නොබෙල් ත්‍යාගය

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    නොබෙල් ත්‍යාගය

    රසායන විද්‍යාව

    රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ‘ලිතියම් බැටරිය සංවර්ධනය’
    කිරීම වෙනුවෙන් විද්‍යාඥයන් තිදෙනකුට හිමිවන විද්‍යා පිළිබඳ ස්වීඩන රාජකීය ඇකඩමිය
    නිවේදනය කළේය.

    ජෝන් බී ගුඩෙනෝ, එම්. ස්ටැන්ලි විටින්හම් සහ  අකිරා යෝෂීනෝ තිදෙනා එලෙස
    රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.

    නැවත ආරෝපණය කළ හැකි උපාංග සහ ජංගම විද්‍යුත් උපකරණවලට අදාළව ලිතියම් බැටරි
    සංවර්ධනය කිරීම වෙනුවෙන් ඔවුහු එලෙස රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල්
    ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.

    මහාචාර්ය ජෝන් බී ගුඩෙනෝ ඉතිහාසයේ වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා බවට ද පත්විය. මේ
    වනවිට ඔහුගේ වයස අවුරුදු 97කි.

    ඔවුන් අතර බෙදී යන ත්‍යාග මුදල ස්වීඩන ක්‍රෝනර් මිලියන නවයකි (යූරෝ
    738,000කි).

    merlin_162409506_2488ffc9-0429-40e3-a465-41d9f2b01df9-articleLarge.jpg



    768525900.jpg



    භෞතික විද්‍යාව

    මෙම වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය විශ්වයේ රහස් ලොවට අනාවරණය කළ
    තාරකා භෞතික විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව කියයි.

    එම විද්‍යාඥයන් තිදෙනා වන්නේ ජේම්ස් පීබල්ස්, මයිකල් මේයර් සහ ඩීඩර් ක්වෙලොස්ය.
    ජේම්ස් පීබල්ස්ට මෙවර නොබෙල් ත්‍යාගය හිමිවන්නේ විශ්වයේ පරිණාමය සම්බන්ධයෙන් කළ
    අනාවරණයටය.

    ආලෝක වර්ෂ 50 ක් දුරින් විශ්වයේ ඈත තරුවක් වටා භ්‍රමණය වන ‘51 පෙගාසී බී’
    යනුවෙන් නම් කළ වායු යෝධයකු ලෙස හැඳින්නෙ ග්‍රහයකු සම්බන්ධයෙන් කළ අනාවරණය ඇගයීමට
    ලක් කරමින් මයිකල් මේයර් සහ ඩීඩර් ක්වෙලොස් දෙදෙනාට මෙවර භෞතික විද්‍යා නොබෙල්
    තෑග්ග හිමිවනු ඇතැයි නොබෙල් කමිටුව පැහැදිලි කර තිබේ.

    GMXVPWXJ24I6TIZJON4PX6Q3MM.jpg


    වෛද්‍ය විද්‍යාව

    වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාග හිමිවන්නේ කාටදැයි යන්න
    ප්‍රකාශයට පත් විය. මෙවර වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ නොබෙල් ත්‍යාගය වෛද්‍ය
    පර්යේෂකයන් තිදෙනකු අතරේ බෙදී යයි. ඔවුන් විලියම් කේලින්, ශ්‍රීමත් පීටර්
    රැට්ක්ලිෆ් සහ ග්‍රෙග් සෙමෙන්සා යන තිදෙනාය. විවිධ ඔක්සිජන් මට්ටම්වලට මිනිස් සිරුර
    ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් සිදු කළ නව සොයා ගැනීම් ඇගයීමට ලක් කරමින්
    මොවුන් තිදෙනාට වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පිරිනැමේ.

    විලියම් කේලීන් ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වන
    අතර සර් පීටර් රැට්ක්ලිෆ් එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ
    මහාචාර්යවරයෙකි.

