අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ උතුරු පැත්තේ පිහිටලා තියෙන විශාල බලකොටුවක් ගැන.ඒ යාපනය බලකොටුවයි.
යාපනය පුරවරයේ ප්‍රෞඩත්වය විදහා දැක්වෙන ස්ථානවලින් ප්‍රධාන තැනක් උසුළනු ලබන්නේ මේ යාපනය බලකොටුවයි.
පෘතුගීසි, ලංදේසිසහ ඉංග්‍රීසි යන යටත්විජිත යුග කිහිපය තුළම ඔවුන්ගේ බලකොටු බවට අත්පත් කරගත් සුවිශේෂි ස්ථානයක් කිව්වොත් නිවැරදී..
මෙහි ආරම්භය 1618 දී පෘතුගීසින් විසින් යාපනය අල්ලා ගැනීමෙන් පසුව සිය හමුදා රැඳවීම සඳහා පෘතුගීසි ජාතික පිලිප් ද ඔලිවේරා යටතේ මෙම යාපනය කොටුව ඉදිකර තිබෙනවා...
පසුව 1658 දී ලන්දේසීන් විසින් යාපනය කොටුව අල්ලාගත් අතර පසුව ඔවුන් එය තවදුරටත් මේ බලකොටුව පුළුල් කර තිබෙනවා..
ඊටත් පසුව ක්‍රි.ව. 1795දී ලන්දේසීන්ගෙන් මෙම කොටුව ඉංග්‍රීසින් අතට පත්වූ අතර වර්ෂ 1948 වන තෙක් ඉංග්‍රීසි ආරක්ෂක බලකොටුවක් ලෙස මෙය පවත්වාගෙන ගොස් තිබෙනවා..
ඔන්න ඔහොම තමා යාපනේ බලකොටුව විවිධ යුග වලදී අත්පත් කර ගෙන තියෙන්නේ.යාපනය බළකොටුවට පිවිසිය හැකි ප්‍රධාන දොරටු දෙකකි. එම පිවිසුම් දොරටු දෙක දිය ගේට්ටුව සහ ගොඩබිම් ගේට්ටුව කියලා හදුවලා තියෙනවා...
දිය ගේට්ටුව භාවිත කරලා තියෙන්නේ විශේෂ අවස්ථාවල දී.... සාමාන්‍ය කටයුතු සඳහා ගොඩබිම් දොරටුව තමා වැඩි වශයෙන් භාවිත කරලා තියෙන්නේ..
ලන්දේසීන් විසින් ඉදි කරනු ලැබුවේ පංචාශ්‍රාකාර බළකොටුවක් ලෙසයී.. එම බළකොටුව ඇතුළු කොටුව සහ පිටත කොටුව ලෙස කොටස් දෙකකින් සමන්විත වෙනවා... ඇතුළත පිහිටි කොටුව පංචාශ්‍රාකාර හැඩයක් ගනු ලබනවා
පසුගිය 30 වසරක යුධ සමයේදී යාපනය කොටුවට විශාල වශයෙන් හානි සිදුව තිබෙන බව මෙහි යන ඔබට දැක ගන්න ලැබෙනවා...
කොටු පවුර ඇතුළත භුමියේ පිහිටි පැරණි ලන්දේසි පල්ලිය මුළුමනින්ම පාහේ බෝම්බ ප්‍රහාර හමුවේ විනාශයට පත්ව තිබෙනවා...
ලන්දේසි යුගයට අයත් ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම බලකොටුව වන වන්නේ යාපනය කොටුවයි.
කොටු පවුරෙහි ඇතුලත භුමියේ පවතින ස්මාරක සියල්ල යුධ වාතාවරණය හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා..
ඉතින් යාපනය යන ඔබත් මෙහි ගිහින් බලන්න මේ අපේ රටේ ඉතිහාසයයි.
මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න
Original Article Click Here