පට්ට කතා ...

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඔන්න අපිත් දානව jokes collection එකට.

    ------------------------------------sperm count----------------------------------------------------------------

    අව්රුදු 80ක් විතර වයසක මනුස්සයෙක්ගේ සෞඛ්‍ය පරීක්ෂාවකදී දෙනවා කුප්පියක් ධාතු පරික්ෂාවකට සාම්පල් එකක් ගෙන්න කියල.
    මේ මනුස්සය මේකත් අරන් ගෙදර ගිහිල්ල පහුවදා එනවලු හිස් කුප්පියක් එක්ක.
    ඩොකා අහැව්වලු මොකද මේක හිස් කියල.
    ඉතින් මේ මනුස්සය කියනවා, ඩොක්ට, මම එදා ගෙදර ගොහින් වමතින් බැලුව බැරි උනා, දකුණතින් බැලුව බැරි උනා,
    ඊට පස්සේ මගේ wife ට දුන්න, එයත් දකුණු අතින් ට්‍රය් කරා, වමතිනුත් ට්‍රය් කර ඊට පස්සේ කටිනුත් ට්‍රය් කරා, එත් බැරිඋනා.
    ඉස්සරහ ගෙදර ඉන්න ගෑනු මනුස්සයටත් කිව්වා, එය අතින් කටිනුත් කරලා බැරි උන නිසා වලමිටෙනුත් ට්‍රය් කරා,
    අන්තිමට එයා දනහිස් දෙක මැද්දෙන් ගහගෙනත් බැලුව, එත් බැරි උනා මේ අටමගුල් කුප්පිය ඇර ගන්න.

    lol. මම නරක් වෙලා. කතාවේ අන්තිම වෙනකම් මට හිතුනේ වෙන දෙයක්.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    -------------------------------------------- සයිස් එක -------------------------------------------

    ඔන්න දවසක් රුක්ෂාන්ට එයාගේ ඇඟ හදාගන්න ජිම් එකකට යන්න හිතුනලු. ඉතිං මෙයා සේරම අවශ්‍ය බඩු බාහිරාදිය ගත්තලුම් හැබැයි මෙයාට තනියම ගිහිල්ලා සපෝටර් එකක් ගන්න ලැජ්ජයිලු.

    (හපොයි සපෝටර් දන්නේ නැති උදවිය නෑ නේද? ඔව් ඔව් අර පටි සීන් එක තමයි. මොකද බොල හිනා වෙන්නේ. මේවා මිනිස්සු අඳින ඇඳුම්. හුටා ඔය කෙල්ලට තාම මීටර් නැද්ද? ඔය දන්න කෙනෙක්ගෙන් අහලා දැන ගන්නකෝ)

    ඕං ඉතිං මිහිහා එයාගේ යාළුවෙන් වුන අරුණව ඇදගෙන ගියාලු සපෝටර් එක ගන්න. රුක්ෂාන් මීට කලින් කවදාවත් සපෝටර් එකක් අරන් තිබ්බේ නෑලු. ඉතිං මේකා අරුණ එක්ක යන ගමනුත් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරිලු ගියේ. කොහොම කොහොම හරි කඩේට ගිහින් සපෝටර් එක ගන්න යනකොට රුක්ෂාන්ගේ කරුමෙටම එතන ඉන්නේ අක්කා කෙනෙක්ලු. දැන් මූ එතන තවත් ඇඹරෙනවලු. අරුණයා අරූට බණිනවලු.

    අරුණ: මොන මඟුලක්ද බං කරන්නේ ගිහිල්ලා අර අක්කාට කියලා ඉල්ලගනින්කෝ.

    රුක්ෂාන්: බලපන්කො බං එතන කෙල්ලෙක්නේ ඉන්නේ.

    අරුණ: කවුරු හිටියාම මොකද බං. උඹ ගිහින් උඹට ඕන එක ඉලපංකෝ. උඹ නිකං ළඳක් වගේනේ.
    ඔන්න කොහොමහරි අරුණ රුක්ෂානයාව අක්කා ළඟට බලෙන් වගේ ඇදගෙන ගියාලු.

