන්ඩෙලා හට ඉතිහාස කතාවක් පමණක් විය.
බහුතරයක් වූ කළු ජාතිකයන් සුළුතරය වූ සුදු ජාතිකයන්ගේ යකඩ සපත්තුවලට පෑගෙමින් ගෙවෙන වහල් ජීවිත මැන්ඩෙලාහට දරාගත නොහැකි විය. සුදු ජාතිකයන් හට හැම විටම හැම තැනකදීම ප්‍රමුස්‌ථානය ලැබුණු අතර රාජ්‍ය තන්ත්‍රය තුළ ද කළු ජාතිකයන්ට ඉඩක් තිබුණේ නැත.
මැන්ඩෙලා වර්ණභේද වාදයට එරෙහිව තම පළමු අවිහිංසාවාදී සටන දියත් කළේ 1952 දීය. අසාධාරණ අවනීතියට අකීකරු වෙමින් මැන්ඩෙලා සහ ඔහුගේ මිතුරෝ දුම්රිය ගමන් බලපත් ලබා ගැනීම සඳහා සුදු මිනිසුන් සඳහා විශේෂයෙන් වෙන් කොට තිබූ පෝලිමට එක් වූහ. සුදු ජාතිකයන්ට පමණක් ඇතුල් විය හැකි ස්‌ථානවලට ඔවුහු බලහත්කාරයෙන් ඇතුළු වූහ. කළු ජාතිකයන්ට විශේෂයෙන් නිකුත් කොට තිබූ අවසර පත් පුළුස්‌සා දැමූහ. මැන්ඩෙලා මාස නවයක සිර දඬුවමකට යටත් කෙරිණි. නිදහස් වූ වහාම ඔහු නැවත සිරගත කෙරිණි.
"ඔවුන් මා මගේ මිත්‍රයන් ගෙන් දුරස් කොට හුදෙකලා කර දමා ඇත. යන එන සෑම තැනකම විශේෂ නිලධාරීන් කණ්‌ඩායමක් මා පසුපස ලුහු බඳිති. නීතිය විසින් මා අපරාධකරුවකු ලෙස නම් කොට ඇත. ඒ මා කළ දේවල් නිසා නොවේ. මා යම් කිසි දෙයක් වෙනුවෙන් පෙනී සිටිය බැවිනි."
ඒ දිනවල මැන්ඩෙලා සිය දින පොතක එවැනි සටහනක් තබා තිබිණි. සියලු දේශපාලන කටයුතුවලින් ඈත්වී සිටිය යුතු බවට සුදු පාලකයන්ගෙන් ඔහුට නියෝග ලැබී තිබිණි.
කෙටි නිදහසක් ලද ඔහු ගියේ ජොහැන්නස්‌බර්ග් නගරයටය. එහිදී පතලක ආරක්‍ෂක නිලධාරියකු සහ ලිපිකරුවකු ලෙසද රැකියාව කළ ඔහු පසුව තම මිත්‍ර ඔලිවර් ටැම්බෝ සමග නීති උපදෙස් කාර්යාලයක් විවෘත කළේය. සුදු මහත්වරුන්ගේ රාජ්‍ය පාලන තන්ත්‍රය තුළ අසරණ වන දුප්පත් ගෙවීන් ඇතුළු කළු ජනතාවට ඔවුහු නොපැකිළව හැකි අයුරින් සහාය වූහ.
මැන්ඩෙලා දෙවන විවාහය ලෙස විනී මැන්ඩෙලා විවාහය සිදු වූයේ මේ අවධියේදීය. එනම් 1958 දීය. මේ යුවළට දියණියන් දෙදෙනෙකි. මැන්ඩෙලා ගෙන ගිය නිදහස් සටන වෙනුවෙන් විනීගෙන් ලැබුණේ නොමඳ සහයෝගයකි.
1960 දකුණු අප්‍රිකානු ඉතිහාසයේ තවත් සුවිශේෂී වර්ෂයක් විය. ඒ නෙල්සන් මැන්ඩෙලාගේ මග පෙන්වීම යටතේ දහස් ගණන් කළු අප්‍රිකානුවන් සුදු රාජ්‍ය පාලනයට විරුද්ධව නැගී සිටීමය. එහෙත් පොලිසිය එල්ල කළ ප්‍රහාරවලින් කළු ජාතිකයන් 69 ක් මියගිය අතර 176 ක් තුවාල ලැබූහ. ඒ සමග මැන්ඩෙලා ඇතුළු විසි දහසක් කළු අප්‍රිකානුවන් සිරගත කරනු ලැබිණි. කුපිත වූ රජය මැන්ඩෙලාගේ පක්‍ෂය වූ අප්‍රිකානු ජාතික කොංග්‍රසය තහනම් කළේය.
