නොවැම්බර් 18 න් පස්සේ

Threadripper

Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    reputation_neg.gif
    ගෝඨාගෙන් ආයුධයක් ලබාගැනීම 11-12-2019 12:40 PM pala ponnaya
    reputation_neg.gif
    ගෝඨාගෙන් ආයුධයක් ලබාගැනීම 11-12-2019 12:22 PM mage tool eka ube amma gawa, ekigen illa ganin
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Eka tama kiyanne...kohe yannath lesi na...

    Eh unata මෙකෙ නිකන් කට්ටිය දාල තියෙන්නේ මම හෙන උගතා මට හෙට උනත් රට යන්න පුලුවන් වගෙ කතා....හැබැයි ඉතින් ඔය මොන රස්සාව කලත් එහෙම දවසෙන් කොහෙවත් යන්න බෑ..
    අඩුම ගානේ කඩ්ඩ වලින් 8 ගන්න පුලුවන් කීයෙන් ක්කි දෙනාටද...


    8 impossible..මම ගත්තේ 7 න්. අපේ ඔෆිස් එකේ පොඩි එකෙක් ඉන්නවා 8 දාලා PR අරන්. ඌ කියනවා දෑන් 8 දාලත් බෑලු :yes::yes::yes:
     

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    මොනව නැතත් සමහර එවුන්ට අලුත් elakiri account එකක් නම් හදාගන්න වෙයි 18න් පස්සෙ...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ලංකාවෙ ප්‍රොපෙසනල් කට්ටියව බාරගන්න කැමති රටවල් මොනවද තියෙන්නෙ? :baffled:
    කව්ද බන් ලංකාවේ professional එවුන් ඉන්නේ.... රජයේ නිළදාරීන් හරියට හිටියා නම් ඔය මොන දේශපාලකයකුටවත් හොරකන් කරන්න බෑ...ලොකු post වල ඉන්න Director s, Lawyers, Accountant s, Doctors, Professor s, Engineer s, Procurement staffs, Management bord members, Consultant s, Project Director s, Advisers එවුන් තමා ලොකුම robbery ගේම ගහන්නේ...මොන ආංඩුව ආවත් උන් වෙනස් වෙන්නෑ..
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    8 impossible..මම ගත්තේ 7 න්. අපේ ඔෆිස් එකේ පොඩි එකෙක් ඉන්නවා 8 දාලා PR අරන්. ඌ කියනවා දෑන් 8 දාලත් බෑලු :yes::yes::yes:

    IELTS valata vitharak 8 dala kohmath ganna ba, 190 try karapan

    for further details contact Emois(Former Australian Senator)
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    ඔව්....
    මගේ බොහෝ වෘත්තීය මිත්‍රයන් ගේ අදහස මේ රටේ ගොටාභය ජනාධිපති නොවන්නේ නම් සිය දරුවන් වෙනුවෙන් රට හැර යාම කිරීමට සිදුවන බවය.


    මා ද ඒ පිලිබදව සිතමින් සිටිමි.


    දතා උබේ බොරු ඉංග්‍රීසි වලින් උබට ilts ගොඩ දාගන්න බෑ .
    උබලට මොකා ආවත් මෙහෙම තමයි
    සජිත් ආවා කියල උබලව ඒ රටවලට ගන්න උන්ට පිස්සුද බං
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මචන් උබ බුද්ධි ගලනය කියනදේවත් අඩුම වශයෙන් අහාලා තියෙනවද? රටක ප්‍රධානම දෙයක් තම්යි මානව සම්පත කියන්නේ අපේ රටට තාම නිශ්පාදන නැති නිසා සේවා අන්ශ්යෙන් තමයි ආර්තිකය දුවන්නේ, රටේ ඉන්න Professionals ටිකට අම්තරව එතනිනුත් ඉන්න experts ටිකදේනා රටින් ගියාම රටේ සේවා අන්ශ්ය දුර්වල වෙනවා,එක රැයින් නෙමෙයි. ඔවාගෙනුත් specialist physician ලා යනවා කියන්නේ රටෙ මිනිස්සුන්ට අනාගතයේ බෙහෙත් ගන්න වෙන්නේ ඉන්දියාවෙ පෙට්ටි කඩ ලාගේන් තමයි, කතා කරනවනම් එලිවෙනක්ම් දේව්ල් කියන්න පුලුවන් අනිත් එක මචන් Professionals ලා කියන්නේ stable වුන අය (බහුතරය), අපි කැමති රටේ අනාගතය ලස්සන වෙනවා දකින්න මිසක් පිස්සන් කොටුවක ජීවත් වෙන්න නෙමෙයි

