නේපාලයේ ගුර්කා
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ ඓතිහාසික හමුවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි.
සිංගප්පූරු රජය ඒ වෙනුවෙන් නේපාලයේ ‘ගුර්කා’ විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ සහාය ලබා ගත් බව මේ වනවිට අනාවරණය වී ඇත. ඩොනල්ඞ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර පැවැති හමුව සැලකෙන්නේ සියවසේ සිදුවුණු මහා දේශපාලන පෙරැළිය කියාය.
සමුළුවට ආරක්ෂාව ලබා දීම සිංගප්පූරු රජයේ ආරක්ෂක අංශවලට තනිවම කළ නොහැකි දෙයක් විය. ඔවුන් ‘ගුර්කා’ සෙබළුන්ගේ සහාය ලබා ගැනුනේ ඒ අනුවය.
‘ගුර්කා’ අළු පැහැති වෙඩි නොවදින සන්නාහයකින් සැරැසී සිටී. ඔවුන් සන්නද්ධ වී සිටින්නේ ස්වයංක්‍රීය ගිනි අවිවලිනි. ගුර්කා සෙබළුන් පමණක් නොව, ට්‍රම්ප් සහ කිම් හමුව වෙනුවෙන්, පොලිස් නිලධාරීන්ගේ සහාය ද සිංගප්පූරු රජය විසින් ලබා ගෙන ඇත.
‘ගුර්කා’ ආරක්ෂක බළඇණිය සඳහා බඳවා ගැනෙන්නේ නේපාලයේ ජවයෙන් පිරුණු තරුණයන්ය. ට්‍රම්ප් සහ කිම් ජොන් උන් සමුළුව වෙනුවෙන් සිංගප්පූරුවට පැමිණ සිටින ගුර්කා ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ගණන 1,800ක්ක විය.
ජාත්‍යන්තර මට්ටමේ යුද ගැටුම් සහ අරගලවලට ගුර්කා ආරක්ෂක අංඔ මැදිහත් වී ඇත. ඒ, 19 වැනි සියවසේ සිට, බ්‍රිතාන්‍ය හමුදාවේ කොටසක් බවට පත් වීමෙන් පසුවය. සිංගප්පූරුව ගුර්කා ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සේවය ලබා ගැනීම නිරන්තරයෙන් සිදුවෙයි. ඊට හේතුව සිංගප්පූරුව අතීතයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ නිසාය.
ගුර්කා සෙබළු තවමත් ඔවුන්ගේ සම්ප්රදාය ලෙස ‘කුක්රි’ යන නමින් හැඳින්වෙන් දිගු නැමුණු පිහියක් ද ළඟ තබා ගෙන සිටිති. අතීතයේ නම්, ගුර්කා සෙබළකු මෙම ‘කුක්රි’ පිහිය අතට ගත්තොත්, ඔහු නිසැක වශයෙන්ම ලේ සෙලවීමක් කරනු ඇතැයි යන කියමනක් පැවැතිණි.
ගුර්කලා ගැන තවත් විස්තර -
https://www.bbc.com/news/uk-10782099
https://en.wikipedia.org/wiki/Gurkha
Source - http://middleeast.lankadeepa.lk/2/%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A---%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E2%80%98%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E2%80%99/2-6163

Last edited: