නොකියූ ආදරේ....
හිත අස්සේ සිරවී.. ඉඟි කරනා..
දහසක් එක් වූ සොඳුරු සිතුම්...
ඉඟියෙන්, බැල්මෙන්, ව්යංගර්ථයෙන්..
එළිවේදෝ යටි හිතේ පැතුම්....
සිහින ලොවේදී තුරුලේ ඉන්නම්...
අසම්මතේ බැමි මුදා සැනින්...
කෝඩුකාර නුඹෙ හිතට වහල් වී...
අප්රකාශිතයි මගේ හැඟුම්....
මතකය ලියලයි පියමැන ආ මග...
නුඹේ රහට ඇඳි සිතුවමකින්...
තණමල්විල ජීවිතයම වාගෙයි...
ඈත් උනත් මනසින් රැඳෙමින්...
හසුනක් මෙලෙසින් ලියා තබන්නම්...
පෙමක් නොගෑවෙන පරිස්සමේන්...
මතු යම් දවසක නුඹෙ දෑගිලි මත...
සිතුවම් වෙන්නම් හිත සතුටින්...
-යශෝ-
හිත අස්සේ සිරවී.. ඉඟි කරනා..
දහසක් එක් වූ සොඳුරු සිතුම්...
ඉඟියෙන්, බැල්මෙන්, ව්යංගර්ථයෙන්..
එළිවේදෝ යටි හිතේ පැතුම්....
සිහින ලොවේදී තුරුලේ ඉන්නම්...
අසම්මතේ බැමි මුදා සැනින්...
කෝඩුකාර නුඹෙ හිතට වහල් වී...
අප්රකාශිතයි මගේ හැඟුම්....
මතකය ලියලයි පියමැන ආ මග...
නුඹේ රහට ඇඳි සිතුවමකින්...
තණමල්විල ජීවිතයම වාගෙයි...
ඈත් උනත් මනසින් රැඳෙමින්...
හසුනක් මෙලෙසින් ලියා තබන්නම්...
පෙමක් නොගෑවෙන පරිස්සමේන්...
මතු යම් දවසක නුඹෙ දෑගිලි මත...
සිතුවම් වෙන්නම් හිත සතුටින්...
-යශෝ-