නේපාල භූමිකම්පා විපත හා ලංකාවට භූමිකම්පා

May_Be_Baby

Member
May 29, 2015
13
4
0
Japan
නේපාල භූමිකම්පා විපත හා ලංකාවට භූමිකම්පා


නේපාල භූමිකම්පා විපත හා ලංකාවට භූමිකම්පා/සුනාමි අවදානම් කතාබහ අස්සේ හොර විද්‍යාඥයෝ යලිත් වැඩ අල්ලති.


:lol::lol::lol::lol::lol::lol::lol:



නේපාලයේ සිදුවූ දැවැන්ත භූකම්පණය හා ඊට පසු ඇතිවූ ප්‍රභල පසු-කම්පණයත් නිසා දකුණු ආසියාතිකරයේ විශේෂයෙන්ම ලංකාවට බලපෑහැකි භූ කම්පණ පිලිබඳ විවිධ කථාබහ හා විද්වත් සංවාද මේ දිනවල පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යවල දකින්නට ලැබෙනව.

මින් බොහෝ සංවාද හරවත් විද්වත් සංවාද අතරට ගැනිය හැකියි. ඒ අතරට මේ ඉරිදා (මැයි 17) මව්බිම පුවත්පතේ මහාචාර්ය සී.බී දිසානායකයන් සමග ඉතා ප්‍රයෝජනවත් සාකච්ඡාවක් පලවී ඇත. මහාචාර්ය සී.බී දිසානායක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥයෙකු වන අතර මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ශවරයාද වේ. එතුමාගේ ශාස්ත්‍රීය පරිචය පිලිබඳව සංශිප්ත සටහනක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා පීඨයේ වෙබ් පුටුවක දැක්වේ. එතුමා ලංකාවේ විද්‍යා අධ්‍යපනයට හ විද්‍යා ක්ශේස්ත්‍රයට සිදුකරන ලද සේවාව අගැයිම පිණිස "විද්‍යා ජෝති" සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය විද්‍යාඥයෙකුද වනවා.

මහාචාර්ය සී.බී දිසානායක විදුදරයානන්ගේ සාකච්ඡාව සංශිප්තව සටහන් කරන්නේ නම්; ලංකාව ඉන්දු-ඔස්ට්‍රේලියානු තලයේ (Indo-Australian plate) මධ්‍යයේ පිහිටි නිසා ලංකාවට විශාල භූමිකම්පා අණතුරු සිදුවිය නොහැකි බවට ප්‍රධන ධාරවේ භූවිද්‍යාඥයින් පලකරන මතය මහාචාර්යතුමා ප්‍රතික්ශේප කරයි. ඔහු පවසන අන්දමට, ඔහු විසින් සිදුකරන ලද පර්යේෂණවලදී ලංකාව ආසන්නයේ සිට ඉන්දුනීසියාව දක්වා නව භූතලයක් නිර්මාණය වෙමින් තිබෙන බව තහවුරුවී තිබෙනවා. මෙම භූතලයේ නිර්මාණයවීමේ ක්‍රියාවලියේදී විශාල භූ චලන සිදුවිය හැකි බවත් එමගින් ලංකාවේ නැගෙනහිර හා ගිණිකොන දිග ප්‍රදේශවලට සුනාමි අණතුරක් ඇති බවත් ඔහු අණතුරු අඟවනවා. මෑත දිනයකදී බදුල්ලේ ඇතිවූ නාය යෑමද භූ චලනයක් නිසා වන්නට ඇතිබවට ඔහු අනුමාන කරනව.

ඉතිහාස කරුණු ගෙනහැර දක්වන මහාචාර්ය දිසානායක, 1614දී, මෙරට පෘතුග්‍රීසි පාලනයට නතුව තිබියදී ලංකාවට දරුණු භූමිකම්පාවක් ඇතිවූ බව පවසනව. මේ පිලිබඳව ලිඛිත සටහන් ලංකාවේ නොමැති වුවත් පෘතුගාලයේ ආරක්ශාවී ඇති ලේඛණවලට අනුව, ලංකාවේ සිදුවූ දරුණු භූමිකම්පාව පිලිබඳව මෙහි පෘතුග්‍රීසි පාලකයින් විසින් පෘතුගාලයට සවිස්තරාත්මකව වාර්තා යවා තිබෙනවා.

