නොදිරන සිරුරු 16+

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    නොදිරන සිරුරු 16+

    ආරක්‍ෂිත මළ සිරුරු හෙවත් 'මමී' නම් වූ නොදිරන මළ සිරුරු ගැන කරුණු ටිකක් එළකිරි එකේ අයත් එක්ක ටිකක් බෙදා ගන්න හිතුනා
    16 + කියල දැම්මේ මේකේ මළ සිරුරු තියෙන නිසා
    බලන්න පුළුවන් අය බලන්න




    mumprnt.jpg


    සිරුර කල් තබා ගැනීමේ අරමුණ ඇතිව බෙහෙත් ගැලවූ සිරුරු

    වඩාත් මිල අධික, රජ වරුන් සඳහා වෙන් වූ මෙම ක්‍රමය ඉතා සියුම්ය.
    මේ ක්‍රමයට අනුව මොලය ඇතුළු සියලු අබ්යන්තර අවයව( හදවත හා වකුගඩු හැර) ඉවතට ගනී.මොලය ඉවත ගත් පසු නාස්
    කුහරය ඔස්සේ මොළ කුහරයට
    උණු දුම්මල පුරවනු ලැබේ. ශාකමය මද්‍යසාර හා සුවද
    ද්‍රව්‍ය වලින් සෝදා අනතුරුව උදර කුහරය විවිද කුළු බඩු, දුම්මල වලින් පුරවයි.
    ඉන් පසු දැඩි සන්ද්‍රනයකින් යුත් ලවනයක දින 70 ක් ගිල්ව තබයි. ඉන් පසු එය තෙල් වර්ග වලින් සෝදා පවිත්‍ර කර කපු හා හන රෙදි වලින්
    මුළු සිරුරම ඔතයි. මෙයට අවම වශයෙන් රෙදි යාර 500 ක් වත් අවශ්‍ය වේ.


    egypt3b.jpg


    මේ වීඩියෝ එකත් බලන්න



    ටුටන්කාමන් රජුගේ මමී එක තමා පහලින් තියෙන්නේ
    mummyfrontal.jpg


    සෙටි 1 ගේ මමීය

    220pxpharoahsetiihismum.jpg



    රමසස් ii

    220pxrammummy.jpg



    බබිලියානු වරුන් මළ සිරුරු කල් තබා ගැනීමට මීපැණි කටරම් වල මළ සිරුරු බහා ඇත.
    ටිබෙට් හි මළ සිරුරු රැක ගැනීමට උදර කුහරය විශේෂ සායම් වර්ගයක් පෙඟ වූ රෙදි කැබලි වලින් පුරවනු අතර ඒවා වලින් සිරුර වෙලිමත්
    සිදු කරයි.ඉන් පසු එය ලුණු ඇතිරූ කුටියක තබා උණුසුම් වාතය යව වියලා ගනී.

    මුල් යුගයේදී දුම්මල ,ලුණු ,වෙඩි
    ලුණු ,තාර ,කපුරු හා කුරුඳු වැනි දේවල් උපයෝගී කර ගත්තද වඩාත් සාර්ථක වුයේ
    මද්‍යසාර භාවිතයි.එහෙත් එහිදී සිරුර හැකිලී දුර්වර්ණ වේ.එම නිසා 19 වෙනි සියවසේදී
    ෆොමල්ඩිහියිඩ් නමැති රසායනික ද්‍රව්‍යය යොදා ගෙන ග්ලිසරින් හි සිරුර බහා තබන්නට විය.

    මේ වීඩියෝ එකෙත් කරුණු තියෙනවා



    ස්වබාවික හේතුන් මත මළ සිරුරු ආරක්ෂා වීම

    අධික තෙතමනය සහිත බිමක සිරුර දිරා යාමේ වේගය වැඩිය.
    දැඩි උණුසුමකින් යුතු වියලා පරිසරයක සිරුර දිරා යාමේ ඉඩකඩ අඩුය.


    1954 දී චිලි රටේ එල් ප්ලෝමෝ කඳු ශිකරයේ නව හැවරිදි දරුවෙක්ගේ මළ සිරුරක් සොයා ගනු ලැබුවා.වසර 500 කටත් පෙර විසු බව සොයා ගත් මෙය ආරක්ෂා වී ඇත්තේ
    දැඩි ශීත දේශගුණය නිසා බව විශ්වාස කෙරේ.
    මේ තියෙන්නේ ඒ මළ සිරුරයි .මෙය දැන් සන්තියාගෝ නුවර කෞතුකාගාරයේ අධි ශීතකරණයක සුරක්ෂිතව
    ප්‍රදර්ශනයට තබා ඇත.


    350pxthereplicaoftheplo.jpg



    මේ පහලින් තියෙන්නේ යුරෝපයේ පරණම මමිය.


    300pxoetzitheiceman02.jpg


    මේ පින්තුර මමිස්ලගේ ප්‍රදර්ශනයකින් ගත්තු ඒවා


    exhibitionatcalifornia0.jpg


    exhibitionatcalifornia0.jpg


    මෙය මැරෙද්දි එයාගේ වයස අවුරුද්දයි
    අන්දලා තියෙන ඇදුම් එයාගෙම ඒවා

    exhibitionatcalifornia0.jpg


    exhibitionatcalifornia0.jpg


    exhibitionatcalifornia0.jpg


    මේ මරණය වෙලා අවුරුදු 1000 ක් විතර වෙනවා කියල හොයාගෙන තියෙනවා
    exhibitionincalifornia0.jpg

    මේ වදුරෙක්ගේ මමීයක්

    exhibitionatcalifornia0.jpg


    මෙහි ඇති කරුණු "නොදිරන සිරුරු"(ශිරාන් මෛත්‍රි) පොතෙන් හා අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී.

    කට්ටියට මේ ගැන පොඩි හරි දැනුමක් ලබා දෙන්නයි මේ ත්‍රෙඩ් එක ලිව්වේ:)



     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    thnx.. *(You must spread some Reputation around before giving it to Leo_D again.)
     

    Similar threads