නැ නැ නොමිලෙ ඉන්ටනෙට් දෙන වයි ෆයි කලාප ඇති කරනව
සින්හල තෙරෙනවද ? දෙමලෙන් කියන්ඩඩ ?
ඔව් කියන්න.
නැ නැ නොමිලෙ ඉන්ටනෙට් දෙන වයි ෆයි කලාප ඇති කරනව
සින්හල තෙරෙනවද ? දෙමලෙන් කියන්ඩඩ ?
ඉතින් ඕක මහා අරුමයක් ද. දැනටමත් ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන වල වයිෆයි තියනවා. අනෙක රටේ මිනිස්සුන්ට වැදගත් ඔවද . වයිෆයි ද . ඕකට ලැප්ටොප් උස්සන් මහා පාරට දුවන් එන්න වෙයි. අවශ්‍ය වන්නේ රටකට අදිවේගී මාර්ග , වෙළද සම්බන්දතා. අඩු මිලට විදුලිය , සෞක්‍ය පහසුකම් , වරාය සහ ගුවන් තොටුපොල පහසුකම් , අඩු මිලට සහල් සහ ගෑස්.
ඕව හොඳයි ඉතින් ටවුමේ ඉන්න රස්තියාදු ගහන කොල්ලන්ට වැලක් බලන්න.
hambooooooo. meyage sera........mama baya una.. porondu deshapalane. maye mitharaya porondu deshapalne.......... tawath ektara seeni bolayak pamani

Hotspot kiyala kiyanne oya kalaapa walata thamai yakomamath mahinda mahaththaya chande deepu ekek thamai..me gamana ape pawule okkoma maithree ta chande denne...
![]()

මහාත්තයො අපිට ඉන්ටනෙට් ෆ්‍රි ඔනේ නැ ඉට වඩා මේ රටේ දැවෙන ප්‍රශ්ණ තියෙනවා එවා ඉටු කරලා දෙන්න.
සහාල් වලට පාළන මිලක් සහාල් මාෆියාව සම්පුර්ණයෙන් අතුගා දැමේ
වැවු රක්ෂිත තුල හොටල් තැනිම වහාම නතර කෙරේ තිබෙන හොටල් කඩා ඉවත් කෙරේ
ගංගා නිම්ම ආශ්‍රිත වැලි ගොඩ දැමිමේ මාෆියාව අතුගා දැමේ
මා සෞඛ්‍ය ඇමති වි සිටි සමයේ මිය ගිය ඩෙංගු රොගින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට රු 100000 ය බැගින් වන්දි මුදලක් ප්‍රධානය කරනු ලැබේ




මෛත‍්‍රී ප‍්‍රතිපත්තිය ජනගත කෙරේ
ප‍්‍රධාන ක්‍ෂේත‍්‍ර එකොළහක්/ වැඩසටහන් සියයක්
බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට මැරකමට කිසි විටක හිස ඔසවන්නට ඉඩතබන්නේ නැහැ
අද රටේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය නැවත වරක් හිස ඔසවන බවට සාවද්‍ය භීතිකාවක් රජය විසින් පතුරවමින් සිටියි. ලබන ජනවාරි 9 වනදායින් පසු බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට හෝ මැරකමට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට රටේ කිසිදු කොණකින් හිස එසවිය නොහැකි බව ජාතියේ පොදු අපේක්‍ෂකවරයා අවධාරණය කරයි.
අත්තනෝමතික වත්මන් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට, පාර්ලිමේන්තුව හා සම්බන්ධ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යූහයක් හඳුන්වා දීමට පියවර ගැනේ. එහිදී ජනාධිපතිවරයා අන් පුරවැසියන් මෙන්ම සමානව නීතිය ඉදිරියේ සැළකෙයි. නීතිමය වශයෙන් විශේෂ වරප‍්‍රසාද නව ආණ්ඩුක‍්‍රම ව්‍යූහය යටතේ ජනාධිපතිවරයාට නොලැබේ. සියලූම සංශෝධනවලදී රටේ ස්ථාවරභාවය, ආරක්‍ෂාව හා ස්වෛරීත්වය සඳහා පවතින ඉඩකඩ වර්ධනය කෙරේ.