සාකච්ඡාව අවසන් කරමින් මහාචාර්ය තුමා පවසන ඉතා වටින අදහස් දකුණු පස ඇති උපුටාදැක්වීමේ සටහන් වෙනවා. ඔහු පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ ලංකාවට භූමිකම්පා අණතුරක් ඇති නමුත්, එය සිදුවන දින වකවානු කියන්නට හැකි තාක්ශණයක් තවමත් බිහිවී නැති බවත් සිදුකල හැක්කේ සූදානමින් සිටීම බවත් පවසනවා.

විද්‍යාජෝති සම්මානයෙන් හා තවත් සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් නම් විශිෂ්ඨ සරසවියෙන් භූ විද්‍යාව පිලිබඳව ආචාර්ය උපාධියක් ලැබූ මහාචාර්යවරයෙකු පැහැදිලිවම, භූ චලන පිලිබඳ අනවැකි කිව නොහැකි බව පවසන විද්වත් සාකච්ඡාවක් පලවන ලිපියක, එම ලිපියේ හරය මඩ කරන්නටදෝ මෙන්, මවුබිම සංස්කාරකවරුන් තවත් "භූ විද්‍යා පර්යේෂකයෙකු" ලෙස හඳුන්වාදෙන පුද්ගලයෙකුගේ ප්‍රකාශයක්ද එම විද්වත් ලිපියට ඔබ්බවා තිබෙනවා.


සම්පූර්ණ නම පලකොට තිබූ නිසා එම පුද්ගලයා පිලිබඳව යම් සොයා බැලීමක් කරන්නට ගූගල් පිරික්සුම් ගණනාවක් සිදුකලද ඔහු කුමන ආකරයක භූවිද්‍යා පර්යේෂකයෙකුද, ඔහු භූවිද්‍යාව පිලිබඳව උපාධිය ලබාගත්තේ කුමන විශ්වවිද්‍යාලයෙන්ද, ඔහුගේ පරියේෂණ හෝ පර්යේෂණ පත්‍රිකා පලවී ඇත්තේ කුමන ශාස්ත්‍රීය ප්‍රකාශනවලද යන්න පිලිබඳවත් සොයාගැනීමට නොහැකිවිය.

මෙම ලිපිය සම්පාදනය කල හා එය සංස්ක්කරණය කල උගත් මාධ්‍යවේදීන් මෙම පුද්ගලයාගේ අධ්‍යාපන සුදුසුකම් හා ඔහු කරනා ප්‍රකාශ / අනාවැකි සිදුකිරීමට තරම් ඔහුට මෙම විශය පිලිබඳව පරිචයක් ඇතිදැයි සොයා බැලුවාද යන්න පිලිබඳව බරපතල සැකයක් විචාර බුද්ධියෙන් ඔහු ප්‍රකාශකරන කරුණු සලකා බලන විට ඇතිවේ.

ඔහුගේ ප්‍රකාශ හ අණාවැකි සැකෙවින් මෙසේය;

1] නේපාලයේ භූමිකම්පාව පිලිබඳව 2001දී ඔහු අණාවැකි පලකලේය. ඒවා මාධ්‍යවලද පලවිය (කුමන මාධ්‍යවලට, දිනය කවදාද යන්න පැහැදිලි නැත - නැතිනම් ඒ පිලිබඳව සොයාබැලීමක් කල හැකිව තිබුණි)

2] ඉදිරි මාස තුනේදී ඉන්දියාවේ තවත් භූකම්පන තුනක් ඇතිවනව. ඒ කත්මන්ඩු නුවර සිට කිලෝ මීටර් 300ක් ඈතින්. ජීවිත හානි සිදුවනවා.

