නොලියවෙන කවිය...

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    නොලියවෙන කවිය...

    ඔය ඇත්තිගෙන් අප හට කිසි වැඩක් නැත
    කීමට ගමේ කිසි කෙනෙකුට ඉඩක් නැත
    ගොමරිටි ගොඩේ නිදියපු රෙදි කඩක් මත
    පෑගෙන මිනිසුන්ට හෙලුවා අඩක් නෙත

    ඉල්ලු උදව්වක් ඇත්නම් නොකර බැරි
    ඉටුකර දුනිමි හැම හට ඒ කොහොම හරි
    සුමගට යවන්නට දරුවන් දුනිමි දිරී
    අවසන් ගමන් යාහැක මට සතුට පිරී

    බඩගිනි ඇති විටක නොලෙබුන විට කන්න
    හැකි විදියට හැමගෙ නිව්වා බඩ ගින්න
    නොදනිත දුදන අය කලගුණ සල කන්න
    බුදු බණ අනුව මට හැකි වෙයි සැන සෙන්න

    ආදා සිටම මගෙ උතුකම් ඉටු කෙරුවා
    සන්ගම්-සමිති වල ඒ නිල තල දැරුවා
    නැති බැරි උන් සමග දිවියට මුල පිරුවා
    බල්ලන් ගමේ සද මඩලට උඩු බිරුවා

    මට වෙර කරන දෙන්නෙකි තුන්දෙනෙකි ගමේ
    එය ලකුණක්ය ගුණ දහමක් නොමැති කමේ
    හිත හොන්ද කාරුණික පිරිසක් ඉදිති ඉමේ
    ඒ හැම දෙනාටම මාගේ සිරස නැමේ

    නැති බැරි කම නොපෙන්වා දන් දුන් හින්දා
    නැගිටින විටදි සමහරු ගල් වැටි බැන්දා
    අඳ බාලයන් කෙරුවත් නිගහරු හිඳා
    මහ සඟ රුවන ඔවදන් දුනි මා කැන්දා

    නොලියමි ඉතින් කවි නම පරසිදු වෙන්න
    කාලය විත් එත හැමගෙන් වෙන් වෙන්න
    ආපසු නො එන ගමනට වියදම් වෙන්න
    කල හොඳ-නරක බඩු ටික ඇත ගෙනි යන්න


    [FONT=&quot]මේ කවිය මචන් අපේ ආච්චි ලිව්වෙ මීට ටික දවසකට කලින්,
    මැරෙන්න කලින්
    [/FONT]
    [FONT=&quot]එයාට මේක ලියන්න ඕනෙ කියල ලිව්ව එකක්...
    තාමත් එයා ඉන්නව මචන්ලා...


    සුබ දවසක් ඔයාල ඔක්කොටම....
    [/FONT]
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    නිදුක් නිරෝගී දිර්ගායුශ පතනවා ආච්චිට