    උබලාගේ පුද්ගලික දේශපාලන් මත ඇති හැබැයි පොඩ්ඩක් රට ගැනත් හිතපන් ව්ශේශයෙන්ම රටක ජානාධිපති වෙන පුද්ගලයන් ගැන.ගොඨා කිය්න්නේ 100% හොද නොවෙන්න පුලුවන් හැබැයි පුතානො කියන්නේ එවගේ 1000 times චාටර් පුද්ගයෙක් කියන එකත් පොඩඩක් හොයලා බලපන්. මොන උගත් මිනිහද කැමති රටක අදයාපන්යක් නැති දැක්මක් නැති පිස්සො රැලක් යටතේ ජීවත් වෙන්න

    මචං, ගෝටාට දෙන එකේ තර්කයක් නැහැ. එත් කෝච්චියේ මාල කඩපු රත්තරන්, පාස්පෝට් උප්පැන්න සහතික දෙක දෙක තියාගෙන කමියුනිකේෂන් ආදායමෙන් කෝටිගානක මන්දිර හදපු හැටි පෙන්නගන්න බැරිව ඉන්න වීරවංශ, ලන්ඩන් වල ගෙවල් ගත්ත හැටි පෙන්නගන්න බැරිව ඉන්න මහින්දානන්ද වගේ තව බොහෝ දෙනෙක් සමග රට ප්‍රගතියකට යයිද? දැනට අවම බලාපොරොත්තුවක් තියන්නේ ගෝටා ගැන විතරයි. එත් මේ හොරු ටික වටකරගෙන අලුත් දේශයක් හදන සිහිනය යතාර්ථයක් වෙයිද?

    හංසයෝ පන්නලා ගෝටා වටේ ගිජුලිහිණියෝ රැස් කරගත්තට අපි අපේක්ෂා කරන දේ වෙන්නේ නැහැ.

    ඇත්තටම ගත්තොත් අපේ ලංකාව මොන තරම් සම්පත් තියන රටක්ද? රට වටේම ඇති සාගරය. රට අභ්‍යන්තරයේ ඇති ජල සම්පත. ඉල්මනයිට්, ටයිටේනියම් වැනි ඛනිජ සම්පත්, නැගෙනහිර මුහුදේ ගවේෂණය කර අනාවරණය කරගත් තෙල් සම්පත්, කෘෂි කර්මාන්තයට හිතකර වසර පුරා පවතින දේශගුණය. මානව සම්පතේ 93.7% ක සාක්ෂරතාවය මෙයින් කීපයක් පමණයි.

    අපිට අවශ්‍ය වෙන්නෙ රට ගොඩනගන්න පුළුවන් හොඳ ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්
    හොඳ සිස්ටම් ටිකක් එක්ක රටේ සම්පත් දූෂිත ලෙස කොල්ලකෑම වෙනුවට ඒවා නිසි ලෙස කළමනාකරණය කල හැකි නායකයෙක් පත්කරගැනීම පමණයි . ඇත්තටම කිව්වොත් රටේ පාලකයා visionary leader කෙනෙක් විය යුතුයි .

    ගෝටාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය විශ්ලේෂණය කලාම රට ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිපත්ති ඒකෙ පැහැදිලිව සඳහන් වෙනවා. නමුත් policy implementation වලට ඉන්නේ අර වගේ පට්ට දූෂිත සහ නූගත් හොරු රැලක් නම් අපි බලාපොරොත්තු වෙන අරමුණ ඉටු කරගන්න එක හීනයක් විතරයි.

    ඒ නිසා ගෝටාට පුළුවන් නම් ඊළඟ මහ මැතිවරණයේදී උගත්, බුද්ධිමත් හා දූෂිත ක්‍රියාවලට සම්බන්ධ නොවූ, වෘත්තීයවේදීන් හෝ එවැනි පසුබිමක් සහිත පුද්ගලයන් තම කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙයි. ඒක නිසා අපි ටකරං තහඩුවට, සිමෙන්ති කොට්ටෙට, පිං පඩියට රැවටෙන, වහල් චින්තනයකින් යුතු මිනිස්සුන්ට වඩා එහා ගිය දෘෂ්ටි කෝණයකින් මේ ගැන බැලුවොත් හොඳයි කියලා මට හිතෙන්නේ.යූ.එන්.පී වේවා පොහොට්ටුවේ වේවා තමන්ගේ පක්ෂයේ ඉන්න දූෂිතයන්ගේ වැරදි තමන්ගේ පාට කන්නාඩියෙන් බැලූ විට නොපෙනෙන්නේ පක්ෂ දෙකේම සිටින වහල්ලුන්ට පමණයි.