3] ඉන් පසු උදාවන මාස තුනේ ලංකාවේ භූ කම්පණ දෙකක් වනවා. එහි ලක්ශණ මට පර්යේෂණ කරද්දී හමුවුනා.

ඉන්පසු මෙම "භූවිද්‍යා පර්යේෂකයා" තමා පර්යේෂණය සිදුකල අකාරය ඉතා මනරම්ව විස්තර කෙරෙනවා. මෙය මේ රටේ විද්‍යාඥයින්ට මෙන්ම විද්‍යාව හදාරන දහස්ගණන් සිසුසිසුවියන්ට මහානර්ඝ පාඩමක් වනු ඇති.

1] පිදුරුතලාගල කන්දෙයි ඉන්දියාවේ හිමාල කන්දෙයි පස් සාම්පල් ගත්තා
2] ඒවාට කෙමිකල් ජාති තුනක් මිශ්‍රකලා
3] වෛද්‍යවරුන් භාවිතා කරන වෙද නලාවක් අරගෙනයි පර්යේෂණය සිදුකලේ
4] පාන්දර 1-3 අතර කාලයේ පරික්ශාකරද්දී පස් සාම්පල් වලින් ඝෝෂාවක් ආවා

කොතරම් සිම්පල්ද? කෝටි ගණන් වියදම් කරමින් කවදා කොයි මොහොතේදී කැලිෆෝනියාව සුන්නද්ධූලිවී යන්නට දැවැන්තම භූමිකම්පාව (කැලිෆෝනියා වැසියන් මෙය The Big One යනුවෙන් හඳුන්වයි ) ඇතිවේදැයි දිවාරෑ පර්යේෂණ කරන ඇමරිකානු භූවිද්‍යා සමීක්ශණායතනයත් (United States Geological Survey), හැමදෑම භූමිකම්පා ඇතිවන ජපානයේ භූවිද්‍යා ආයතනයටත් (Geological Survey of Japan), ඉන්දියාවේ භූවිද්‍යා කට්ටියටත් දැන් ඉතින් බයවෙන්නට දෙයක් නැත. පස් සාම්පල් දෙකක් අරගෙන, කෙමිකල් දෙකක් මික්ස් කරලා පාන්දර එකට දෙකට වෙදනලාවක් තිබ්බානම් ද බිග් වන්, ස්මෝල් වන් ඔය ඔක්කොම එන වෙලාවල් දැනගන්නට පුලුවන. පේරාදේණියේ අපේ මහාචාර්යතුමා දන්න කෙහෙල්මලක් නැතිබව දැන් පැහැදිලිය.

කෙසේවෙතත් මැදියම් රැයේ ශබ්ද නෑසිය යුතු තැන්වලින් ශබ්ද ඇසෙන්නේ නම්, එය භූමිකම්පාවක අනාවැකියක්ද නැතහොත් මානසික රෝගයක ලක්ශණයක්දැයි සිතා බැලිය යුතුමය.

සැබවින්ම මෙම කතා කියවන විට මේ රටේ සමහර දේවල් ගැන ඇතිවෙන්නේ මහත් දුකකි. මේවා කියවන පාසැල් දරුවන් සමහර විට පේරාදෙණියේ ආචාර්යතුමා කියනදේට වඩා මේ පුද්ගලයා කියනදේවල් විශ්වාස කරන්නට ඉඩ තිබේ. මහාචාර්යවරය කරන්නට බැරියයි කියන අනාවැකි මොහු මහත් විශ්වාසයෙන් කරන බැවිනි. දරුවන්ට වඩා වැඩිහිටියන් මේවා විශ්වාස කරනු ඇත.

