නොකියාම බැරි නිසා......

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    නොකියාම බැරි නිසා......

    1186770_348715818592226_2108504995_n.jpg


    සිංහල ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජතුමෙක් ලෙස සටහන් ව ඇති දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්කොට ඇති දක්ඛිණ ස්තුපය අසල අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් ඉදිකොට තිබු අතර පුරා
    විද්‍යා නටඹුන් මත ඉදිකර ඇති මෙම පල්ලිය ඉදි කිරීම ලෙස ඔවුන් හේතු දක්වා ඇත්තේ ඔවුන්ගේ පුජකයෙකු එහි එහි වලදමා ඇති බවයි.

    සිංහල රාවය ජාතික සංවිධානය හා ඊට අනුබද්ධ බෞද්ධ ආරක්ෂක පදනම, ධර්මවිජය සමාජය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසකගේ මැදිහත්වීම මත බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය මගින් ලබාගත් නියෝගයක් මගින් මියගිය පුජකයාගේ සොහොන්කොත සහිත පල්ලිය ඉවත්කරන්නට කටයුතු කෙරිනි.

    මෙහිදී එම ස්ථානය වෙත ප්‍රාදේශීය ලේකම් තුමා, අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපති තුමා ආදී පිරිස් ද රැස් වූ අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය මගින් නියෝග කළ පරිදිමෙම ස්ථානය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීම් කළ අතර අවසානයේදී ප්‍රාදේශීය ලේකම් තුමාගෙන් ලද නියෝගය මත මෙම ස්ථානය විනාශ කර දමා බෞද්ධයින්ගේ හදවත වන් අනුරපුර මහමෙව්නා උයන යළි පිරිසිදු භූමියක් බවට පත් කිරීමට හැකිවිය.

    එම ස්ථානයට පැමිණි අනුරාධපුර මහ දිසාපති තුමන් කියා සිටියේ ඉදිරි දින කිහිපය තුලදී එම අපවිත්‍ර භූමිය ඩෝසර් යන්ත්‍රයක් යොදා සම්පූර්ණයෙන්ම පිරිසිදු කර දෙන බවටයි. මේ අවස්ථාවට ගරැතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ විශාල පිරිසක් සහභාගී විය. එම ස්ථානයේ 200කට අධික පොලිස් නිලධාරීන් පිරිසක්ද යොදවා තිබින.


    සිංහල රාවය ජාතික සංවිධානය නිල ෆේස්බුක් පිටුව https://www.facebook.com/sinhalarawayapage
     
    • Like
    Reactions: rx_storm_aight