    තම පාර්ලිමේන්තු ධුර කාලය තුල ඉපයූ වත්කම් ප්‍රමාණය , ඉපයූ ආකාරය පෙන්වන ලෙස අල්ලස් කොමිසමෙන් දැනුම් දුන් විට තමන්ට නයෙක් දෂ්ට කළ බව කියමින් ඉල්ලස් කොමිසම මගහැරියේ ඔය කියන රත්තරන් තමයි. එදිරිවීර ප්‍රේමරත්නගේ දුව තමන්ගේ තාත්තා අත දීල ගොඩගත්ත තමන්ගේ ඩ්‍රයිවර් හෙවත් රත්තරන් තමන්ගේ තාත්තට වල කපපු හැටි පසුකාලෙක අපූරුවට විස්තර කරලා තිබුණා.

    ඊ ලඟට විමලේ තමන්ගේයි දරුවන්ගෙයි භාර්යාවගෙයි උප්පැන්න සහතික වංචනික ලෙස වෙනස් කරපු හැටි මතකද? දේශප්‍රේමය ගැන කතාකරමින් රාජ්‍ය දේපල වන රජයේ වාහන , නිවාස තම හිතවතුන්ට අයුතු ලෙස ලබා දුන් බව පසුගියකාලයේ කල විමර්ශන වලින් හෙළිවුණා. කාල් මාක්ස් කියලා තියනවා තක්කඩියාගේ අවසාන නවාතැන්පොල දේශප්‍රේමයයි කියලා. ඔය විමලේම තමයි කෝටි හයාමාරක ගෙයක් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරෙයෙන් උපයපු සල්ලි වලින් හදපු හැටි පෙන්න ගන්න බැරිව ඇටි කෙහෙල් කාපු උගුඩුවෙක් වගේ ඉන්නේ.

    ගම්මන්පිලටත් ඇටර්නි බලපත්‍රයක් කූට ලෙස හදල පැන් ඒෂියා බැංකුවේ විදේශිකයෙකුට අයිති කොටස් වංචනික ලෙස විකුණපු නඩුවක් තියනවා.

    මෙන්න මේ වගේ පුද්ගලයන් ප්‍රධාන පක්ෂ දෙකේම එනම් යූ.එන්.පී. හා පොහොට්ටුවේ යන දෙකේම ඉන්නවා. මම මුළින්ම කිව්වෙත් ගෝටාභයට තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඇති ප්‍රධාන බාධකය වෙන්නෙ මෙන්න මේ වගේ දූෂණ චෝදනා ඇති පුද්ගලයන්.

    ඒ නිසයි අපි පාට කන්නාඩියෙන් නොබලා උගත්, දූෂිත නොවූ පුද්ගලයන් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ. තමන් වටේ හිටියත් ජනතාව බුද්ධිමත් ලෙස සුදුසු අපේක්ෂකයන් තෝරා පාර්ලිමේන්තුවට යවන ලෙස ගොටාභය ජනතාවගෙන් ඉල්ලුවෙත් ඒ නිසයි.

    උදාහරණයක් විදිහට සිංගප්පුරුව ගත්තොත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියල්ලන්ම විවිධ ක්ෂේත්‍ර වල උපාධිධාරීන්. අගමැතිවරයා ආචාර්ය උපාධියක් හිමි අයෙක්. විවිධ වෘත්තිකයන් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ නිසා රට මනාව කළමනාකරණය වෙනවා.

    පාලනයේ කාර්යක්ෂමතාවය නිසා රටවැසියා මත අධික බදු බර පටවනවා වෙනුවට සියල්ලන්ටම ප්‍රසාද දීමනාවක් ලබාදුන්නේ ඒ නිසයි. ඇත්තටම රට ගොඩයනවා දකින්න ඕනෙනමි අපි පොදු ජනතාව විදිහට හෝ වෘත්තිකයන් විදිහට හෝ දේශපාලකයන්ට සුදුසු කණ්ඩායමක් තෝරා ගන්නා ලෙස බලකළ යුත්තේ ඒ නිසයි.

     
    Last edited: