නොලැබූ සාමය!

ncbrando

Member
Jan 31, 2014
838
115
0
නොලැබූ සාමය!

උඹ වරෙන් තුරුලට
සෙනෙහසින් විකසිතව
පිහියකින් ඇන මරා
නොලැබ තුට සෙම්බරිත

මට එපා බොරු දයා
සාමයක් ඊනියා
නපුසංක වීලා
සාම ගී නොගයම් මා

එකම කුඩයකට අප
එක්වෙතැයි සිතලා
රොක්වෙලා හිඳින්නට
මග බලා හිඳිම් මා

පිඟානට වස එපා
දියට කිඹුලන් එපා
විසෙන් විස නසනු වස්
යළිත් ඉපදෙනු එපා

- මාලන් විදානපතිරණ