නොබෙල් සාහිත්‍ය සම්මානය මේ පාර නෑ

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    නොබෙල් සාහිත්‍ය සම්මානය මේ පාර නෑ

    නොබෙල් සාහිත්‍ය සම්මානය මේ පාර නෑ

    image_5a69539f5e.jpg

    මෙම 2018 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් සම්මානයක් පිරිනැමීම සිදු නොවන බව නොබෙල් කමිටුව නිවේදනය කර ඇත.
    සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාග පිරිනැමීම සිදුවන්නේ ස්වීඩන විද්වත් මඬුල්ලක් හරහාය. සුදුසුස්සන් තේරීම සිදු කරන්නේ මෙම විද්වත් මණ්ඩලයයි.
    මෙම විද්වත් මණ්ඩලයේ කිහිප දෙනකු හදිසියේ ඉල්ලා අස්වී ඇත. ඒ, ඔවුන්ට ලිංගික අපහරණ චෝදනා එල්ල වී ඇති නිසාය. මේ හේතුව නිසා එම මණ්ඩලය කෙරෙහි ජනතා අප්‍රසාදයක් හටගෙන ඇති හෙයින් සාහිත්‍ය සම්මානය මෙවර ලබා නොදෙන බව නොබෙල් කමිටුව පැහැදිලි කරයි.
    මේ අතර, 2019 වසරේ දී, සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් සම්මාන දෙකක් පිරිනැමීමට කටයුතු කරන බව ද නොබෙල් කමිටුව දන්වා ඇත.
    (ඒ.එෆ්.පී.)