1962 වසරේදී රහසින් රටින් පිටව ගිය මැන්ඩෙලා අප්‍රිකාවේ සහ යුරෝපයේ බොහෝ රටවල්වල සංචාරය කළේය. ඇල්ජීරියාවේදී ඔහු හමුදා පුහුණුව ද ලබා ගත්තේය.
එහෙත් එම වසරේම අගෝස්‌තු මාසයේදී කෙසේ හෝ පොලිසිය විසින් මැන්ඩෙලා අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ සුදු ජාතිකයකුගේ රියෑදුරකු ලෙස සේවය කරමින් සිටියදීය.
"ඔබ මා මරණයට නියම කොට අපගේ නිදහස් ව්‍යාපාරය විනාශ කරන්නට කල්පනා කරනවා නම් ඔබ වැරැදිය. මම මරණයට සූදානම්ව සිටින අයෙක්‌මි. මගේ මරණය ජනතාවගේ අරගලයට ප්‍රාණ වායුවක් වන බව මම හො¹කාරවම දනිමි." නඩු විභාගයේදී මරණ දඬුවම නියම වුවහොත් එසේ පවසන්නෙමැයි ඔහු වචන ගොනුකොට සිටියේය. එහෙත් මැන්ඩෙලා ඇතුළු ඔහුගේ තවත් සගයන් අට දෙනකුට ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම කරමින් නඩු විභාගය හමාර විණි. ඒ 1963 දීය.
දහ අට වසරක්‌ම ඔහු ගත කළේ රොබන් (Robben) දූපතෙහි වූ සිර කඳවුරකය. අත්ලාන්තික් සාගරයේ සීතල වතුරෙන් වටවූ කුඩා දූපතක පිහිටි එම සිර කඳවුර වරෙක ලාදුරු රෝගීන්ගේ හා මන්ද බුද්ධිකයන්ගේ නවාතැන් පළක් කොට තිබූ ස්‌ථානයකි.
මැන්ඩෙලා එහිදී ගත කළේ ඉතා දුෂ්කර ජීවිතයකි. "රොබන් සිරකඳවුර තුළ මගේ පළමු අවුරුදු දහය මං ගත කළේ බොහොම නරක තත්ත්වයන් යටතේ. උදේ 7 සිට සවස 4 වනතුරු එක දිගටම අපි හුනුගල් ආකාරවල වැඩ කළා. හැම තිස්‌සේම වැඩ කරන්නටයෑයි ඔවුන් අපට බල කළා. මොහොතකට වැඩ නතර කළොත් කම්මැළියන් යෑයි අපහාස කරමින් සිරකරුවන්ට පහර දුන් අවස්‌ථාද තිබුණා."
එහෙත් ඒ වන විට මැන්ඩෙලා මුළු ලොවම ගරු බුහුමන් කරන දේශප්‍රේමී නායකයකු ලෙස හඳුනාගෙන හමාරය. එබැවින් සිර කඳවුර තුළදී ඔහුට පහර නොදෙන්නට එහි නිලධාරීහු වග බලා ගත්හ.
zzකෲර පාලකයකු මියගිය විට ඔහුගේ බලය එතැනින් සමාප්ත වේ. එහෙත් ප්‍රබල දේශප්‍රේමී නායකයකු මියගිය විටෙක ඔහුගේ බලය එතැනින් ආරම්භ වේ.ZZ
සිරගෙදර තුළදී මැන්ඩෙලා මියයතැයි ද දකුණු අප්‍රිකාවේ සුදු ජාතික පාලකයාව සිටි "පීටර් බෝතා" බිය විය. ඒ හැරුණු විට මැන්ඩෙලා නිදහස් කරන මෙන් ලෝකය පුරා හඬක් මතුවෙමින් තිබිණි.
ලෝකාපවාදයෙන් ගැලවෙනු පිණිස මැන්ඩෙලා නිදහස් කරන්නට රජය තීරණය කළේය. 1969 දී රජය පවසා සිටියේ කොන්දේසි කිහිපයක් මත ඔහු නිදහස් කරන්නට සූදානම් බවය.නැවත දේශපාලන හෝ භීෂණ කටයුතුවල නොයෙදන බවට ඔහු පොරොන්දු විය යුතු යෑයි කොන්දේසි වලින් කියෑවිණි. ඔහුට රජයේ රැකියාවක් ලබා දෙන්නටද ඔවුහු සූදානම්ව සිටියහ.
ද්‍රොහියකු වනවාට වඩා සිරගෙදර ලගින එක හොඳ යෑයි පවසමින් මැන්ඩෙලා කිහිප වතාවක්‌ම රජය ගෙන ආ එවැනි යෝජනා ප්‍රතික්‍ෂේප කළේය.
1985 දී ඔහු රජය වෙත මෙසේ ලියා යෑවුවේය. "රජය මා වෙත එවන කොන්දේසි පිළිබඳව මම පුදුම වී සිටිමි. මම භීෂණය ගෙන එන මිනිසෙක් නොවෙමි. අප ඉල්ලූ කිසිවක් අපට නොදෙන විට අවිගත් අරගලයක් සඳහා සැරසෙන්නට අපට සිදු විය."
මැන්ඩෙලා ඒ වන විට සිටියේ කේප් ටවුන් අසල වූ "පොල්ස්‌මුවර්" (Pollsmoor) සිර ගෙදරය. 1982 දී ඔහු එයට මාරු කොට එවා තිබූ අතර 25x40 සිර කාමරයක්‌ද ලබාදී තිබිණි.
මැන්ඩෙලා සිරගෙදර විශ්වවිද්‍යාලයක් බවට පත්කර ගත්තේය. ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් විශේෂ නීති උපාධියක් ලබාගත්තේ බාහිර ශිෂ්‍යයකු ලෙස ලියුම් ගනුදෙනු කිරීම තුළිනි. ඉගෙන ගත්තා පමණක් නොව ඔහු අනෙක් සිරකරුවන් හට ඉගැන්වීමේ කටයුතු ද කළේය. අධ්‍යාපනය අතරමග නතරව තිබූ සමහර සිරකරුවන් මැන්ඩෙලාගේ මග පෙන්වීම යටතේ උපාධිය ලබාගන්නටද සමත් විය.
පොල්ස්‌මුවර් සිරගෙදර තුළදී පුවත්පත්කලාවේදීන් මෙන්ම සමහර රාජ්‍ය නායකයන් ද මුණගැසීමේ අවස්‌ථාව මැන්ඩෙලාහට ලැබිණි. සිරගතව සිටියද ඔහු තම අදහස් ලෝකයාට මුදා හැරියේය. ජනාධිපති බෝතා සිතූ ලෙස මැන්ඩෙලා නිහඬ කරවන්නට ඔහුට නොහැකි විය.
මේ අතර දකුණු අප්‍රිකානු කළු ජනතාව තම අරගලය අඛණ්‌ඩව ඉදිරියට ගෙන ගියහ. විනී මැන්ඩෙලා සහ ඇගේ දියණියෝද ඔවුන් සමග එක්‌වී සිටියහ.
1989 දී ජනාධිපති බෝතා හදිසියේ අසනීප වූ අතර ෆෙඩ්රික් විලියම් ද ක්‌ලාර්ක් දකුණු අප්‍රිකාවේ එම ධුරයට පත්විය. 1990 දී ඔහු මැන්ඩෙලා නිදහස් කොට හැරියේය.
1994 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වූ පළමුවැනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය තුළින් මැන්ඩෙලා ජනාධිපති ධුරයට පත් වූයේ 62% ක් වූ ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමිනි. මැන්ඩෙලා විසින් විලියම් ද ක්‌ලාර්ක් උප ජනාධිපති ධුරයට පත්කර ගනු ලැබීම සුවිශේෂී සිද්ධියක් විය.
1995 රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාව විසින් අයත් කරගනු ලැබුවේ කළු-සුදු වර්ණභේදය අර්ථ විරහිත සංකල්පයක් බව ලොවටම කියාපාමිනි. සුදු -කළු ක්‍රීඩකයන් එහිදී එකාවන්ව ක්‍රීඩා කළේ ඔවුන් සමගිසම්පන්න ජාතියක් බව ලෝකයට ප්‍රදර්ශනය කරමිනි.
තම මවුබිම වෙනුවෙන් නොපිරිහෙළා යුතුකම් ඉටු කළ නෙල්සන් මැන්ඩෙලා 1999 දී ජනාධිපති ධුරයෙන් සමුගත්තේ විශ්‍රාමික දිවියක් ගත කරනු පිණිසය.
කළ සේවය වෙනුවෙන් 1993 නොබෙල් සාම ත්‍යාගය ද සමගින් බොහෝ සම්මාන ප්‍රශංසාවලින් පුදනු ලැබූ මැන්ඩෙලා "දකුණු අප්‍රිකාවේ තාත්තා" යන ආදරණීය ආමන්ත්‍රණය තමා ලද මහඟුම තිළිණයක් සේ සලකයි.
source Divaina.lk