නෙළුම් කුළුනේ ඇති පහසුකම් පිළිබඳ බිඳක්

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    නෙළුම් කුළුනේ ඇති පහසුකම් පිළිබඳ බිඳක්

    නෙළුම් කුළුනේ ඇති පහසුකම් පිළිබඳ බිඳක්

    Lotus-Tower-Sri-Lanka3.jpg


    දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස අහස් කුස සිඹිමින් ඉහළට ඇදෙන නෙළුම් කුලුනේ මුල් සැලසුම්කරු වශයෙන් කටයුතු කළේ මොරටුව විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය නිමල් සිල්වා මහතායි.

    ඔහුගේ මූලික සැලකිල්ලට අනුව එම කුලුනේ ඉදිකිරීම් කටයුතු කෙරෙන්නේ චීනයේ “චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික් ඉන්‍පෝර්ට් ඇන්ඩ් එක්ස්‍පෝර්ට් කෝපරේෂන්” සහ “ඒරෝ ස්පේස්” යන සමාගම් දෙක විසිනි. ඉදිරියේදී මෙම සමාගම් දෙක ඉවත්ව ගොස් නව සමාගමක් මාර්ගයෙන් ඉතිරි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට ඇති ඉඩකඩ බොහෝය.

    මෙම කුලුන ඉදිකිරීමේදී ඇස්තමේන්තුගත වියදම රුපියල් කෝටි 1147කි. මෙහි සැලසුම්කළ උස මීටර් 150ක් වූ නමුත් ඒ මුල් සැලසුම තරමක් දුරට වෙනස් කොට මීටර් 165ක් උසකට මෙම කුලුන විහිදී යනු ඇත. ඉදිකිරීම් නිමවීමෙන් අනතුරුව මෙම කුළුන ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ අයිෆල් කුලුනද අභිබවා යනු ඇත.

    නෙළුම් ‍පොහොට්ටුවක හැඩැති මෙම කුලුන ඉදිකෙරෙන්නේ සහ ඊට චීන රජයේ දායකත්වය මෙන්ම මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීමට කටයුතු කළේ මහින්ද රාජපක්ෂ විසිනි. ඒ සඳහා ඔහුට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි කියවෙන්නේ එවකට චීනයේ තානාපතිවරයාව සිටි කරුණාරත්න අමුණුගම විසිනි. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා 2008 වසරේදී චීනයේ සංචාරයක නිරතව සිටියදී චීනයේ “ෂැංහයි” කුලුන නැරඹීමෙන් අනතුරුවයි.

    ශ්‍රී-ලාංකීය අනන්‍යතාව පිළිඹිඹූ වන ආකාරයට නෙළුම් ‍පොහොට්ටුවක් හැඩැති මෙම කුලුන මුලින්ම ඉදිකරන්නට සැලසුම්කර ඇත්තේ මුතුරාජවෙල ආශ්‍රිතවය. එහෙත් පසුව එහි ඉදිකිරීම් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ බේරේ වැවට ආසන්නයේ සිදුවන්නේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයද අරමුණු කර ගනිමිනි.

    මීටර් 20ක් ‍පොළොවේ ගැඹුරට හාරා කළුගල දක්වා පාදම තනිකරම කොන්ක්‍රිට්වලින් පුරවන අතර එම පාදම හාරන විට පැරණි නෞකාවක නටබුන්ද හමුවී තිබිම විශේෂත්වයකි.

    මෙහි ඉදිකිරීම් මුළුමනින්ම පාහේ සිදුවන්නේ චීන කම්කරුවන්ගේ සහ ඉංජිනේරුවරුන්ගේ මැදිහත් වීමෙනි. ගිවිසුම් ප්‍රකාරව සියයට 30ක් සේවකයන් දේශීය වශයෙන් ලබා යුතු වූවත් එම ගිවිසුම් ප්‍රකාරව එකී කටයුත්ත සිදුවී ඇති බවක් නොපෙනේ. මේ වන විට දේශිය ශ්‍රමිකයන් එහි සේවයේ නිරතව සිටින්නේ අතළොස්සකි. මෙහි හොරකම් වංචාවන්වලද අඩුවක් නොමැති බව පෙනෙන්නට ඇත. ඒ හේතුව නිසාම චීනයේ සිට එරට ‍පොලීසියේ කණ්ඩායමක් මෙහි පැමිණි විමර්ශනයක්ද පවත්වා ඇති බව වාර්ථා වේ. අලුත් සමාගමකට මෙහි ඉදිරි ඉදිකිරීම් භාර කිරීමට නියමිතව ඇත්තේ මෙම හේතුව නිසාය.

    මෙම කුලුනට ඇතුළුවීමට ඇති දොරටු හතරෙන් දොරටු දෙකක් වෙන්වන්නේ විශේෂ අමුත්තන් වෙනුවෙනි. ඒ ඉහළම මහ‍ලේ ප්‍රභූවරු වෙනුවෙන් අධි සුඛෝපභෝගී කාමර හයක් ඉදිවෙන බැවිණි. එම කාමරවල නාන කාමර වැසිකිළි පවා දුරස්ථ පාලකවලින් ක්‍රියාත්මක වීමට සකස් කෙරෙන අතර එම කාමර හයම ජනපති වෙනුවෙන් වෙන්කිරීමට නියමිතව තිබිණි. වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එය ජනපති වෙනුවෙන් වෙන්නොකරන ලෙස කර ඇති ඉල්ලීමට අනුව දැන් එය වෙන්වන්නේ ප්‍රභූවරුන් වෙනුවෙනි. එම ප්‍රභූවරුන් බොහෝවිට මෙරටට පැමිණෙන රාජ්‍ය නායකයන් වනු ඇත.

    දකුණු ආසියාවේ උසම කුලුන වන මෙම කුලුනේ පහත මහ‍ලේ සිට ඉහළම මහලට ගමන් කිරීමට ඇති සෝපානය සවිකරනුයේ විනාඩියකටත් අඩු කෙටිකලකින් ගමන් කිරීමට හැකිවන ආකාරයටය. එසේම යම් ආපදාවකදී විනාධි 30ක් ඇතුළත මෙම ගොඩනැගිල්ලෙහි සිටින සෑම අයෙකුම පිටතට ගැනීමේ හැකියාවක් තිබිමද විශේෂිතය.

    නෙළුම් කුලුනේ පහත මහල වෙන්වන්නේ අවන් හලක් සහ විදුලි සංදේශ කෞතුකාගාරයක්, වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක් වෙනුවෙනි. පාදම පළමු මහල සහ දෙවැනි මහල මෙන්ම විවෘත මහල වශයෙනි. එහි පළමු මහල් දෙක සාප්පු සංකීර්ණ සඳහා වෙන්වනු ඇත.

    මීටර් 365 ක් උසැති නෙළුම් කුලුනේ ඇත්තේ මහල් 09කි. එම මහල් 09ම ඇත්තේ මීටර් 200ට වැඩි උසකිනි. පළමු සහ දෙවැනි මහල් වෙන්වන්නේ ගුවන් විදුලි, රූපවාහිනී සහ දුරකථන සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථාන වෙනුවෙනි. මෙරට සෑම ගුවන් විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථානයකම සම්ප්‍රේෂණ සවි විය යුතු වන්නේ මෙහිය.

    තෙවැනි සහ සිව් වැනි මහල් වෙන්වන්නේ අමුත්තන් හා සියයකට පහසුකම් ඇති අවන්හලක් වෙනුවෙනි. පස්වැනි මහ‍ලේ ඇත්තේ කැරකැවෙන අවන් හලකි. අති සුඛෝපභෝගී කාමර හය ඇත්තේ හයවැනි මහ‍ලේය. හත්වැනි මහල වෙන්ව ඇත්තේ නැරඹුම් මධ්‍යස්ථානයක් වශයෙනි. සෙසු මහල් දෙක වෙන්වන්නේ ගොඩනැගිල්ලෙහි ජලය ගබඩා කිරීමේ ටැංකි මෙන්ම විදුලිය, වායුසමීකරණ යන්ත්‍ර පහසුකම් වෙනුවෙනි.

    මෙහි මහල් නවයට පසුව ඇත්තේ ඇන්ටනාවකි. මීටර් 40ක් උසැතිය එය නිර්මාණය කෙරෙන්නේ ජපානයේදීය. තවමත් එම ඇන්ටනාව සවිකර නැති අතර එය සවිකරනුයේ ශක්තිමත් සැහැල්ලු විශේෂිත කොන්ක්‍රීට් බදාමයකිනි. නුදුරු දිනයකදීම එම ඇන්ටනාව සවිකෙරෙනු ඇත. මීටර් 365ක් උසැති ගොඩනැගිල්ලෙහි එකවර පුද්ගලයන් 1500කට රැඳී සිටීමට හැකියාව පවතින අතර දරුණු ගින්නකදී වූවත් එහි රැඳී සිටින්නන් ආරක්ෂාවන ආකාරයේ ආරක්ෂක ක්‍රම මෙහි සකස් වෙනු ඇත.

    මෙහි නෙළුම් පෙති තවමත් සවිකර නැති අතර ඒවා මේවන විට කර්මාන්ත ශාලාවල සකස්කර අවසන්ය. නෙළුම්පෙති සවිකරනුයේ කොටස් වශයෙනි. කැරකෙන අවන්හල නැරඹුම් කොටස සුඛෝපභෝගී කාමර ඇත්තේ එම නෙළුම්පෙති නැතිනම් නෙළුම් ‍පොහොට්ටුව තුළය.

    මෙකී දැවැන්ත ඉදිකිරීමේ කටයුත්තට මුල්ගල තැබෙන්නේ 2012 වසරේ ජනවාරි 20 වෙනිදාය. ඒ බැසිල් රාජපක්ෂගේ අතිනි. වැඩ අවසන් වීමට සැලසුම් කෙරෙන්නේ මෙම වසරේදීය. එහෙත් මෙම වසරේ වැඩ අවසන් වේවි යැයි පවතින තත්ත්වය මත සිතිය නොහැකිය.

    මෙම දැවැන්ත ඉදිකිරීමේ පාදම් කොටම් පවා නෙළුම් පෙති හැඩයට සකස් කෙරෙන අතර මේ තුළින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් මෙන්ම සශ්‍රීකත්වය, නිර්මලත්වය සංස්කෘතත්වය පෙන්නුම්කරන බව සදහන්ය.

    ලක්බිම පුවත්පත ඇසුරෙන්


    http://theceylon.net/%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%9A-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8/
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ


    එම කාමර හයම ජනපති වෙනුවෙන් වෙන්කිරීමට නියමිතව තිබිණි. "BORU DANNA EPA YAKO, THILANGAYA MY3GE CONTRACT EKA ELATAMA KARANAWA...!!!"

    වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එය ජනපති වෙනුවෙන් වෙන්නොකරන ලෙස කර ඇති ඉල්ලීමට අනුව:lol::lol::lol::lol::lol::lol::lol: "PAKA THAMAI, MU DEEPU LOKU TALKS OKKOMA BORU WELA EWRAI,MUGE PUTHA YANNETH DAN PSD EKE GUARD EKATH EKKA BENZ G63 EKAKA, ANE HUKE...
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura


    එම කාමර හයම ජනපති වෙනුවෙන් වෙන්කිරීමට නියමිතව තිබිණි. "BORU DANNA EPA YAKO, THILANGAYA MY3GE CONTRACT EKA ELATAMA KARANAWA...!!!"

    වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එය ජනපති වෙනුවෙන් වෙන්නොකරන ලෙස කර ඇති ඉල්ලීමට අනුව:lol::lol::lol::lol::lol::lol::lol: "PAKA THAMAI, MU DEEPU LOKU TALKS OKKOMA BORU WELA EWRAI,MUGE PUTHA YANNETH DAN PSD EKE GUARD EKATH EKKA BENZ G63 EKAKA, ANE HUKE...
    ඊලඟ පාර කෙලින්ම දෙනවා අනිත් පැත්තට කියන්නෙ ඔය වෙලාවට තමා. මුළු සින්දුවම අහන්න ඕන වැඩේ හරියට තේරෙන්න නම්. :)
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කවුද දැං බොලාට කීවෙ නෙළුම් කුළුන තමා දකුණු ආසියාවෙං උසම කියලා?
    ඕක තාම හදලා ඉවර නෑ නෙ.​