නෙලා ගන්න බැරි මල්
තමන්ට නෙලා ගන්න බැරි මල් ඕන තරම් පිපෙනව. නෙලාගන්න බැරි හන්දම ඒව ගොඩක් ලස්සනට පෙනෙනව. ඒත් මේ ද්වල් දිහා මැදහත් සිතින් බලපු අය කිවුවෙ.. "නෙලා ගන්න බෑ මගේ අත දිග නෑ.. අනේ ඒත් තව මල් පිපියන්.." කියල. නෙලාගන්න බැරි මලක සුවද බලන්න උත්සාහ කරනවට වැඩිය ඒක කොයි තරම් නම් හොදද?
නෙලාගන්න බැරි හින්දයි
ඔබ ඔය තරමට ලස්සන
නෙලා ගෙනා කිසිම මලක්
නෑ ඔය තරමට ලස්සන
හීන මවාගෙන දහසක්
තනියෙන් රස විඳපු
බිතු සිතුවම් වූ මෙන් හද
තෙළිකඩ මත ඇඳපු
ලොවට හොරා පැස පුරවා
ගෙනවිත් හැඩ බලපු
ලස්සන නැති හැටි මල්වල
ඉස්සර මං නෙලපු
මුහුණ දෙමින් සර පහරට
අනංගයා විදපු
නොදැක හිටිය දවස්වලට
ඉකි බිඳ බිඳ හඬපු
කාත් කවුරුවත් නැති තැන
තුරුළු වෙලා දොඩපු
පැහැය සුවඳ කොහෙ ගිහින්ද
මල්වල මං නෙලපු (ගායනය - නන්දා මාලනී)