නොමිලේ AI,db,ML..!!

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    කාලෙකින් පොටක් දාන්න බැරි වුණ එකේ අද මගෙන් ඔබ අනිවාර්යයෙන් ම කැමති වන දෙයක්...!!

    කැමති ද ලෝකයේ මුල් පෙළේ විශ්වවිද්‍යාලයක් මගින් පවත්වන Artificial Intelligence, Database සහ Machine Learning පාඨමාලා ත්‍රිත්වයේ ම පංති වලට අන්තර්ජාලය ඔස්සේ නොමිලේ සහභාගී වෙන්න?

    ලෝක ඉන්ජිනේරු විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව තෙවැනි තැන පසු වෙන්නේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. මේ වසරේ ඉහතින් දැක්වූ පාඨමාලා ලොව පුරා විසිරී සිටින මේ පිළිබඳ උනන්දුවක් දක්වන සිසු සිසුවියන් සඳහා නොමිලයේ අන්තර්ජාලය ඔස්සේ පවත්වන්නට ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය තීරණය කර තිබෙනවා. ඉදිරි මස ඇතුලත මේ පාඨමාලා ආරම්භ වන බැවින් මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට පහත යොමු වලින් ලියාපදින්චි වීම සහ වැඩි විස්තර ලබාගැනීම කළ හැකියි.

    Artificial Intelligence : http://www.ai-class.com



    Database : http://www.db-class.com



    Machine Learning : http://www.ml-class.com

     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    AL karapu ayatath puluwanda

    ඕනෙ කෙනෙකුට මේක විවෘතයි. නමුත් AI පාඨමාලාව සඳහා නම් සම්භාවිතාවය (probability theory) සහ න්‍යාස (matrices - linear algebra) ගැන මූලික දැනුම අවශ්‍යයි. ඒ ගැන උදව්වක් ඕනෙ නම් කියන්න මට පුළුවන් උදව් කරන්න හෝ ඒ මූලික දැනුම ලබාගන්න මූලාශ්‍ර ටිකක් හොයල දෙන්න.