නොදැන_සිටි_කරුණු_දහයක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නොදැන_සිටි_කරුණු_දහයක්

    නිල් පැහැති ඇස් සහිත පුද්ගලයන් මධ්‍යසාරයට ඇබ්බැහි වීමේ ප්‍රවනතාව වැඩියි.

    FIFA සභාපති සෙප් බ්ලැටර් ගේ දේවධර්මයට අනුව දිව්‍ය ලෝකයක් ඇත. අපායක් නැත. (තමා කිසි වරදක් කර නැති බවත් මරණින් මතු තමා දිව්‍ය ලෝකයට යන බවත් සෙප් බ්ලැටර් පැවසීය. ‘මම කවදා හෝ දිව්‍ය ලෝකයට යන බව මට විශ්වාසයි. නමුත් මම විශ්වාස කරන්නේ නැහැ අපායක් තිබෙන බව. මේ කාරණයේදී මම පාප් වහන්සේ සමඟ එකඟ වන්නේ නැහැ.’ FIFA සභාපති සෙප් බ්ලැටර් ප්‍රකාශ කළේය.)

    ලක්ෂ පනස් පහක් වූ හොංකොං හි මුළු ජනගහනයම උතුරු අයර්ලන්තයේ පදිංචි කරවීමේ සැලැස්මක් ගැන බ්‍රිතාන්‍ය බලධාරීන් වසර 1983 දී සාකච්ඡා කර තිබේ.

    හිලරි ක්ලින්ටන් චීනයේ නිෂ්පාදිත බුමුතුරුණු වලට දැඩි ඇල්මක් දක්වන අතර ෆැක්ස් යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවීම ඇයට අපහසු කාර්යයකි.

    ද්විලිංගික පැතලි පණුවා (The hermaphrodite flatworm) වර්ගයා බෝ කරන්නේ ඉඳි කටුවක් වැනි සිය (පුරුෂ) ලිංගය මගින් තමන්ගේම හිස තුළට ශුක්‍රාණු එන්නත් කර ගැනීමෙනි.

    සුරතල් සතුන් පිළිබඳව පවතින යුරෝපා හවුලේ සංචාරක නීතිය උපයෝගී කර ගනිමින් 2014 දී මහා බ්‍රිතාන්‍යයට මුගටියන් 68 දෙනෙකු ගෙනැවිත් ඇත.

    එක්සත් ජනපදයේ නිර්මාතෘවරයෙකු වන තෝමස් ජෙෆර්සන් යෝධ මැමත් සත්වයා කෙරෙහි දැඩි ඇල්මකින් පසු විය.

    වැඩිම දක්ෂතා ඇති ඩයස්පෝරාවන් සිටින්නේ මහා බ්‍රිතාන්‍යයේ, කැනඩාවේ, චීනයේ, ජර්මනියේ සහ ඉන්දියාවේ යි.

    1930 සහ 1940 කාලය තුළ ‘7-UP’ සිසිල් බීමවල ලිතියම් සිට්‍රේට් (lithium citrate) අඩංගු විය. ඒ මානසික උද්දීපනය ඇති කිරීම සඳහායි.

    ටෙනිස් ක්‍රීඩකයෙකු ගේ ශරීරයෙන් පැයක දී දහඩිය ලීටර් තුනක් පිටවිය හැකියි.