විද්‍යාත්මක පදනමක් මත අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව සහ සංයුතියත්, ස්වභාවයත් තීරණය කෙරේ. අමාත්‍යාංශ ක‍්‍රියාකාරීත්ව සඳහා පාර්ලිමේන්තු කාරක සභා ක‍්‍රමය ශක්තිමත් කිරීම
මහජන නියෝජිතයන් සඳහා පිළිපැදිය යුතු චර්යා ධර්ම සංග‍්‍රහයක් නීතිගත කෙරේ. වර්තමානයේ මහජන නියෝජිතයන් විසින් සිදුකරනු ලබන විවිධ නීති විරෝධි කි‍්‍රයා සම්පූර්ණයෙන්ම අත්හිටුවීම එහි අරමුණයි. මහජනයා පීඩාවට පත් කිරීම, බලය අයුතු ලෙස යොදා ගැනීම, අල්ලස්, ස්ත‍්‍රී දූෂණ, ඝාතන ආදී අපරාධවලින් තොර සමාජයක් නිර්මාණය කිරීමට එය පිටිවහලකි. මහජන නියෝජිතයන්ගේ පක්‍ෂග‍්‍රාහී ක‍්‍රියාකාරකම් වැළැක්වීමට දැඩි පියවර
මනාප ක‍්‍රමය අහෝසි කිරීමත්, සෑම ඡන්ද කොට්ඨාසයකටම අනිවාර්යයෙන්ම එක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලැබෙන පරිදි මැතිවරණ ක‍්‍රමවේද සංශෝධනයටත් පියවර ගැනේ.
යහපාලනය අධීක්‍ෂණය සඳහා යාන්ත‍්‍රණයක් සැකසේ.
ව්‍යවස්ථා සංශෝධනයක් මගින්, අධිකරණ, පොලීසිය, මැතිවරණ, විගණන හා නීතිපති ආයතනවල අපක්‍ෂපාතීත්වය ආරක්‍ෂා කෙරෙන ස්වාධීන කොමිසන් සභා ස්ථාපනය කෙරේ. අල්ලස් හා දූෂණ කොමිසම් ක‍්‍රියාකාරීත්වය ශක්තිමත් හා ක‍්‍රියාශීලී කිරීම සඳහා ස්වාධීන ආයතනයක් ලෙස පිළිගැනීම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කිරීමට ද පියවර
රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමටත් අපක්‍ෂපාතීත්වය තහවුරු කිරීමටත් පියවර ගැනේ. අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීම සඳහා අධිකරණ කොමිසම ස්ථාපනය කරන අතර, විනිසුරුවන් පත් කිරීම සහ උසස් කිරීම ජ්‍යෙෂ්ඨත්වය සහ කුසලතාවය මත සිදුකිරීමේ ක‍්‍රමවේදයක් .
ළමා හා කාන්තා දූෂණ සම්පූර්ණයෙන්ම අත්හිට වීමට අවශ්‍ය විධිවිධාන යෙදේ. එවැනි වරදකරුවන්ට දැඩි දඩුවම් ලබාදීමට ක‍්‍රියා කෙරේ.
මැතිවරණ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා මැතිවරණ කොමිසම පිහිටුවන අතර අපේක්‍ෂකයන් රාජ්‍ය බලය, ධන හා මාධ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීම සහමුලින්ම පාලනය කිරීමට පියවර ගැනේ.
තොරතුරු දැනගැනීම ජනතා අයිතියකි. ඒ නිසා, සියලූ තොරතුරු ජනතාවට දැනගත හැකි තොරතුරු දැනගැනීමේ පනතක් හඳුන්වාදීමට ද පියවර
රට සංවර්ධනය සඳහා මහා පරිමාණ දූෂණය නැවැත්විය යුතුය. පසුගිය වසර හය තුළ සිදුවූ දූෂණ අවම කිරීම මගින් එම වසර හය තුළ සිදුකළ සංවර්ධනය මෙන් දස ගුණයක සංවර්ධනයක් ඇති කළ හැකිය. රාජ්‍ය ණය ගැනීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර
ජීවන වියදම් වලින් ජනතාව ගලවාගැනීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක රේගු බදු ඉවත් කිරීමට පියවර. එමගින් ආහාර ද්‍රව්‍ය වල මිළ කඩිනමින් අඩු කිරීමට හැකිවෙයි.
සමෘද්ධී දීමනාව, දුෂ්කරව ජීවත්වන ජනතාව වෙනුවෙන් දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගැනේ. විධ්මත් අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් ඒ සඳහා සැකසේ.
රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩි කෙරේ. එහි පළමු අදියර ලෙස පෙබරවාරි මාසයේදී රුපියල් 5,000 ක් රාජ්‍ය සේවකයන් වෙත
විශ‍්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන තෙක් රුපියල් 3,500 ක මාසික අන්තර් දීමනාවක් ලබාදීමට පියවර ගැනේ. දුගී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රජයෙන් ලබාදෙන මාසික දීමනාව රුපියල් 1,500 දක්වා වැඩි කෙරේ.
මත්කුඩු ජාවාරම් මර්දනයට විශේෂ බලකායක් ස්ථාපනය කෙරෙන අතර සියලූ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ නම් ගම් හෙළි කෙරේ.
දුම්වැටි ඇසුරුම් වල රූපමය අවවාද 80% ක් දක්වා වැඩි කෙරෙන අතර සංස්කෘතික, ආගමික නිදහස හා සංහිඳියාව ඇති කිරීමේ ක‍්‍රියාමාර්ග රැුසක්
කලා හා සංස්කෘතික කටයුතු ප‍්‍රවර්ධනයත් - තිරසර ගොවිතැන හා ආහාර සුරක්‍ෂිතතාවත් සොබාදහම රැුකීමත්, සැමට සුවසෙත සැලසීමත් නව රජයක ප‍්‍රමුඛ කාර්යයන්
අධ්‍යාපන සංවර්ධනයට දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් වෙන් කෙරේ.
මහපොළ සරසවි ශිෂ්‍යාධාරය රුපියල් 5,000 ක් දක්වා වැඩි කෙරෙන අතර තාක්‍ෂණික අධ්‍යාපනයට පිවිසෙන තරුණ තරුණියන් සඳහා ණය පහසුකම්
උසස් පෙළ විෂයයන් තුනක් සමත් සිසුන්ට උපාධිය හෝ ඩිප්ලෝමාවක් හැදෑරීමට ද ණය පහසුකම්
ජාතික මතය නිරූපණය වන විදේශ ප‍්‍රතිපත්ති සැකසෙන අතර මානව හිමිකම් කඩවීමේ චෝදනා වලට නිවැරදි පිළිතුරු දෙමින් ශ‍්‍රී ලංකාව පිළිබඳ නව ප‍්‍රතිරූපයක් ලෝකය තුළ ගොඩනැගීමට ක‍්‍රියා කෙරේ.
කර්මාන්ත හා සේවා සංවර්ධනයත් වගකීම් සහගත රාජ්‍ය අංශයක් නිර්මාණය කිරීමත් බලශක්ති සුරක්‍ෂිත ශ‍්‍රී ලංකාවක් පවත්වා ගැනීමත් මගින් නව යුගයකට ශ‍්‍රී ලංකාව
රාජ්‍ය ජනමාධ්‍ය, පාලක පක්‍ෂයේ ප‍්‍රචාරක අවියක් බවට පත් කිරීම නවතා සමබර තොරතුරු ප‍්‍රකාශයට අවශ්‍ය පසුබිම සැකසීමට අවශ්‍ය ප‍්‍රතිපත්ති සැකසේ. ජනමාධ්‍ය කරුවන්ගේ සහ ජනමාධ්‍යයයේ නිදහස ආරක්‍ෂාවන දිගු හා කෙටිකාලීන වැඩසටහන් සැකසේ.
අන්තර් ජාලය නොමිලයේ භාවිත කළ හැකි වෛ ෆයි (Wi-Fi)කලාප ප‍්‍රධාන නගර වල ඇති කිරීමට පියවර ගැනේ.
පක්‍ෂ, ආගම් ජාතිභේද වලින් තොරව 21 වන සියවසට ඔබින නූතනත්වයෙන් පිරිපුන් රටක් නිර්මාණය කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් ප‍්‍රතිඥා දෙයි.
තවත් බලන්න : https://drive.google.com/file/d/0B-nKtUq9rQEQUkNrcUgxMmFJYjQ/view
https://drive.google.com/file/d/0B-nKtUq9rQEQS1k0Y0s4STB2WEU/view