නේපාලයේ මිනීමරු කුලවාදය

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43

    කුල බේදය යනු ඈත අතීතයේ සිටම මිනිසුන් අතර පවතින තවමත් නොනිමි සංකල්පයකි. දඹදිව පහළ වූ බුදු පියාණන් වහන්සේ මේ කුල බේදය නම්වූ කාල්පනික මිනිස් බෙදීම බැහැර කළ යුතු බව සිය දහම ඇසුරෙන් කදිමට පැහැදිලි කොට ඇති සේක. බුදුන් වහන්සේ සජීවීව වැඩ සිට දැන් අවුරුදු දහස් ගණනක් ගෙවී ගොස් ඇතත් අදටත් දියුණුයැයි සම්මත ලෝක මිනිස් සමාජයේ බොහෝ තැන්වල කුල බේදයේ අමිහිරි ප්‍රතිඵල අසන්නට දකින්ට ලැබීම කනගාටුවට කරුණකි.

    නේපාල දේශයේ දකුණු දෙසින් වාර්තා වන්නේ කුල බේදය නිසා අසන්නට ලැබෙන දුක්මුසු පුවතකි. ඒ අද (මැයි 31 වැනිදා)ට දින හතකට පෙර (මැයි මස 24දා) වාර්තා වූ මරණ සම්බන්ධයෙනි.

    'ඩලිට්' නමින් හැඳින්වෙන කුලයට අයත් නවරාජ් සහ ටිකා රාම් යන දෙදෙනාගේ මළ සිරුරු සොයා ගෙන ඇත්තේ බ්හෙරි නදී ඉවුරේදීය. ගනේෂ්, සන්දීප් සහ ලෝකෙන්ද්‍ර යන තිදෙනාගේ මළ සිරුරු සොයා ගන්නට ලැබී ඇත්තේ පසුවය. ගෝවින්ද සෂී නමැති තරුණයා ගැන තවමත් තොරතුරක්වත් සොයා ගෙන නැත.

    මේ යෞවනයන්ගේ මරණ සහ අතුරුදහන් වීමේ පිටුපස ඇති සැබෑ හේතුව කුමක් ද? ඇතැම් විට ඔබ එකවර විශ්වාසයට ගන්නට මැලි වේවි .එහෙත් ඇත්ත එයයි.
    මේ විනාශයට මුල්වී ඇත්තේ නොගැළපේයැයි සම්මත කුල දෙකක තරුණයකු සහ තරුණියක අතර ඇති වූ පෙම් සබඳතාවයි.

    නවරාජ් විසිඑක් වියැතිය. ඔහු දකුණු දිග නේපාලයේ ජජර්කොට් ප්‍රදේශයේය. ඔහු ඩලිට් කුලයේ පවුලකට අයත්ය. ඔහුගේ ආදරය හිමි කරගත් යෞවනිය දහහත්වැනි වියේය. ඇය සුෂ්මාය ඇය අයත් වන්නේ සමාජයේ උසස්යැයි සම්මත කුලයකටය.

    කුල දෙක අතර පවතින සමාජ සම්මත නොගැළපීම නිසා සුෂ්මාගේ පාර්ශවයෙන් නවරාජ් ඇතුළු මුළු පවුලටම අවවාද කැරුනේ මේ සම්බන්ධය නතර කර දමන ලෙසයි.

    සුෂ්මාගේ වැඩිහිටියන්ට අවශ්‍ය වූයේ සුෂ්මා තම කුලයේම තරුණයකු හා විවාහවනු දැකීමටයි. එහෙත් සුෂ්මා ඊට අකමැතිවූ නිසා ඇය නවරාජ්ට අවධාරණයෙන් දන්වා සිටියේ එවැනි විවාහයක් සිදු වීමට ඉඩ නොතබා තමාව ඒ තත්ත්වයෙන් මුදා ගන්නා ලෙසයි.

    සිය පෙම්වතියගේ ඉල්ලා සිටීම පිළිගත් නවරාජ් ඒ සඳහා පියවර ගත්තේ මැයි මස විසිතුන්වැනිදා රාත්‍රියේය. ඔහු සිය 'මෙහෙයුම' සඳහා පැමිණියේ සිය මිතුරන් දහඅට දෙනෙකු සමගය. ඔහුගේ වෑයම වූයේ සුෂ්මා හා සමග රහසින් ‘පැන යන්නටය'.


