මෙහෙමනෙ අපි හැමෝම නිරාගමික වෙලා හිටිය කාලයක් තියෙනව බන් අපේ ජීවිතේ,නිරාගමික අවධියක් තියෙනව,නිකන් හිතපන්කො උබට උබ ඉපදෙනකොටම ආගමක් තිබ්බද,නෑ නේද,ඉපදිලා අවුරුදු දෙක තුනක් යනකන්,සංස්කෘතිය,සදාචාරය,ආගම් කියන දේවල්වලට උබ හුරුවෙනකන් උබට ආගමක් තිබ්බෙ නෑනෙ,පොඩ්ඩක් අන්න උබ ඒ ආගමක් නැතුව හිටිය ඒ අවධිය,ඒ අවුරුදු දෙක තුන ගැන මතක් කරපන්,ඒ කාලෙ උබ අතින් කොච්චර අහින්සක සත්තු එහෙම මැරෙන්න ඇත්ද,උබට අවශ්‍ය දේ උබ බලෙන්හරි ගන්න තරමට උබට මානසික ශික්ෂණයක් තිබ්බෙ නෑනෙ,හිතෙන දේ මොකක්ද ඒක කරනව,ඒක සමහරවිට අනිත් කෙනාට හානියක් වෙන්න පුළුවන් ඒත් උබට ඒක අදාලද,නෑ,ඒ අවධියෙ උබේ අතින් උන හොද දේට වඩා නරක දේ නේද වැඩි,ශික්ෂණයෙන්,හැදියාවෙන් අපි කොච්චර ඈත් වෙලාද ඒ කාලෙ හිටියෙ,ඊට පස්සෙ අපි සංස්කෘතිය සදාචාරය ආගම් ගැන දැනගන්නව අවබෝධයක් ලැබෙනව ලෝකය් ගැන,සමාජයෙ ජීවත් වෙන්න ඕන ක්‍රමයක් තියෙන බව අපි තේරුම් ගන්නව,ඉතින් ඔන්න ඕකයි තත්වෙ බන්,නිරාගමික වෙනව කියන්නෙම අපි ආයිත් අපේ ප්‍රාථමික අවධියට ගමන් කිරීමක්