නොවේ මෙවන් "හරක්" ළොවේ......

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    නොවේ මෙවන් "හරක්" ළොවේ......


    Picture1.gif

    හරක් කිව්වේ පින්තූරේ ඉන්නා අයට නෙමේය.. මේ යක්කු දෙන ගුලි, එකසිය ගානට ගිලින උන්ටය. මුන් කරන්නේ රැකියාවක්ය. සංඝා ඇන්ලීන් විකුණන එකෙයි, මේ උන්නැහේලා ටැලිවිසොන් වල කෙලින කෙප්ප වලයි, කිසිම වෙනසක් නැතිය. මේ ඇරෙන්න ජනතාව ගොනාට අන්දන තවත් තුන් දෙනෙක් ඉන්නවාය. ඒ ෆෙන්ෂුයි ආසිරි වනිගරත්න, ඉරහඳ ප්‍රියන්ත රත්නායකය හා ගාල්තැන්නේ රත්තරන් දෙයියාය.. තව සෙට් එකක් උන්නාට උන් තවමත් එච්චර ප්‍රසිද්ධ නැතිය.

    1356612767gamini+prew.jpg
    images.jpg
    ඔයින්, චන්ද්‍රසිරි බන්ඩාර අධ්‍යාත්මවේදියා ඉස්සර ලිව්වේ ඉරුදින පත්තරේටය. ඉරුදිනේ ලිව්වේ, ආන්ඩුව හෙට වැටෙනවා අනිද්දා වැටෙනවා කියාය. මහ රජතුමාගේ, කාලේ හොඳ නැතයි කීවේය. ආන්ඩුවට හෙන ගේමක් ඇද්දේය. ඔය අවු අස්සෙ උන්නැහේව 4 වෙනි තට්ටුවට වැඩ්ඩුවේය. එතනදි මක්කා උනාදැයි කියන්න දන්නේ නැතිය. සමහර විට උනැහේගේ අදයාත්මෙද මොකක්ද එක, ඇඹරුවාදයි කියන්න දන්නේත් නැතිය. කොහොම නමුත් එලියට ආවේ වෙන අද්යාත්මයක්ය. එදා පටන් රජතුමාට රෙදි නැතිව කඩේ යන්නේය.
    රජ්ජුරුවෝ දෙන ගුලි කනවා වාගෙම, මේ අධ්‍යාත්මවේදියා දෙන ගුලිත් අඹරගෙනම කන සෙට් එකක් ඉන්නවාය. උන්නැහේ නා ගත්තේ වර්ල්ඩ් කප් එක ගැන අනාවැකි කියන්න ගිහිල්ලාය. දස අතේ දිව් රා කිව්වේ අපේ උන් කප් එක දිනනවා කියාය. හැඟීම් බරවෙලා, කඳුළුත් ආවේය. අපේ උන්ට බෝධී නාවන්න කිව්වේය. එහෙම ෂුවර් එකටම දිනන නිසා අපේ උන් බෝධි නාවන වෙලාවේ වෙන ඒවා නාවගන්න ඇතිය. අන්තීමෙදි කෙල උනාම කිව්වේ මොරාල් එක හදන්න කිව්වා කියාය.

    නැතිව ඉතින්, රජතුමා මැච් එක බලන්න ගිය නිසා කෙල උනායැයි කීවානම්, යන්න වෙන්නේ හතර වෙනි තට්ටුවට නෙමෙයිය. මහ උළු ගෙදරය. ලොක්කාට කින්ඩි දාන උන්ට යන්න වෙන්නේ, එතෙනටය. ඒකට ඉතින්, අපිට බයිලා ගහලා නෝන්ඩි නොවී, රජ්ජුරුවන්ට කියා, ටීම් එකේ මොරාල් හදන ජොබ් එක ගත්තානම්, ක්‍රිකට් බෝඩ් එකේ නිකං කන සෙට් එකට එකතු වෙලා, අම්බ පඩියකුත් ගන්න තිබුනාය.

    අනිත් පොර, අපේ ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ ඩිරෙක්ටර් මහත්තයාය. පොර නම් ගල් අඳාය. ලොක්කාගේ ඔෆීසියල් ඇස්ට්‍රෝලොජර්ය. ලොක්කා ගාව ඉන්න ගිරවට උනත්, මැති ඇමතිවරු සලකන නිසා. අපේ සුමනෙත් දෙයියන්ගේ මල්ලි වගේ බැබලෙනවාය. පොර ඇමරිකන් බයිලා අනාවැකි කියලා කලිසමේ ගූ ගාගන්නේ නැතිය. පොර කියන්නේ, අපේ රටේ ජනතාව ඕන එකෙකුට කියන්න පුළුවන් අනාවැකිය. ඒවා ඉතින් මාතලනුත් කියනවාය.

    ඔය සුමනේ කියනවා වගේ එකක්, ඕනම නම් මාතලනුත් මෙතන ලියනවාය. මේ පලා බබා එකෙන් මධ්‍යමයි, වයඹයි, දෙකම ලොක්කා දිනනවාය. මිනිස්සු ඡන්දෙ දෙන්නේ දයාසිරිටවත් ජොනීටවත් නෙමේය. ලොක්කාටය. ජොනීගේ පුතාගෙන්, "දැන් මොනවද පුතා ජනතාවට කියන්නේ...." කියලා ඇහුවාම. ඌ කිව්වේ "ඔබතුමාගේ වැඩ පිලිවල ඉදිරියට ගෙනියනවා...." කියාය.

    පොඩි එකා උනත් ඌ නම් පට්ට දේසපාලුවෙක් වෙන එක නම් ඉස්තිරය. ජනාධිපති තුමාගේ වැඩ පිලිවෙලවල් ඇර වෙන ඒවා කරන්න ගියොත් ඌට වෙන්නේ අඩු වයසෙන්ම ජේෂ්ඨ ඇමති ගොඩට යන්නය. තමන්ගේ වැඩ පිලිවෙලවල් කරන්න යන දයාසිරියා හෙමීට කැපීගෙන යන්නේ ඒ නිසාය.

    මේක ලියන්න හෙතු උනේ ඒ කිසිවක් නෙමේය. අපේ නොම්මර එකේ හරක්, ප්‍රාඩෝ, බෙන්ස්, බී ඇම්, වෝල්වෝ වලින් පවා, ඔක්කෝම වැඩ පාඩු කරගෙන, නිවාඩු දාගෙන, මංජුල පීරිස් නොහොත් පිංජුල මාරිසාගේ ගුලිය කා කතරගම දෙවියෝ බලන්න ගිය එකය. මා දන්න ජෝතිෂෙන් නම් එහෙම කෙප්ප කෙලින්න බැරිය. ආපු කතරගම් දෙයියෙක් නැතිය. අනික ඕක බලන්න හින්දු මිනිස්සු ගියා නම් හිතට අවුලක් නැතිය. මේ ඔක්කෝම බුද්ධාගමේ හරක්ය.

    ආපු දෙවියෙක් නැතිය. සමහර විට, අර කැළේ මැද්දේ දේවාලේ පෙනි උන්නා කියා කියන්නත් බැරි නැතිය. මෙහෙම උනා කියා මංජුල දෙන ගුලි කන එක නවත්තන්නේත් නැතිය. මාත් හින්නික්කිතර ඔය සාස්තරේ දන්නා නිසා. ඔය නැකත් පවා අම්බ පචය. ඒකෙන් කරන්නේ පොඩි මග පෙන්වීමක් විතරමය. මම ඒක පිලිගත්තේත් අපේ මාමන්ඩියා නිසාය. නැත්නම් ඕක පිලිගන්නේත් නැතිය.

    පොඩි කාලේ ඉඳන්, මාතලන් ඔය දෙවියෝ, බූතයෝ තියා, බුද්ධාගමේ තියෙන වැල් බයිලාත් පිලි ගන්නේ නැතිය. අනික ඉතින් දෙවියෝ ඔය කියන තරම් වැඩ කාරයෝ නම් අපි මැරීගෙන කරන පින්කමෙනුත් කොටසක් එයාලා ගන්න එක වැරදියිය. තමන්ගේ ශක්තියෙන් දියුණු වෙන එකා. තම ශක්තිය දෙවියන්ටයි, දෙවියන් වහන්සේටයි. කොහේවත් තියෙන ගහකටයි ට්‍රාන්සර් කරන උන් නම් බෞද්ධයෝ නෙමේය. අන්ධ භක්තිකයෝය.

    අනෙක් උන් එහෙම කරාට අවුලක් නැතිය. සෝම හාමුදුරුවෝ කීවේත් දෙවියන්ට කරන්න පුළුවන් මලදානයක් නැතෙයි කියාය. දැන් තියෙන බ්‍රෑන්ඩ් නිව් නිකායන් වන නානසාර නිකාය හා රාවණා නිකාය මේ ගැන දරන්නේ කුමන මතයක්දැයි දැනගන්න හරිම ආසාය. සමහර විට නානසාර නම් විමලේට දුන්නා වගේ කතරගම දෙයියන්ටත්, දෙන්නට බැරි කමකුත් නැතිය.

    කතරගම දෙවියෝ කොහොමත් මම හිතන්නේ ආන්ඩුවේ දෙවි කෙනෙක් කියාය. ඒ නිසා එතුමා කරන්නේ අසාධාරන වැඩමය. ආන්ඩුවේ එක්කෙනෙක්ම, භාරකාර කමට දාලා තියෙන්නේත්, ඒ නිසා වෙන්න ඇතිය. සමාන්‍ය උන් පෝලිමේ කට්ට කද්දි, ඉස්පැසොල් සෙට් එකක් ඉස්සරහ දොරෙන්ම ඇතුලට යන්නේ සමහර විට උන් දෙවියෝ වගේ නිසා වෙන්න ඇතිය.

    එක්කෝ ඒ වට්ටිවල මොණරු ඉන්න නිසා වෙන්න ඇතිය. මොකෝ මොණරුන්ට කතරගම දෙවියෝ බොහෝම මනාපය. මම ඕවා පිලිගන්නේ නැති උනාට. අපේ නෝනා හාමිනේ එක්ක යන්නේත් ඔය ඉස්සරහ දොරෙන්මය. ඒකට මම වෙනම පොරක් අල්ලාගෙන ඉන්නවාය. එයත් මොණරුන්ට හරිම මනාපය.

    කතරගම දෙවියන්ට පුජා කරාට වඩා ආනිසංසයක්, අර පොරට කරන පූජාවෙන් නම්, ඇස් පනා පිටම පල දීලා තියෙනවාය. පොර කව්ද කියා කියන්නේ නැත්තේ, අනික් උනුත් එහෙම යන්න ගියෝතින් දෙවියන්ගේ පෝලිමත් දික් වෙන නිසාය. අනික ඉතින්, ඒ මැතඩ් රෝසිගේ ෆිනිසින් ඉස්කූල් එකේවත්, උගන්නන්නේ නැති ඒවාය. ඒවා දන්නේ මාතලන් වගේ ගල් ආඳෝ විතරමය.

    මෙහම එන උන් ඔක්කෝටම කරන්න කතරගම දෙවියන්ට වෙලාවක් තියෙන්නටම් බැරිය. ඒ නිසා සෙල්ල තියෙන ප්‍රියන්ත රත්නායක දෙවියන්ගේ දේවාලෙටත් භාර වෙනවාය. ඒකේ ඉන්න දෙවියෝ කව්ද කියා මට මතක නැති උනත්. ප්‍රියන්ත රත්නායක දෙයියෝ නම් පට්ට ආතල් එකේ ඉන්නවාය. අනාගතේ ඒ දේවාලෙත් බිසනස් එකක් නොව, මාර හිස්ටරියක් තියෙන "ප්‍රියන්ත්" නම් බලගතු දෙවියෙක්ගේ දේවාලයක් වන බව නම් "ඉරහඳ" මෙන් විශ්වාසය. මොකෝ "ඉරහඳ" කිව් දෙයක් කවදාවත් වැරදිලා නැති නිසාය......


    ප: ලි:

    සමහර උන්ට මොලේ අවුල් වෙන නිසා ප්‍රස්තුත කාරනාව කියන්නම්. ඊයේ, ඒ කියන්නේ 17 වෙනිදා, කතරගම් දෙයි හාන්දුරුවන්ගේ බෝර්ත් ඩේ එකට උන්නාන්සේ පේනී ඉන්නවා කියලා. ජෝතීර්වේදි මංජුල පීරිස් ගුලියක් දීලා. ඉතිහාසේ වැඩිම සෙනගක් කතරගමට ඇවිත් තියෙන්නේ ඊයෙලු. ඒත් දෙවියෝ ඇවිත් නෑ. ඇයි වදේ කී දෙනෙක්ට කියලා කේක් දෙන්නද..?


    මාතලන් බ්ලොග් -
     
    • Like
    Reactions: nOoB_SL