පක්ෂ මූලස්ථානයේ බණ්ඩාරනායක රූ දිස්වේ

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
පක්ෂ මූලස්ථානයේ බණ්ඩාරනායක රූ දිස්වේ

පක්ෂ මූලස්ථානයේ බණ්ඩාරනායක රූ දිස්වේ
2014 නොවැම්බර් 26 11.50 p.m
(කමණි හෙට්ටිආරච්චි, භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්)
SLNPශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවලදී මතෛක් දක්නට නොලැබුණු බණ්ඩාරනායක මහතාගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඡායාරූප ඊයේ (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පසුතලයේ ප්‍රදර්ශනය කර තිබිම පිළිබඳව මාධ්‍යවේදීහු මූලාසනයෙන් ප්‍රශ්න කළහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රූපය පමණක් ඇති බැනරයක් මීට ඉහතදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී දක්නට ලැබුණු අතර ඊයේ (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා යොදා ගත් බැනරයේ බණ්ඩාරනායක මහතාගේ සහ එම මැතිනියගේ ඡායාරූපද දක්නට ලැබිණි.
මේ පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරුදුන් එස්.බි. දිසානායක අමාත්‍යවරයා සඳහන් කළේ බණ්ඩාරනායක මහතා පක්ෂයේ නිර්මාතෘවරයා බවත් සිරිමාවෝ මැතිනිය පක්ෂය ආරක්ෂා කිරීමට දහදුක් විඳි ශ්‍රී ලනිපයේ ‘අම්මා’ බවත්ය. එම දෙපළගේ දියණියන් සහ පුතණුවන් පක්ෂය හැර ගියද සිරිමාවෝ මැතිනිය සියලු අභියෝග මැද පක්ෂය හා පාක්ෂිකයන් ආරක්ෂා කළ බවද හෙතෙම සඳහන් කළේය.
පසුගිය කාලසීමාවේ එම දෙපළගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකළේ ඒ බව අමතක වී තිබූ නිසා දැයි මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.
ඒ සඳහා පිළිතුරු දුන් එස්.බි. දිසානායක මහතා මෙසේද කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පිහිටුවීම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ සමග සන්ධානගත වෙනවා. එහිදී ඉදිරියට එන්නේ සන්ධානයේ අරමුණු සහ සන්ධානයේ සලකුණ. ඒ නිසා ‘අත’ ලකුණ පස්සට ගිහින් ‘බුලත් කොළය’ ඉදිරියට ආවා.
ප්‍රශ්නය - ඒ කියන්නේ ‘අත’ ලකුණ පස්සට ගිහින්ද තිබුණේ?
පිළිතුර - නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් පස්සට යන්නේ නෑ. නමුත් පසුගිය කා‍ලේ පක්ෂයේ මහ‍ලේකම් ධුරය තිබුණේ නිද්‍රාශීලීවයි.
මම පක්ෂයේ මහ‍ලේකම් ධුරය බාර ගන්නා විට පක්ෂයට කොඩියක් තිබුණේ නෑ. කාන්තා සංවිධානයක්, තරුණ සංවිධානයක් තිබුණේ නෑ. මම මහ‍ලේකම් වුණාට පස්සෙයි ඒ සියල්ල සිදුවුණේ. මගෙන් පසුව නැවත එය නිද්‍රාශීලී වුණා. නැවත පණ ලැබුවේ බැසිල් රාජපක්ෂ මහතා ජාතික සංවිධායක වූ පසුවයි.

ඡායාරූපය - ප්‍රෑන්ක් ද සොයිසා