පචයා මුගාබේ වෙන ලකුණු! ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සිම්බාබ්වේ උදාහරණයෙන් අනතුරු අඟවයි !

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    අනාථ ඩෝබියෝ ඇප පිට සැකපිට බලු කෙඳිරිය මේවගේ මිනිස්සුන්ටත් දායිද ?:lol: 🤌
    විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඒකාධිපති පාලනයක ලක්ෂණයක් - ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සිම්බාබ්වේ උදාහරණයෙන් අනතුරු අඟවයි !


    Extending the retirement age of judges is a sign of authoritarian rule - Dr. Jayampathy Wickramaratne warns using the example of Zimbabwe

    විනිසුරුවන්ගේ විශ්‍රාම වයස හෝ සේවා කාලය දීර්ඝ කිරීමට උත්සාහ කිරීම ඒකාධිපති පාලනයක ලක්ෂණයක් බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

    ආචාර්ය එන්.එම්. පෙරේරා ගුණානුස්මරණ උළෙලට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    1978 ව්‍යවස්ථාව මගින් එවකට සිටි විනිසුරුවන් ඉවත් කර තමන්ට අවශ්‍ය පිරිස් පත් කර ගැනීමට ජේ.ආර්. ජයවර්ධන මහතා කටයුතු කළ ආකාරය මෙහිදී සිහිපත් කළ වික්‍රමරත්න මහතා, වර්තමානයේදී ද විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට උත්සාහයක් පවතින බවත් එය කණගාටුදායක තත්ත්වයක් බවත් පෙන්වා දුන්නේය.

    සාමාන්‍ය සම්ප්‍රදාය අනුව විනිසුරුවන් විශ්‍රාම යා යුතු බවත්, ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ පූර්වාදර්ශ ලෝකයේ වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල දැකිය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

    මෙවැනි ක්‍රියාමාර්ග සිම්බාබ්වේ වැනි ඒකාධිපති රාජ්‍යයන්හි දැකිය හැකි ලක්ෂණ බව ද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    - https://newshub.lk/blog/2026/08/17/...amaratne-warns-using-the-example-of-zimbabwe/
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    තනි පක්ෂ ක්‍රමයට යන මේ ගමනේ, උබලා අපිට මෙන්න මේ ගානට බය වෙන්න ඕනේ
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    කක්කා බයියෝ, සිලින්ඩර බයියෝ එක මිටට තියල අරින්න යන්නේ. එකට ඉඩ දෙන්න එපා මිත්‍රවරැනි