නොදකිං තුමා

Churaliya

Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    නොදකිං තුමා ඡන්ද වැඩ ඉවර කරලා මහන්සියටත් එක්ක දවාලෙම පොඩි ඇලට් එකක් දැම්මා.
    ටික වෙලාවකින් හතර වටෙන්ම සුදුපාට දුමක් මතුවෙනවා උන්දෑ ට යාන්තමට පෙනුනා. හත්තලාමයි න්‍යෂ්ටික බලාගාරයක්වත් පුපුරාලාද ? සිද්දවෙන දේවල්වල හැටියට ඒ වගේ නස්පැත්තියක් වුනත් වෙන්න බැරි නෑ. නොදකිං තුමාට හීන් දාඩිය දැම්මා. ‍කොහොම වුණත් වැඩි වෙලා යන්න කළින් ලංකාවේ න්‍යෂ්ටික බලාගාර නෑ කියලා පොරට ටාර් ගාලා මීටර් වුණා. ඒ වුණත් ඉන්දියන් කාරයො හරි චීන්නු හරි දැනටමත් කොහේ හරි එකක් හදල විවෘත කරන්න එන්න කියයි ද දන්නෙ නෑනේ. කොයි එකටත් සූදානම් ශරීරෙ හොඳයි කියලා පොරට හිතුණා.
    දැන් එන්න එන්න දුම ඝන වෙන්න පටන් ගත්තා. දැන් දුම් වලාව කැටි ගැහෙනවා. කොයි එකටත් දුවන්න බලාගෙන සරමෙත් කොනක් උස්ස ගත්ත නොදකින් තුමා කොයි එකටත් තව චුට්ටක් විපරමක් දාන්න හිතුවා. ටිකෙන් ටික දුම මැද්දට කැටි ගැහිලා රූපයක් හැදුණා. ටිකක් දැකල පුරුදු රූපයක් නිසා නොදකිං තුමා එහෙමම නතර වුණා.
    බය වුණාද කොල්ලො... දුමෙන් හැදුනු රූපය කතා කරන්න පටන් අරගෙන...
    හඬත් පුරුදුයි වගේ... නොදකිං තුමාට මේ කවුද කියලා මීටර් වුණා.
    "අප්පොච්චි...."
    "අප්පොච්චි තමයි... ඉතින් මංම එන්න එපැයි උඹව බලන්න..."
    හත්තලාමයි මැරිච්ච අප්පච්චි ආයිත් ඇවිදින්. අප්පච්චි දැන් ඉන්නේ දිව්‍ය ලෝකෙද ? නොදකිංතුමා ශේප් ප්‍රශ්නයක් දැම්මා.
    "හුහ්.. දිව්‍ය ලෝකෙ...? තොපි වගේ එවුන් හැදුවම කොහොමද බොල දිව්‍යලෝකෙ යන්නේ..? දුම් පොර ඔරොප්පු මූඩ් එකෙන් ඇහුවා.
    "ඒත් ඉතින් දැන් ඉන්න තැනත් නරක නෑ..." ආයෙමත් පොර කූල් ඩවුන් වේගෙන එනවා.
    "උඹලයි අම්මයි මායි දැන් ඉන්නෙ අපායෙ..." අප්පොච්චි ආයෙමත් පරණ ගාම්බීර ටෝන් එකට ආවා.. "එත්.., දැන් අපාය කියලත් වැඩි වෙනසක් නෑ... දිව්‍ය ලෝකෙ වගේම තමයි...." දුම් අප්පොච්චි ආඩම්බරෙන් හිනා වුණා.
    ඒ කිව්වෙ..? අංඤකොරොස්වෙලා හිටපු නොදකිං තුමාත් සක්කයක් දා ගත්තා.
    "උඹලට පිං සිද්ද වෙන්න දැන් මුළු අපායටම ලයිට් තියනවා." නොදකිං අප්පොච්චි සාටකේ අප් කරලා කිව්වා.
    අප්පට සිරි... ආසියාවේ ආශ්චර්යෙ අපායටත් ගිහින් වගේ... නොදකිං තුමා වටපිට බැලුවෙ මීඩියා ‍එකේ ගොබිලෙක්වත් අහල පහලක ඉන්නවද කියලා හෙට පත්තරවල නිව්ස් එකක් දාගන්න.
    ඉතිං උඹලා කරපු සේවය නිසා යම රජ්ජුරුවො මට විශේෂ අවසරයක් දුන්න උඹව දැක බලාගෙන එන්න කියලා... අප්පොච්චි පොර නන්ස්ටොප් කියවනවා.
    ඒ විතරක් නෙවෙයි උඹව එහේ සංචාරෙකට එක්ක එන්න කියලත් උන්දැ කිව්වා. අප්පට සිරි අපායට ටුවර් එකක්...නොදකිං තුමා වටපිට බැලුවේ සනුහරේ කවුද මේ ට්‍රිප් එකට එක්ක යන්නේ කියලා.
    ඒත් දුං අප්පොච්චි නොදකිං තුමාගේ අතින් අල්ල ගත්තා. "නෑ. නෑ. වෙන කවුරුවත් බෑ උඹට විතරයි වීසා තියෙන්නේ." ලොක්කට මල පැනලා වගේ. හතරවටෙන්ම දුං දාන්න ගත්තා.
    නොදකිං තුමාට උත්තරයක් දෙන්න ලැබුනෙ නෑ. මේං පොර දැන් අපායේ. මොනව උනත් නොදකිංතුමා සතුටු වුණේ උද්ඝෝෂණ බෝඩ් උස්සගත්ත එල්.ටී.ටී.ඊ කාරයො දකින්න ලැබුණෙ නැති නිසා. මෙන්න බොලේ අම්මන්ඩිත් ඉන්නවා. උන්දෑ නොදකිං තුමාව බදාගත්තා.
