නොදන්නා අටමගල

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අටමගල කියන වචනෙ ඇහුණ ගමන් ඔළුවට එන්නෙ කොහොම අදහසක්ද? ගොඩක් වෙලාවට, නිතරම කැඩෙන කසිකබල් යන්ත්‍රයක්. වැඩකට නැති, නැතුවත් බැරි දෙයක් හෝ බොහෝ වෙලාවට මොකක් හරි වරදක් තියෙන දෙයක්.

    ඒත් පුරාණයේ අටමඟල කිව්වෙ මීට වඩා වෙනස් දේකට. ඇත්තටම අටමඟල කියන වචනෙ තේරුම “අෂ්ඨ මංගල වස්තු” කියන එකයි. එහෙම බැළුවම වර්තමාන ව්‍යවහාරයේ එන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථකථනයක් නෙ. අපි අතින් ලොකු වැරදීමක් වෙලා වගේ නේද? මංගල කටයුතු, එහෙමත් නැත්නම් සුභ කටයුතු වලදී මෙම අටමඟල අතීතයේදී යොදාගැණුනා වගේම අදටත් භාවිතා වෙනවා. මේ අෂ්ඨ මංගල වස්තු වලට අයත් වෙන්නෙ

    * ස්වස්ථික
    * පුන් කලස්
    * චාමර
    * ප්‍රදීප
    * ඡත්‍ර
    * දර්පණ
    * ශංඛ සහ
    * ශ්‍රී වත්ස යන සලකුණුය

    abhayagri-museum-0012.jpg

    අෂ්ඨ මංගල සංකේත – අභයගිරි කෞතුකාගාරය

    e0b6ade0b6b1e0b78ae0b6ade0b792e0b6bbe0b792e0b6b8e0b6bde0b79a.jpg

    අටමඟල සලකුණු ගල් පුවරුවක කොටා ඇති අයුරු – තන්තිරිමලේ කෞතුකාගරය

    සෙත් ශාන්ති ලඟා කරගැනීම ආදී විශ්වාසයන් හේතුවෙන් අටමඟල යන්ත්‍ර පැලඳීමක් ගැන හින්දු වේදයේ සටහන් වෙනවා. මීට අමතරව ශාන්තිකර්ම, පෙරහැර, විවාහ, නිවෙස් ඉදිකිරීම්, නේත්‍රා මංගල්‍ය ආදී අවස්ථාවන් වලට තමයි සිංහල බෞද්ධයා වැඩිපුරම මෙම සංකේත යොදාගන්නෙ. ඒ වගේම විවිධ අවස්ථාවන් වල අෂ්ඨ මංගල වස්තු හැටියට ගැනෙන සංකේත වෙනස් වන අවස්ථාත් දැකගන්න පුළුවන්. උත්සව අවස්ථාවල සැරසිල්ලක් ලෙසත් යොදාගැනෙන අෂ්ඨ මංගල සලකුණු අප අතර පවතින වැදගත් සංස්කෘතිකාංගයක් ලෙස හැඳින්විය හැකියි.

    මේ අතරම මේ සටහනට එකතු කලයුතු තවත් දෙයක් තියෙනවා. ඒ තමයි අප අද වෙනකොට මේ අෂ්ඨ මංගල වස්තු හැඳින්වෙන “අටමඟල” කියන වචනය අපහාස, උපහාස අවස්ථාවන්ට යොදාගැනීම. මෙහෙම යෙදුම් ව්‍යවහාරයට එකතු වුණේ කොයි කාලෙද? කව්ද පටන් ගත්තෙ? කොහොමද? කොහෙදිද? ….. ප්‍රශ්න ගොඩයි. හරියට බැළුවොත් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ අෂ්ඨ මංගල වස්තු වලට අපිම ගරහනව නේද?

    අපේ දේවල් වලට, අපේ සංස්කෘතියට අපිම ගරහන පළමු හා එකම අවස්ථාව මේක නෙවෙයි. ව්‍යවහාරයෙන් තව ඕනෑ තරම් නිදර්ශන ගෙනහැර දක්වන්න පුළුවන්. අපි ඇයි මේ විදිහට අපේම දේ වලට ගරහන්න පුරුදු වෙන්නෙ? බොහෝ වෙලාවට මේ වචන වල ඇත්ත තේරුම නොදන්නා කම නිසා කොහෙන් හරි ඇහුණම ඒක කියන්න පුරුදු වෙනවා. මේ තත්වය මඟහරවා ගන්න හොඳම ක්‍රමය අපේ සංස්කෘතිකාංග ගැන මනා අවබෝධයක් ලබාගැනීම නේද? මේ ගැන සලකා බැලීම ඇත්තෙන්ම වටිනවා. සිංහලයගෙ සංස්කෘතිය ගැන සිංහලයා මිසක් වෙන කවුරු දැනගන්නද? අපි හැමවිටම අපේ දේ ගැන ඉගෙනගමු. අපේ සංස්කෘතිකාංග වලට ගරහන අවස්ථා හොයා ඒවා නිවැරදි කරන්න අපේ දායකත්වය උපරිමයෙන් ලබා දෙමු


    ආශ්‍රිත :dutugamunu.wordpress.com
     
    Last edited:

    UBsiripala

    Member
    Jun 14, 2010
    302
    26
    0
    කුනුහරපෙකටනම් Comment දාන්න එවුන් ඕනෑතරම් ඉන්නවා.
    වැදගත් දෙකට Bump එකක් වත් දාන්න එකෙක් නැනේ.. :angry: :angry:

    රේප් +
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    වටිනා පෝස්ට් එකක් මචෝ.... මෙච්චර කල් ඕක දැනන් හිටියේ නෑ...... Rate the thread + Rep+ :D
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    රේප් දුන්න හැමෝටම බොහොම ඉස්තුතියි ,පුළුවන් විදියට හැමෝටම දෙන්නම් rep
     
    Mar 2, 2012
    58
    11
    0
    :D අපේ සංස්කෘතික තියන දේවල් ගැන අපි දන්නෙ අල්පයයි ඒ නිසා මෙි වගේ පෝස්ටි ඇත්තටම වටිනවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අදනෙ දැන ගත්තෙ මේ ගැන
    ස්තූතියි