මට ඊයෙ හිත පොඩ්ඩක් අප්සට් ගියා වගේ බං.
මම දන්නැ මේක පට්ට නෝමල් ද නැත්නම් මම ඔ්වර් තිංකින් ද කියල.
මට පෙරේද ඇගට ටිකක් අවුල් වගේ ගතියක් තිබ්බ ඊයෙ වෙද්දි ඇග සීතල කරගෙන හෙම්බිරිස්සාව හැදුන. උන නම් නෑ වගේ.
අම්මට සිරි වෙන කැස්සක් ආව. පපුවත් රිදෙනව බං කැහැල.
අඩේ වැඩේ කියන්නෙ බං ඒදා ඇගට අවුල් නිසා වේලාසන ගෙදර ආව. වෙලාසන කිව්වට රැ 8ට විතර වෙනද සෑහෙන්න රෑ වෙනව.
ඇවිත් කාල නාල නිදා ගන්න ගියා. ටිකක් සැරට කැස්ස තිබ්බ. ගෑනි බං නැගිටල ගියා කියහන්කො. ඒයා ගෙස්ට් රෑම් ඒකක නිදාගත්තෙ.
ගියෙත් නිකන් යකා නැගල වගේ. මට ඒ්කට ටිකක් අප්සට් ගියා බං.
හැබැයි අපි දෙන්න වෙන කපල් ඒකකට වඩා ටිකක් වෙනස්. අපේ කසාදෙට කෙල වෙලා දැන් මාස ගානක් වෙනව. ඒක ගෙදර හිටියට
සෙපරේටඩ් වගේ ඉන්‌නෙ. මාත් ඒක්ක වැඩි කතා බහක් නෑ. මම හම්බ කරනව ඒයා ගෙදර වැඩ බලාගන්නව. මට මේක හුරුවෙලා ගානක්
නැතුව හිටියෙ.
ඒ්ත් අර සිද්දියේන් ටිකක් රිදුනව ගේ බං. මෙ වගේ ඩයිනමික්ස් තියෙන ෆැමිලි ඒකක මේ වගේ හැසිරීමක් නෝමල්ද බං? මට මහ කුජීත ෆීලිං ඒකක් ආවෙ බං ඒ්වෙලාවෙ. නින්ද ගියෙත් නෑ.
අද මං ගෙදර ඉන්නෙ. රෑම් ඒකටත් වැඩිය ආවෙ නෑ බෝවෙයි කියල බයේද දන්නෑ...