නොකළ හොරකමකට දරුවෙකුට අත කපාගන්න කියූ බද&#3540

May 25, 2018
43
18
0
නොකළ හොරකමකට දරුවෙකුට අත කපාගන්න කියූ බද&#3540

2GCFPEr.jpg



බදුල්ල ප්‍රදේශයේ සෙල්ලම් බඩු වෙළඳසැලකදී නොකළ හොරකමකට චෝදනා කරමින් කුඩා දරුවන් දෙදෙනෙකුට පිහියක් ලබාදී අත කපාගන්නට සැලැස්වූ අදාල වෙළඳසල් හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල ප්‍රදේශයේ මෙම වෙලන්දසල ප්‍රසිද්ධව ඇත්තේ 30 කඩය ලෙසය. රුපියල් 30 සිට මිලදී ගත හැකි සෙල්ලම් බදු එහි ඇති නිසා නිරන්තරයෙන් කුඩා දරුවන් එම වෙළඳසලට පැමිණ තිබෙනවා.

පසුගිය සෙනසුරාදා 13 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙක් සෙල්ලම් බඩු මිලදී ගැනීම සඳහා මෙම වෙළඳසලට පැමිණ තිබෙනවා. ඒ මොහොතේ එහි කිසියම් කලබලකාරී තත්වයක් ඇති වී ඇති අතර
එයට හේතු වූ ඇත්තේ අදාල මුස්ලිම් වෙළඳසල් හිමියාගේ ජංගම දුරකථනය අස්ථානගත වීමයි. මෙයින් කෝපයට පත්වූ හිමිකරු සහ සේවකයින් අදාල දරුවන් දෙදෙනා සැක කරමින්
ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

මෙහිදී ඔවුන් ජංගම දුරකථනය සොරකම් කර බව පිළිගන්නා ලෙස චෝදනා කරමින් දරුවන් බිය ගන්වා ඇති අතර දරුවන් හඬමින් පවසා ඇත්තේ ඔවුන් එය නොගත් බවයි.
කෙසේවෙතත් දැඩි කෝපයට පත්ව සිටි වෙළඳසල් හිමිකරු දරුවන් දෙදෙනා ඉහල මාලයට රැගෙන ගොස් ඇති අතර "ඇත්ත කියපල්ලා....නැත්නම් මේකෙන් පහලට තල්ලු කරනවා"
යනුවෙන් දරුවන් බියගන්ව ඇත. දරුවන් වරද පිළිනොගැනීම හේතුවෙන් අදාල හිමිකරු දරුවන් අතට පිහියක් දෙමින් පවසා ඇත්තේ ජංගම දුරකථනය සොරකම් කලේ නැත්නම් එය ඔප්පු කිරීමට අත
කපාගන්නා ලෙසයි.

මෙහිදී බියට පත් එක් දරුවෙක් අත කපාගෙන ඇති අතර කැපී ඇත්තේ අතේ ප්‍රධාන නහරයකි. පසුව දරුවා කලාන්ත වී ඇති අතර බියට පත් හිමිකරු සේවකයින් හා එක්ව
දරුවා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. එහිදී දරුවා සැත්කමකට භාජනය කර ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ එය සුව වීමට කාලයක් ගත වනු ඇති බවයි.

දරුවා රෝහල්ගත කිරීමෙන් අනතුරුව අදාල හිමිකරු පොලිසියට පැමිණිලි කර ඇත්තේ දරුවා සිය කැමැත්තෙන් අත කපාගත් පවසමින්. කෙසේවෙතත් පසුව දරුවාගේ
දෙමව්පියන් කරන ලද පැමිණිල්ලකට අනුව අදාල වෙළඳසල් හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


QEpFD03.jpg
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕවට කතා කලොත් සහජීවනෙට බාධා වෙනව. ඔව්.

    ඕවා හිතින් හදාගත්තු ලෙඩ...
    අපරාධ වලට විරුද්ධව කතා කරන්න...

    ඔය වාක්‍යත් අර"පුන්චි පවුල රත්තරන්" වගේ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සිංහල එකෙක් නම් කඩේටත් ගහල පාර දිගේ ඇදගෙන ගිහින් පොලිසියට අරන් යන්නේ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිංහල එකෙක් නම් කඩේටත් ගහල පාර දිගේ ඇදගෙන ගිහින් පොලිසියට අරන් යන්නේ


    හුනා කිව්වා වගේ කියන්නාක් ඕක දවස් දෙකෙන් ඇප අරන් එලියට එයි බලපන් නැද්ද කියල :dull:

    කොනලස් නම් ඕන කුපාඩි වැඩක් කරලා එළියේ ඉන්න පුළුවන් රටක් මේක :dull::angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ubata pissuda bn
    sinhala unge hati dan nadda
    tawa dawas 2 katha karai oka gana

    හෘද සාක්ෂිය තියෙන පොලිස් කාරයෙක්වත් නැති වෙයිද... ඒ දරුවගේ වැඩිහිටියෝ අතාරින එක්ක නෑ :(
    එදා වේල කන්න නැත්ද දන්නේත් නෑ