ඇදෙහි ඇතිරිලි දෙඅතින් පොඩි කලෙමි
සිවිලිමේ පංකාව හෙමින් කැරකෙද්දී..
ඇදේ චිරි චිරිය සවන වැකෙද්දී
තවත් දවසක් පවට නම් දරද්දී..
බාල මල්ලී කෙසේ දනිම්ද
මුදල් කොල සති පතා එවද්දී..
වතේ රත් පැහැ තැලුම් රිදුනා
සෑම උදයෙම මුව දොවද්දී..
සිවිලිමේ පංකාව හෙමින් කැරකෙද්දී..
ඇදේ චිරි චිරිය සවන වැකෙද්දී
තවත් දවසක් පවට නම් දරද්දී..
බාල මල්ලී කෙසේ දනිම්ද
මුදල් කොල සති පතා එවද්දී..
වතේ රත් පැහැ තැලුම් රිදුනා
සෑම උදයෙම මුව දොවද්දී..