    අපායට ආවත් ඉතිං උඹලා හින්දා අපිට හොඳයි... නොදකිං මෑණියෝ දිග හුස්මක් හෙළුවා.
    ඒත් අපායේ එක පූසෙක් වත් පේන්න හිටියෙ නෑ. හැම තැනම ලයිට් දාලා කානිවල් එකක් වගේ. කටු ඉඹුල දිගටම බල්බ් වැල් එල්ලලා. මුදුනේ ලොකු ෆ්ලෑෂරයකුත් ගහලා.
    "කෝ මේ යම පල්ලො එකෙක්වත් පේන්න නැත්තෙ මොකද...? නොදකිං තුමා නිකමට වගේ ඇහුවා.
    "ආ... අද දිව්‍ය‍ලෝකෙත් එක්ක ඩේ නයිට් මැච් එකනේ. කට්ටියම ඒකට සෙට්වෙලා ඇති..." අප්පච්චි ගානකට නැතිව කිව්වා.
    "මේ ඔක්කොම ඉතිං උඹලා හින්ද තමයි" නොදකිං මෑණියොත් කෑල්ලක් එකතු කළා.
    නොදකිං තුමා ඒ කතාවේ තේරුම මොකක්ද කියලා අහන්න යනකොටම දැක්කා වැටක් දිගටම එක එක හැඩයේ ඔරලෝසු එල්ලලා තියෙනවා.
    අහන්න ආපු ප්‍රශ්නෙ පැත්තකින් තියලා නොදකිං තුමා අ‍ප්පොච්චිගෙන් ඇහුවා..
    "කිරි අප්පොච්චියෙ මොකද බොල මේ තරං ඔරලෝසු" කියලා. ඒ කියන ගමන් උන්දෑ ඒ ඔරලෝසු වලට එබිලා බැලුවා. ඒවා දුවන්නෙ එක එක වේගෙන්. සමහර ඒවායේ කටු වේගෙන් කැරකෙනවා. තවත් සමහර ‍ඒවායෙ කටු වරුවකට හෙළ වෙන්නේ නෑ. ඒ අතරේ මලකඩකාපු නතරවෙච්ච ඒවත් තිබුණා.
    ඔරලෝසුවක් ගල් කරන්න කියලා හිතාගෙන කිට්ටු වුණත් ඒවයෙන් වෙලාව බලන්න බෑ කියලා තේරුණාම පොර තවත් කොර වුණා.
    නොදකිං අප්පච්චි ‍තමංගෙ කොල්ලට මේ ඔරලෝසු ගැන දේශනාවක් දෙන්න සෙට්වුණා.
    ඇත්තටම මේවා ‍ඔරලෝසු කිව්වට ඔරලෝසුම නෙවෙයි බොලං. නරලෝකෙං චුත වෙලා කවුරුහරි ආවොත් එයාගේ නමට මේ යන්තරයක් ඉබේම මෙතැන පහළ වෙනවා. ඉතිං මේ කටු කැරකෙන්නෙ මහ පොලොවෙ ඉන්න අය ඒ කෙනාව මතක් කරන වාර ගානටයි. වැඩි දෙනෙක් මතක් කරනවා නම් මේ කටු වේගෙන් කැරකෙනවා. හුඟක් වෙලාවට කාලයක් යද්දි මැරුණු කෙනාව මහපොලොවෙ කට්ටියට අමතකවෙද්දි ටිකෙන් ටික කැරකිල්ල අඩුවෙලා මේ ගැජට් එක නතර වෙනවා.
    අප්පට සිරි ගජ... නොදකිං තුමාට පුදුම හිතුණා. ඉතිං පොරට ඊළඟට ඕන වුණා අප්පොච්චිගෙයි අම්මගෙයි 'ඔරලෝසු' ගැජට් දෙක බලන්න.
    පොර ඇහැව්වා "කෝ අප්පොච්චිගෙ එක... එතකොට කෝ අම්මගෙ එක...?
    "පොඩ්ඩක් ඉඳපංකො කියනකං..."
    "ඒ දෙකම දැන් මෙතන නෑ... ඒ දෙක වෙනම තැනකට ගෙනිහිං එතැන විදුලි බලාගාරයක් හැදුවනේ..."
    "ඒ මොකද ?" නොදකිං තුමාට ප්‍රශ්න ඉවරයක් නෑ.
    "ඒ මොකොද අහන්නේ... තොපි අයියල මල්ලිලා කරන දේවල්වල හැටියට මුලු ලංකාවෙම එවුං හැමතිස්සෙම මතක්කොරන්නෙ උඹලගේ අම්මයි අප්පයිනේ. ඉතිං ඒ දෙක කැරකෙනවා ඉවරයක් නෑ... ඒ හින්දා ඒක බලාගාරෙට අරං මුං මුළු අපායටම කරන්ටෙක දෙනවා..."
    මේ උත්තරෙන් හොල්මං වෙච්ච නොදකිං තුමා ගැස්සිලා හාන්සි පුටුවෙන් බිමට වැටුණා.
    මොනව උණත් තව කාලයක් යනකං අපායට කරන්ටෙක නං ප්‍රශ්නයක් නොවෙයි කියලා උන්දැ හිතා ගත්තා.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:





     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    පට්ට සිරා කථාව... නොදකිං තුමා ඊයේ අපේ ස්කොලෙට ඇවිත් දේශනය දෙද්දි තව ටිකක් වේගයෙන් කටු කැරකෙන්න ඇති. :P