නොගිලෙන මුහුදක පා වෙවී ඉන්න කැමති ද?

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    නොගිලෙන මුහුදක පා වෙවී ඉන්න කැමති ද?

    නොගිලෙන මුහුදක පා වෙවී ඉන්න කැමති ද?



    මුහුදේ ගිලෙන්නෙ නැතිව පා වෙවී පොතක් කියවන්න ඔබ කැමතිද? ඔන්න එහෙනම් එහෙම තැන් දෙකක් තියෙනවා. එකක් තමා මළ මුහුද. අනෙක මහා ලූණු විල. මේ දෙකේ ම ජලයේ ඇති ලූණුවල ප‍්‍රමාණය ඒ කියන්නෙ ලවණතාව (salinity) ඉතා වැඩියි. ඒ නිසයි ඔබ පාවෙන්නේ. මේ ජලයේ උත්ප්ලාවකතාව (buoyancy), ඒ කියන්නෙ දිය මතුපිට පා වීමේ හැකියාව ඉතා වැඩියි. ඔබ මළ මුහුදට යනවා නම් ඊශ‍්‍රායලයට හෝ ජොර්දානයට යන්න ඕනෑ. ඒ රටවල් දෙක අතරයි, මේ මළ මුහුද තියෙන්නෙ. මුහුදු මට්ටමෙන් මීටර 394ක් පහළිනුයි, මේ මළ මුහුද පිහිටා තියෙන්නෙ. ජොර්දාන් ගංගාව විතරයි මේ මුහුදට වැටෙන්නෙ. මේ මුහුදෙ ලූණු ගතිය වැඩි වෙන්න හේතුව මෙහි ජලය වෙනත් තැනකට ගලා නොයන නිසාත් ඊට ජලය ලැබෙන එකම ගංගාවෙන් එන ජලයත් වාෂ්ප වී යනවා, විලෙහි ලූණු ඉතිරි වෙනවා. අනෙක් ලවණතාව වැඩි විල වූ මහා ලූණු විල පිහිටලා තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයෙයි.
     
    • Like
    Reactions: KingCM