පංචිකාවත්තේ_අශ්වයා

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    පංචිකාවත්තේ_අශ්වයා

    පංචිකාවත්තට යන එන අපගේ සිත් වසඟ කරන්නට පමණක් නොව විදේශිකයන්ගේ පවා අවධානය දිනා ඇති යකඩ අශ්වයා පිටුපස ඇත්තේ අපූරු කතාවකි.

    horse-black.jpg


    පංචිකාවත්ත වටරවුමේ සිට එක් අතකට පමණක් රථ ධාවනය වෙන වීදියක් ලෙස මෙය නම් කරද්දී මෙම වටරවුමට අලංකාර නිර්මාණයක් එක් කිරීමේ අවශ්‍යතාවයක් ඇති විය. එය පැවරී තිබුණේ එක්තරා සමාගමකටය. ඒ වන විටත් කෝටිපති වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෝ රැසක් මෙම වටරවුමේ ව්‍යාපෘතියට හිත යොමු කර තිබුණත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ යෝජනාවක් අනුව මෙය ඩග්ලස් සහ පුත්‍රයෝ සමාගමට පැවරුණි.


    ප්‍රථමයෙන් මෙම වටරවුම සඳහා කොළඹ නගර සභාව යෝජනා කර ඇත්තේ මල් වවා අලංකාර කිරීමටය. පසුව එය පැරණි වොක්ස්වැගන් හෝ බීට්ල් වර්ගයේ මෝටර් රථයක ආකෘතියක් ගන්නා ආකාරයෙන් මල් වගාව සිදු කළ යතු බවටද තීරණය කර තිබුණි.

    කෙසේ නමුත් නිර්මාණය භාවර සිටි සමාගම ඊට එකඟ වී නොමැති නිසාත් ඔහුට ඊට වඩා නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් මෙම වටරවුම තුළ ඉදිකරන්නට තිබූ අවශ්‍යතාවය නිසාත් එම කතාබහ තවත් දුර ඇදී ගියේය.

    වරක් නුවර පාරේ ගමන් කරමින් සිටි මෙම සමාගමේ හිමිකරුට අපූරු නිර්මාණ පෙළක් දකිනනට ලැබුණි. ඒ වාහනවලින් ඉවත් කරන අමතර කොටස්වලින් නිර්මාණය කරන ලද අලියෙකු සහ මී හරකෙකුගේ රූප ය. එහිදී ඔහු එකවරම තීරණය කර ඇත්තේ පංචිකාවත්තේ මෙම වටරවුමට සුදුසු ඒ ආකාරයේ අශ්වයෙකු බවය.

    පසුව එම නිර්මාණකරු ගෙන්වා අඳින ලද දළ සටහනේ ඇති යකඩ අශ්වයාගේ උස අඩි 10 ක් විය. අඩි 13 කින් දිගු වූ මෙම ප්‍රතිමාව සම්පූර්ණයෙන්ම ඉවතලන මෝටර් රථ අමතර කොටස්වලින් නිර්මාණය වූ විට එහි බර කිලෝ 1000 ක් විය. ග්‍රීස් සහ ඩීසල් එකට මිශ්‍ර කර, එම ද්‍රාවණය පමණක් මෙහි ආලේප කර ඇත.

    එහි තිබූ අලංකාරභාවය නිසාවෙන් අදාළ වටරවුමේ සවි කිරීමට ක්ෂණිකව ආරක්ෂක ලේකම්වරයාගේත් කොළඹ නගර සභාවේත් අවසරය හිමි වී ඇත.

    මෙම යකඩ අශ්වයාගේ ප්‍රතිමාව දැක මවිතයට පත් වූ රියදුරන් තිදෙනෙකු එකවර එම ස්ථානයේදී අනතුරුවලට ලක්වුණේ මෙය පංචිකානත්ත වටරවුමේ සවිකර හෝරා කිහිපයක් යන්නටත් මත්තෙනි. මෙහි ඇති අලංකාරභාවය දකින්නට රියදුරන් වටරවුම ආසන්නයෙන් යද්දී සිය රථ නවතා නැරඹීමට පුරුදු විය. ඒ හේතුවෙන් පොලීසියට එම ස්ථානයට රථවාහන පොලිස් නිලධාරීන් 06 දෙනෙකු යෙදවීමට පවා සිදුවිය.

    10950334_783403041739593_763322342_n.jpg


    z_pii-New-Icon-of-Panchikaw.jpg


    Source : Internet
     

    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    Thanks for sharing

    "වරක් නුවර පාරේ ගමන් කරමින් සිටි මෙම සමාගමේ හිමිකරුට අපූරු නිර්මාණ පෙළක් දකිනනට ලැබුණි. ඒ වාහනවලින් ඉවත් කරන අමතර කොටස්වලින් නිර්මාණය කරන ලද අලියෙකු සහ මී හරකෙකුගේ රූප ය. එහිදී ඔහු එකවරම තීරණය කර ඇත්තේ පංචිකාවත්තේ මෙම වටරවුමට සුදුසු ඒ ආකාරයේ අශ්වයෙකු බවය."

    මම දැකල තියනවා මේ කියන පිළිම. බැලුම්මහර පහුවෙලා පොඩ්ඩක් දුර යනකොට තිබ්බේ (දැන් තියනවද දන් නෑ ). කවුරු වුනත් නියම වැඩකාරයෙක් ..........
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕන කෙනෙක් බලනවා බන් ලොකු
    පෙනුමට හැරි හැරි බලනවා යකඩ කෑලී මොන මොනාද කියලා බස් එකේ
    එනකොට නම් ගොඩක් හොඳට දැකලා නෑ බන් පට්ට ගති හැබැයි :cool:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මත්තල airport entrance එකේ තියෙනව ඔය වගේම අයින්කරන වාහන දුනු කොළ වලින් හදපු ලොකු මොණරෙක්.. පට්ට ලස්සනයි..

    10661203_832446676789340_389543246_a.jpg



     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මත්තල airport entrance එකේ තියෙනව ඔය වගේම අයින්කරන වාහන දුනු කොළ වලින් හදපු ලොකු මොණරෙක්.. පට්ට ලස්සනයි..

    10661203_832446676789340_389543246_a.jpg




    kawuru hari menna meka gena thread ekak dapalla.. horse dekala thiyenawa macn athi wenna .. eka patta .. meka hariyata balaganna quality pic ekka thread ekak dapan ko kawuru hari.. maththala air port ekata yanne neh ne bang api hemoma... :baffled:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    kawuru hari menna meka gena thread ekak dapalla.. horse dekala thiyenawa macn athi wenna .. eka patta .. meka hariyata balaganna quality pic ekka thread ekak dapan ko kawuru hari.. maththala air port ekata yanne neh ne bang api hemoma... :baffled:
    mattalata kauruwat yanne na. ali witarayi :dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක මාත් දැකලා තියනවා.
    පට්ට ලස්සනයි බන් ඕක.
    බස් එකේ යනකොට එහෙම අනිවා පුලුවන් තරම්ක් වෙලා බලන් ඉන්නවා.
    හදපු අය මාර වැඩකාරයෝ.