ව්‍යාජ විද්‍යාඥයින්ට (pseudo-scientists), දෙවියන්ගේ උපදෙස් මත විද්‍යාත්මක පරියේෂණ කරන්නන්ට, දෙවියන්ගේ වට්ටෝරුවලින් කැඳ සාදා ලොකු ගණන්වලට විකුණන ජාවාරම්කාරයින්ට, සාස්තර කාරයන්ට, මන්තර කාරයින්ට අද මේ රටේ ඇත්තේ පුදුම පිලිගැනීමකි. යක්ශ දෝෂයක් යවන්නට යයි කියමින් එක් තිරිසන් යකැදුරෙකු පාසැල් දැරියකගේ කකුල් දෙකම රත්වූ යකඩයකින් පුලුස්සා ඇත. ඒ දරුවාට අද ඇවිදින්නට බැරිය. ගුරුවරයෙකු පහරක් ගැසූවිට ගුරුවරුන් රිමාන්ඩ් කරන රටේ මේ තිරිසන් යකැදුරා මෙන්ම ඒ මාන්සික රෝගියාට තම අසරණ දරුවා ගේ කකුල් පුච්චන්නට ඉඩදී බලාසිටි අමන දෙමව්පියන්ද අද තවමත් නිදැල්ලේය.

පොලීසියට ඕවා බලන්නට වෙලාවක් නැත. ළමාරක්ශක අධිකාරියද ගුරුවරයෙකු ළමයෙකුට ගැසුවොත් දුවගෙන ගොස් ගුරුවරයා/ගුරුවරියට නඩු දමයි (ආචාර්යවරයෙකු වන මම දරුවන්ට ශාරීරික හා මානසික දඬුවම් දීම තරයේ ප්‍රතික්ශේප කරන බව මෙහි සටහන් කරතබමි) එහෙත් මේවා ගැන පත්තර වලින් හෝ දැනගෙන හොයා බලන්නට සීත කාමරවල ඉන්නා ළමා අධිකාරියේ විශේෂඥයින්ට වෙලාවක් නැත. පැමිණිල්ලක් එන්ටම ඕනෑය. ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටිමින් ඩොලර් ගෙන්නා ගන්න ඇන්.ජී.ඕ නඩයටද උවමනාවක් නැත. ඩොලර් කුට්ටියක් ගෙන්නා ගන්නට පුලුවන් ප්‍රොජෙක්ට් එකක් නොවෙයිනේ අසරණ දරුවෙකු අබ්බගාතයෙකු කල උමතු මන්තරකාරයෙක්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරවන්නට යෑම. අර දරුවා සදාකාලික අබ්බගාතයෙකු වනු ඇත. උමතු කට්ටඩියා තව ටික කාලයක් වහන්වී සිට උණුහුම පහවගිය පසු යලිත් කට්ටඩිකමේ නිරතවනු ඇත.

ව්‍යාජ විද්‍යාඥයින්ද එසේය. මීට කලින් 2004 වසරේ සුනාමිය පැමිණි විටද හිමාල කන්දේ පස්, පිදුරුතලාගල කන්දේ පස් පරික්ශාකොට තවත් සුනාමියක් එනබව මාධ්‍යවලට පවස රටම බියවැද්දූ පර්යේශකයෙකු ගැනද යාන්තමට මතකයක් ඇත. ඒ පර්යේශකය හා මේ පර්යේශකයා දෙදෙනෙකුද, එක්කෙනුකුද යන්න දන්නේ ඔහු පමණකි.

Source
Code:
http://vidya-gaweshana.blogspot.com.tr/2015/05/blog-post_16.html
 
  • Like
Reactions: GuneBhai

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    1Untitled.png


    nodakin
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    මිනිස්සු අමාරුවෙ දානවා. ඔය වගේම තව කොට්ටාශයක් ඉන්නවා.

    සමහර මෝඩ පත්තරකරයින් සහ අන්තර්ජාලයේ තියෙන පදනමක් නැති දේවල් කිසිම සොයා බැලීමකින් තොරව facebook සහ එළකිරි වගේ තැන්වල දමන උදවිය
     

    Similar threads