නෝලිමිට්

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    නෝ ලිමිට් වගේ ගිනි නොගැනීමට නම් අපෙන් සිකියුරිටි ගනින්, නැතිනම් මරා දානවා'': චානුක රත්වත්ත ගෝඨාගේ බලය සමග මහනුවර ව්‍යාපාරිකයෙකුගේ කටට පිස්තෝලය ඔබා තර්ජනය කරලා-----

    රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ වල අනුදැනුම යටතේ ව්‍යාපාරික දැවැන්තයෙකු වන 'නෝ ලිමිට්ස්' හි පානදුර ප්‍රදර්ශනාගාරය ගිනි තැබීමෙන් පසුව ව්‍යාපාරික ස්ථාන බේරා ගැනීමට නම් තම ආරක්ෂාව ලබා ගන්නැයි අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභයට සම්බන්ධ පෞද්ගලික ආරක්ෂක සේවා, ව්‍යාපාරික ස්ථාන වෙත බලපෑම් කරන අතර ඊට අකමැති ව්‍යාපාරිකයන්ට මරණ තර්ජනය කර ඇතැයි වෙත වාර්තා වේ.

    අප වෙත වාර්තා වූ භයානක සිදුවීමට මුහුණ දී ඇත්තේ මහනුවර නගරයේ පේරාදෙණිය පාරේ පවත්වාගෙන යන 'ලෙජන්ඩ්ස්' නම් ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුය.

    'නෝ ලිමිට්ස්' ගිනි තැබීමෙන් පසු මහනුවර ව්‍යාපාරික ස්ථාන කරා හිටපු නියෝජ්‍ය ආරක්ෂක ඇමැති නැසීගිය අනුරුද්ධ රත්වත්තේ ගේ චානුක රත්වත්ත නම් පුත්‍රයා බරපතල පණිවුඩයක් යවා තිබේ. ඉන් කියැවුනේ ඔබගේ ව්‍යාපාරික ස්ථානය 'නෝ ලිමිට්ස්' සේ ගිනි ගැනීම වලක්වා ගැනීමට නම් තමාත් ගෝඨාභයත් පවත්වාගෙන යන ආරක්ෂක සේවාවෙන් ආරක්ෂකයන් ලබා ගන්නා ලෙසයි. ගෝඨාභයගේ සම්බන්ධය කෙසේ වෙතත් චානුක රත්වත්ත සහ ඔහුගේ අයියා වන මහනුවර නගරාධිපති මහේන්ද්‍ර තුෂන්ත රත්වත්ත විසින් 'බ්‍රේව් ගාඩ් සිකියුරිටි ඇන්ඩ් ඉන්වෙස්ටිගේෂන් සර්විස්' නමින් ආරක්ෂක සේවයක් 2003 සිට පවත්වාගෙන යති. නගරාධිපති මහේන්ද්‍ර අයියා එහි සභාපති වන අතර චානුක එහි මෙහෙයුම් අධ්‍යක්ෂ වෙති.

    චානුකගේ නව මෙහෙයුම වූ ව්‍යාපාරිකයන් බිය ගන්වා බලහත්කාරයෙන් ආරක්ෂාව ලබා දීම ප්‍රතික්ෂේප කළ එක් ව්‍යාපාරිකයෙක් වූයේ ඉහත කී 'ලෙජන්ඩ්ස්' ව්‍යාපාරයේ හිමිකරුය. ඊට එක් හේතුවක් වූයේ රත්වත්තේලාගෙන් ආරක්ෂාව ලබා ගන්නේ නම් ඔවුන්ගේ සමාගමට මසකට රුපියල් ලක්ෂ 3 ක් ගෙවීමට සිදුවන බැවිනි. ව්‍යාපාරිකයා පවසා ඇත්තේ තමාට ඒතරම් බිස්නස් එකක් නොමැති බවයි.

    ඉන් කිපී ඇති චානුක රත්වත්තේ තමන්ගේ අංග ආරක්ෂකයන් සිව් දෙනෙකුද සමග ඊයේ රාත්‍රී 'ලෙජන්ඩ්ස්' ව්‍යාපාරිකයා හමුවට කඩා වැදී ව්‍යාපාරිකයාගේ මුවට ඔහුගේ බ්‍රවුනින්ග් වර්ගයේ පිස්තෝලය ඔබා ව්‍යාපාරිකයාවත් ඔහුගේ පවුලේ අයවත් මරා දමන බවට තර්ජනය කර තිබේ.

    ''හොඳට මතක තියාගනින් උඹට මෙහේ බිස්නස් කරන්න බැහැ. සතියක් ඇතුලත බිස්නස් එක වහලා දාලා උඹ මහනුවරින් පිටවෙලා යන්න ඕනේ. උඹ මේ ගැන උඹට ඕනේ පොලිසියකට පැමිණිලි කරපං. උඹ පැමිණිලි කළොත් උඹට කල් දෙන්නේ පැය 72 යි. ඒ පැය 72 දෙක කල් දෙන්නෙත් උඹ කැමැති මිනී පෙට්ටියක් තෝරාගන්නයි. දැන් ලංකාවේ තියෙන්නේ අපේ නීතිය මතක තියා ගනින්'' යනුවෙන් චානුක රත්වත්තේ තර්ජනය කර ඇත.

    දැඩි සේ බියට පත් ඇති 'ලෙජන්ඩ්ස්' හිමිකරු මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසියට පැමිණිලි කර ඇති අතර තමාගේ ජීවිතයට ආරක්ෂාව ඉල්ලා ඇති නමුත් මහනුවර බාර නියෝජ්‍ය පොලිස්පති පෙරමුණේ සිද්ධිය යට ගැසීමට කටයුතු කරමින් සිටී.

    චානුක උපේන්ද්‍ර රත්වත්ත සහ ලොහාන් එවින්ද රත්වත්ත යන හිටපු නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අනුරුද්ධ රත්වත්තගේ දෙවන සහ තුන්වන පුතුන් දෙදෙනාය. මේ දෙදෙනාම 2001 දී උඩතලවින්නේදී මුස්ලිම් ජාතික තරුණයන් 10 දෙනෙකු එකම ස්ථානයේදී වෙඩි තබා මරා දැමීමට සම්බන්ධ වූහ. ඒ පිලිබඳ නඩු විභාගයේදී දේශපාලන බලපෑම් මත මොවුන් නිදහස් වූ නමුත් ඔවුන් සමග සිටි හමුදාවේ 5 දෙනෙකු වසර 100 ක් සහ මරණ දඬුවමට යටත් කළහ. චානුක රත්වත්ත 'ආමි රොෂාන්' සහ 'ධම්මික' යන හිටපු පාතාල නායකයන් සමග සම්බන්ධ බවට ද එම නඩුවේදී කියැවිණ.

    10409721_743705082361326_3230332338279146707_n.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    "දැන් ලංකාවේ තියෙන්නේ අපේ නීතිය මතක තියා ගනින්''


    මොකක් නැතත් මේක නම් ඇත්ත.............