නෝර්වේ ඝාතකයා අද අධිකරණයට
නෝර්වේ ඝාතකයා අද අධිකරණයට.
2011 ජූලි 25 සඳුදා- පස්වරු 12:30
පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් නෝර්වේ ඔස්ලෝ අගනුවර යාබද නිකේතන දිවයිනක යොවුන් කඳවුරකට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද එරට අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. ඇන්ඩර්සන් බේරින් නැමැති 32 හැවිරිදි මෙම සැකකරු එරට අධිකරණයේදී සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක නිරත වීමට ද සූදානම් බව විදෙස් වාර්තා අනාවණය කළා.
සිය ප්රහාර කුරිරු වුවත් එය සිදු කිරීම කළ යුතුව තිබූ බවයි මෙම සැකකරු ප්රකාශ කර තිබුණේ. අද පැවැත්වෙන මෙම නඩු විභාගය මහජනතාව සඳහා විවෘත නොකෙරෙනු ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්. මීට අමතරව මෙම සැකකරු පසුගියදා නොරේවේ අග්රාමාත්ය කාර්යාලය ඉදිරිපිටදී පුපුරුවා හැරි බෝම්බයේ වගකීමද භාරගනු ලැබුවා. එම බෝම්බ පිපිරීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.