    පැන යම සිදු වූවත් එය එසේ නොවූයේ රහසින් නොවීය. සුෂ්මාගේ ගම් ප්‍රදේශය වූ සෝටි වෙත පැමිණි තරුණ පිරිස මුහුණ දුන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තත්ත්වයකටය. ඔවුන්ට සුෂ්මාගේ පාර්ශවයෙන් එල්ල වූයේ බලවත් තර්ජනයකි. ඔවුන් පලවා හරිනු ලැබීය. පලවා හරිමින් පහර දෙනු ලැබීය.

    නවරාජ්ගේ සහායට පැමිණි මිතුරු පිරිසෙන් බොහෝ දෙනෙකු ඒ තාඩන පීඩනවලින් ගැලවුණේ අසලවූ නදියට පැන පීනා යාමෙනි. එහෙත් නවරාජ් ඇතුළු කිහිප දෙනෙකුටම බේරී යාමට ඉඩක් ලැබුණේ නැත. ඔවුන්ට හිමි වූයේ බලාපොරොත්තු රහිත වෙලාවක ආ මරණය පිළිගැනීමටය. එක මිතුරකු තවමත් අතුරුදන්ය. බේරීගත් පිරිස පොලිස් ස්ථානයට වාර්තා කිරීමෙන් පසු මුදා හරිනු ලැබ ඇත.
    මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ ඩලිටි වංශිකයන් නේපාල රජයට බල කර සිටින්නේ මිනීමරු කල්ලිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

    නේපාලය යනු බුදුන් උපන් දේශයයි. තිලෝගුරු බුදු පියාණන් යනු කුල වාදයට එරෙහිව දේශනා කළ එසේම කුල හීනයැයි සම්මත පිරිස් තම ශාසනයට සම්බන්ධ කර ගනිමින් කුල වාදය යන අදහස තුරන් කරන්නට ප්‍රායෝගිකව ක්‍රිියා කළ ශාස්තෘන් වහන්සේය.


    එවැනි උතුම් දහමක් ඇති රටක තවමත් මෙවැනි ම්ලේච්ඡ වාතාවරණයක් පැවතීම ඇත්තටම කනගාටුවට කරුණක් නොවන්නේ ද?
    (විදෙස් පුවත් ඇසුරිනි.)

    www.athuranmusic.blogspot.com
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක මේ බුදු දහමට ගරහන්ඩ ලියපු එකක් කියලයි මට නම් පේන්නෙ, නේපාලෙ බෞද්ධයො අඩුයි, ගොඩක් ඉන්නෙ හින්දු..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේක මේ බුදු දහමට ගරහන්ඩ ලියපු එකක් කියලයි මට නම් පේන්නෙ, නේපාලෙ බෞද්ධයො අඩුයි, ගොඩක් ඉන්නෙ හින්දු..

    විමල්ගෙ බෙට්ට පේන්නෙ චෛත්‍යයක් වගේද
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    meheth sasane athule wenasak na..budu hamuduruwo kulawade pitu dakkata dan samahara pansal wala inna bamuno ehema na,

     
    • Like
    Reactions: Mewan_Rose

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක මේ බුදු දහමට ගරහන්ඩ ලියපු එකක් කියලයි මට නම් පේන්නෙ, නේපාලෙ බෞද්ධයො අඩුයි, ගොඩක් ඉන්නෙ හින්දු..

    හින්දු වැඩ්යි තමයි එත් ....මේ සීන් ඇත්ත බන්..මගේ යාලුවෙක් ඉන්නවා නේපාල් හින්දු ...බැන්දේ Buddhist වෙන කුලෙක girl කෙනෙක්....පිට රටක ඉඳලත් පුදුම දුකක් වින්දේ බන්දිනකන්...,..මට හිතෙන විදිහට ඉන්දියාවට වැඩිය කුල බෙදේ වැඩියි නේපාලේ
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,236
    113
    Gotham City
    බෞද්ධයො අඩුයි නෙපාලෙ.
    හින්දු තමා වැඩිම.
    ප්‍රතිශතය විදියට ගත්තොත් 81.3 % යි
    ඉන්දියාවෙ ප්‍රතිශතය 79.8% යි .

    නෙපාලය ඉන්දියාව සහ භූතානය ඇරුනාම අනික් රටවල් වල හින්දු උන් කියලා ඉන්නෙ
    ඔය ඉන්දියාව නෙපාලය වගෙ රටවල් වලින් සංක්‍රමණය වෙච්ච උන් .
    හින්දු ආගමෙ කුල භෙදය සහ බිලි පූජාවල් වගෙ ගොන් ආතල් තමා තියෙන්නෙ.