    ග්‍රෙග් සෙමෙන්සා ඇමෙරිකාවේ තවත් විශ්ව විද්‍යාලයක් වන ජෝන්ස් හොප්කින්ස් විශ්ව
    විද්‍යාලයේ මහාචාර්යවරයෙකි


    d41586-019-02963-0_17247902.jpg




    මෙම වසරේ සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් ත්‍යාග දෙකක් ප්‍රදානය කෙරෙන බව නොබෙල්
    කමිටුව පවසා ඇත. සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් ත්‍යාග ප්‍රදාන අද (10) සිදුවෙයි.

    මෙම වසරේ සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් තෑගි දෙකක් ප්‍රදානය කෙරන්නේ, පසුගිය 2018
    දී සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් ත්‍යාග ප්‍රදානය නොවුණු නිසාය. ඊට හේතු වූයේ නොබෙල්
    විනිසුරු මඬුල්ලේ සාමාජික ජෝන් ක්ලෝද් ආර්නෝල් ට ලිංගික අපචාර චෝදනා එල්ල වීමත්
    එමගින් විනිසුරු මඬුල්ලේ විශ්වාසනීයත්වය පළුදු වීමත් නිසාය. එම චෝදනාවලට වරදකරු
    වීමෙන් ජෝන් ක්ලෝද් ආර්නෝල් ට වසර දෙකක සිර දඬුවම් නියම විය.

    මෙම වසරේ ‘හෑන්ඞ් මේඞ්ස් ටේල්’ කෘත්‍රිය රචනා කළ කැනේඩියානු ජාතික කතුවරියක වන
    මාල්‍රට් ඇට්වුඞ් සහ රුසියානු ගත් කතුවරියක වන ලයුද්මිලා යුලිට්කායාට සාහිත්‍යය
    වෙනුවෙන් නොබෙල් ත්‍යාග පිරිනැමෙනු ඇත.

    ආර්තික විද්යාව

    අද සවස වන විට ප්‍රකාශ කිරීමට නියමිතයි.

    සාමය : මොවුන් අතරින් කවුරු විය හෙකිද ? අර පොඩි කෙල්ල ද ? අද සවස බලමු !



    937dd9ad-f715-4b8a-a676-6582ebec373e.png
     
    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය ඉතියෝපියාවේ අගමැතිට
    මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ් මහතාට හිමිව ඇත.

    එරිත්‍රියාව සමඟ සාමය ඇතිකිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග වෙනුවෙන් ඔහුට මෙම සම්මානය ලැබී තිබේ.

    ඉතියෝපියාව හා එරිත්‍රියාව අතර වසර 20ක පමණ කාලයක් තිස්සේ පැවති යුදධය අවසන් කිරීම සඳහා අබේ අගමැතිවරයා දැඩි උත්සාහයක් ගනු ලැබූ බවද ඔහුගේ මධ්‍යස්ථ ප්‍රතිපත්ති හේතුවෙන් සාම ක්‍රියාවලිය ජයග්‍රහනය කරා ගෙනයෑමට හැකිවූ බවද නොබෙල් සම්මාන කමිටුව පවසයි.

    2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නාමයෝජනා 301ක් ඉදිරිපත් වි තිබුණු අතර එයට පුද්ගලයින් 223දෙනකු හා සංවිධාන 78ක් ඇතුළත් විය.

    ඉතියෝපියාව සහ නැගෙනහිර හා ඊසාන දිග අප්‍රිකානු රටවල් අතර සාම ක්‍රියාවලිය වෙනුවෙන් කැපවූ සියලුදෙනාටම මෙම සම්මානයේ ගෞරවය හිමිවනු ඇතැයි ද නෝර්වීජියානු නොබෙල් සාම කමිටුව සඳහන් කර සිටියි.
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    Abhijit Banerjee, Esther Duflo, Michael Kremer win 2019 Nobel Economics Prize for study on poverty


     
    Last edited: