පකිස්තාන් ක්‍රිකට් සංචාරය කොට උඩ

jakaria

Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    පකිස්තාන් ක්‍රිකට් සංචාරය කොට උඩ

    රී ලංකා ක්‍රිකට් පිලට ඉදිරියේදී නියමිත ව තිබෙන පාකිස්තාන සංචාරයේදී ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමට ඉඩ තිබේද යන්න ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානයට යොමු වී ඇති ඉන්ඩියා ටුඩේ (India Today) වාර්තා කරයි.

    අද දින (12) පළ වී තිබෙන වාර්තාවකට අනුව, ශ්‍රී ලංකා පිලේ ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධව ඔවුන්ගේ අවධානය යොමු වී ඇත්තේ අගමැති කාර්යාලයෙන් මේ පිළිබඳ අනතුරු ඇඟවීමක් ලැබීමෙන් පසුව ය. පාකිස්ථාන සංචාරය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමේ අවදානම ගැන තමන්ට විශ්වාසනීය තොරතුරු ලැබී ඇතැයි අගමැති කාර්යාලය සඳහන් කර ඇති අතර අදාළ පණිවුඩය ඔවුන් වෙත යොමු කර ඇත්තේ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ය. මේ අනුව තරග සංචාරය ආරම්භ කිරීමට පෙර මේ පිළිබඳ නැවත සලකා බැලීම අත්‍යාවශ්‍ය බව ක්‍රිකට් බලධාරීන්ගේ මතය වී තිබේ.

    පාකිස්ථානයේ කරච්චි නුවර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරග තුනක් සහ ලාහෝර් නුවර පැවැත්වෙන T20 තරග ගණනාවක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 9 දක්වා කාලය තුළ සහභාගි වීමට නියමිත ය.

    උද්ගත ව ඇති තත්වය මත ශ්‍රී ලංකා ආණ්ඩුවේ ද සහයෝගය ඇතිව ආරක්ෂක තත්වය නැවත තක්සේරු කිරීමක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අපේක්ෂා කරයි.

    ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඇතැම් සාමාජිකයන් පාකිස්ථාන සංචාරය සඳහා අකමැත්ත පළ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසට මේ වන විට නිවේදනය කර තිබෙන්නේ දෙවැනි එක්දින ජාත්‍යන්තර සහ ටී 20 කණ්ඩායමයි.

    මේ අනුව පාකිස්ථාන සංචාරය සඳහා තෝරාගත් ක්‍රීඩකයන් වූයේ නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ලසිත් මාලිංග, ඇන්ජෙලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න ය. ආබාධයකට ලක්ව සිටීම නිසා කුසල් මෙන්ඩිස් හට මේ සඳහා ඉදිරිපත් වීමට හැකි වූයේ නැත.

    මේ අතර, පාකිස්ථාන සංචාරයට සූදානමින් සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ පවුල්වල සාමාජිකයන් ද ආරක්ෂාව පිළිබඳ ගැටළුව හේතුවෙන් කණස්සල්ලට පත්ව සිටින බව ඉන්ඩියා ටුඩේ සඳහන් කරයි.

    මේ අතර, පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් කියා තිබෙන්නේ උද්ගතව ඇති තත්වය මත, ශ්‍රී ලංකාවෙන් එවනු ලබන කිනම් කණ්ඩායමක් වුවද තරගාවලි සඳහා පිළිගන්නා බවයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ගමන් ගත් බස් රථයක් ඉලක්ක කරගෙන 2009 වසරේදී සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු පාකිස්ථානය විදේශීය කණ්ඩායම් සඳහා සත්කාරකත්වය ලබාදීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙයි.

    ‍කෙසේ වෙතත් 2017 ඔක්තෝබරයේදී T20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා පිල ලාහෝරයට පැමිණි අතර, ගතවූ වසර 2 ක කාලය තුළ බටහිර ඉන්දීය කොදෙව් පිල ද කිසිදු ගැටළුවකින් තොරව පාකිස්ථානයේදී T20 තරගාවලි සඳහා ක්‍රීඩා කර තිබේ.
     
    • Like
    Reactions: N A K A M U R A

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ක්‍රීඩා ඇමතිවරයා රජයට සතුරු බලවේග සමග එක් වෙමින් පවත්නා රජයට එරෙහිව ක්‍රියා කරමින් සිටී.මෙවැනි අවස්ථාවක ක්‍රිකටස්ලා පකිස්ථානයට යවන එක මොකක් හරි ප්‍රහාරයකට ලක් කර දේශපාලන වාසි ලබා ගැනීමක් විය හැක.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පාස්කු ප්‍රහාරයට ඉන්දියාවෙ රෝ සම්බන්ධ සීන් ඵකක් කියනවා.ඉස්සර ඉඳන්‍ම ලංකාවට කෙලවෙනකන් බලන් ඉන්න රටක් තමා බලු ඉන්දියාව.ඕකුන් කවදාවත් කැමති නෑ අපේ රට දියුණු වෙනවට.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    පාස්කු ප්‍රහාරයට ඉන්දියාවෙ රෝ සම්බන්ධ සීන් ඵකක් කියනවා.ඉස්සර ඉඳන්‍ම ලංකාවට කෙලවෙනකන් බලන් ඉන්න රටක් තමා බලු ඉන්දියාව.ඕකුන් කවදාවත් කැමති නෑ අපේ රට දියුණු වෙනවට.

    :yes: :yes: :yes: