මම හිතන්නේ බුදු දහමේ නැවත නැවත ඉපදීම ගැන දන්නෙත් නැතුව, කර්මය ඵල දෙන කාලය ගැන නොදැන කියපු කතාවක්.
මම හිතන්නේ බුදු දහමේ නැවත නැවත ඉපදීම ගැන දන්නෙත් නැතුව, කර්මය ඵල දෙන කාලය ගැන නොදැන කියපු කතාවක්.


බුදු දහම ගැන සර්වසම්පූර්ණ දැනුමක් නැතත් නැවත නැවත ඉපදීම ගැන කර්මය ඵල දෙන කාලය ගැන අහලා කියවලා අවබෝධයක් තියනවා.. දිට්ට ධම්ම් වේදනීය කර්ම වගේම අහොසි කර්ම ගැනත් කියව්ලා අහලා තියනවා... හේතු ඵල ධර්මයෙම කියලා තියනවා හේතුන් 5ක් නිසා දේවල් සිදුවෙනවා කියලා.. කර්ම කියන්නේ එක හේතුවක්.. පත්තරයක්ට හාමුදුරු කෙනෙක් කාලෙකට කලින් ලියපු ලිපියකින් තමා මමත් ඒ ගැන මුලින් ම ඇහුවේ... ඒකේ ඵල නෙදෙන කර්ම ගැන සඳහනක් තිබුනා.. පින් වගේම පව්ත්.. ඒවා වර්ගයක් නෙවි.. සමහරවිට අපිකරන පිනක් හෝ පවක් එහි කර්මය විපාක නොදෙන්නට පුලුවන්.. පෙර කල කුසලයක් හෝ අකුසලයක් නිසාවෙන්.. තව හේතු තියෙන්න පුලුවන්... ධර්මය ගැඹුරින් හැදෑරූ කෙනෙකුට මේක හොඳට පැහැදිලි කරන්න පුලුවන් වෙයි... මම නම ඒ තරම දුරට දන්නේ නෑ....

මම හිතන්නේ බුදු දහමේ නැවත නැවත ඉපදීම ගැන දන්නෙත් නැතුව, කර්මය ඵල දෙන කාලය ගැන නොදැන කියපු කතාවක්.



උබ බෞද්ධයෙක් නොවී මෙච්චර දෙයක් ගැන දන්න එක ගැන සතුටුයි
මටත් ලොකු දැනුමක් නෑ, ඒත් දන්න විදියට කිව්වොත්,,
ප්‍රාණ්ඝාත වගේ බලවත් අකුසලයක්, කුසලයක් කරලා අහෝසි කරගන්න නම් ටිකක් අමාරුවෙයි. අහෝසි කරගන්න හෝ විපාකය අඩු/සීමා කරගන්න තියෙන එකම විදිය තමයි නැවත ඉපදීම නැති කරගන්න එක. උබ අහලා තියෙනවද දන්නේ නෑ අංගුළිමාල ගැන. සෑහෙන්න අපරාධ කරා මිනිස්සු මැරුවා. රහත් උනේ නැත්නම් කල්ප ගානක් අපායේ ඉඳලා ප්‍රේත ආත්මවල ඉඳලා තවත් ආත්ම ගානක් අන් අයගේ පීඩාවට ලක්වෙලා මැරෙන්න තිබ්බා. රහත් උන නිසා ඒ ඔක්කෝම අහෝසි වෙලා. බොහොම සුළු ප්‍රමානයක් ඵල දුන්නා. උදාහරනයකට කිව්වොත් අංගුළිමාල මහ රහතන්වහන්සේ පිඩු සිඟාවඩින්න එලියට වැඩියත් පන්සලට එන්නේ ඔලුවේ ලේ පෙරාගෙනලු. අහක යන ගල් පාරවල් පොලු පාරවල් තමන්ගේ දිශාවට එනවලු. ඉතින් උන්වහන්සේ ඒ ගැන හිතනකොට බුදු හාමුදුරුවො මෙහෙම දේශනා කරාලු, "අංගුලිමාල, ඔබ රැස්කරගත් අකුසල කර්මයන් නිසා ඔබ කල්පගානක් අපායේ දුක් විඳීමට නියමිත වෙලායි හිටියේ, නමුත් ඔබේ වීර්‍යයෙන්ම නැවත් උප්පතිය නැතිකරගත්තු නිසා දැන් ඒ කිසිවක් ඔබට නැහැ. ඔබ මේ අත්දකින්නේ බොහොම සුළු ප්‍රමානයක් විතරයි. එනි නිසා ඒ ගැන හිතලා සතුටුවෙන්න" කියලා දේශනා කරලා තියෙනවා.
මචං.. මම බෞද්ධ.. උපතින්ම... ඒත් හරියට බුදුදහම ඉගනගත්තෙ ලඟදි.. ඒකයි මම කිව්වේ මට සම්පූර්න දැනුම නෑ කියලා..මම උපතින් බෞද්ධ උනාට, දහම් පාසල් ගියාට අපි ගොඩක් ඉගෙන ගන්නේ බෞද්ධ ඉතිහාසය ,බෞද්ධ සිරිත් විරිත් හා කවලම් වුනු හින්දු ආගමික චාරිත්‍ර... පස්සේ අපි එවාට වන්දනා මාන කර කර එවාගෙන් පිහිට බලාපොරොත්තු වෙනවා... මගේ ව්යිෆ් ගෙ සීයා උපතින් කතොලික.. එත් තරුණ වයසෙදිම තේරුම් අරගෙන බුදු දහම වැලඳ ගත්ත කෙනෙක්.. මැරුනෙත් සැබෑම බෞද්ධයෙක් විදියට.. වයිෆ් බැඳලා එනකොට එයාගාව තිබුන සීයාගේ පොත් ටික අරන් ආවා... ඒ අතර තිබුනා 1920 ගනන් වල ලියවුනු බෞද්ධ පොත්.. සමහර ඒ වා ඉංග්‍රීසි... අහම්බෙන් වගේ මම කියවපු එවායෙන් තමයි හරි බුදු දහම මොකද්ද කියලා වැටහුනේ.. එත් මම සේරම දන්නේ නෑ...
මස් වෙලදාමයි අනුබවයයි දෙකක්. ඕක පටල ගන්න එපා. අනික මස් වෙලදාම කියල ශුවර් ද.. මොකද මතක හැටියට නම් ඕක සත්ව වෙලදාම වෙන්න ඕනෙ.තමන්ගේ බඩ ජහරිකම බුද්ධ දේශනාවට අනුගත කරගෙන බුදු හාමුදුරුවො මස් කෑවට කමක් නෑ කියලා දේශනා කරායි කියන එවුන්ට හොඳ උත්තරයක් මෙතන තියෙනවා.
මස් වෙලඳාමත් එපා කියලා දේශනා කරලා තියෙනවා.
තනියම සත්තු මරන්නත් එපා කියලා දේශනා කරලා තියෙනවා.
මස් කන අය කාපල්ලා. ඒකේ ප්‍රශ්නයක් නෑ.
ධර්මය විකෘති කරලා මස් කන අය මීට පස්සෙ, කවුරු හරි නිකන් මස් ටිකක් දුන්නොත් විතරක් කාපල්ලා.![]()