    රුක්ෂාන්: අක්කේ මේ සපෝටර් එකක්.......
    මිනිහා ඇදලා කියනකොට අක්කට තේරුණාලු.

    අක්කා: මොකක්ද මල්ලි සයිස් එක?
    මළකෙලි හතකි.... රුක්ෂානයා ආයෙත් ඇඹරෙනවාලු.

    අරුණ: මොකක්ද බං කරන්නේ අක්කට කියපන්කො සයිස් එක.

    රුක්ෂාන් වටපිට බලා මැදගිල්ලට පොඩ්ඩක් පහල තැනක් පෙන්වමින්.
    රුක්ෂාන්: අක්කේ...... මේ.......... මෙච්චරක් විතර ඇති.

    Source : sudupoosa.blogspot.com
     
    • Like
    Reactions: Yahapala_Naya

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    පට්ට කතා ටිකක් හම්බවුනා. හුගදෙනෙක් මේවා කියවලා ඇති. නොකියපු අයට කියවන්නයි මේ දාන්නේ. මේ වගේ තව සුපිරි කතා තියනවනම් දාන්න.

    -------------------------------------- මට ලොකු චූවෙක් ඕනි --------------------------------------

    කට ඇති පුතුත්, රුව ඇති දුවත් සිටින අඹු සැමි යුවළ තරම් වාසනාවන්ත කිසිවෙක් මේ ලොව නැතැයි කියනු ලැබේ.. කට ඇති පුතෙක් සිටින නිසාම පහු ගිය ඉරිදා දිනයේදී අප කොතරම් වසනාවන්ත වූවාදැයි ඔබටම වටහා ගත හැකි වනු නොඅනුමානය.

    අතුරු කතා කිහිපයක් මඟින් යා යුතු මග එළි පෙහෙළි කර ගත යුතුමය.. ඉන් පසු, පහු ගිය ඉරිදා වෙත මා ඔබව ගෙන යන්නෙමි. අවුරුදු 5 හමාරක් වන මගේ පුතු ඔහුගේ වයසේ සිටින අනිකුත් දරුවන් මෙන්ම ඉතා විමසිලිවන්තය. එසේම ඔහුට කුතුහලය දනවන ඕනිම දෙයක් එවේලේම සැක හැර දැන ගැනීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දයි. මගේ බිරිඳගේ මව සිටින්නේද අප සමඟම වන අතර වයස නිසාම ඇයගේ කන ඇසීමේ පොඩි ආබාධයක් තිබෙන අතර ඇය සමඟ අප කතා කරන විට තරමක් හඬ නගා කතා කළයුතු අතර ඇයද අප සමඟ හඬ නගා සංවාදයේ යෙදෙයි. මෙම අභාසය ලද මපුතුද අප හෝ අන් අය සමඟ කතා කරන්නේ හඬ නගාය. මෙය අප විසින් කෙතරම් පැහැදිලි කර දුන්නද ඔහු එය විනෝදජනක ක්‍රියාවක් මෙන් කරයි. මෙම තත්වය නිසාම අසල්වැසියන් සමඟ සිටින විට හෝ ප්‍රිය සම්භාෂණ වලට ගිය විට ඔහු නිතැනින්ම අන් අයගේ අවධානය යොමු කර ගන්නා සුරතලා වන්නේය. මගේ බිරිඳ ළමා සංවර්ධන හා මනෝවිද්‍යා පශ්චාත් උපාධිධාරිනියක් නිසාම මෙම තත්වයන් බලෙන් මැඩලීමට හෝ තරවටු කර මෙම පුරුදු මඟ හැරවීමට කිසිදා ඉඩ නොලැබේ.

    "Liyaa Darling, theses kind of negative reinforcement will never work nowadays ane... We got to wait and see. One day he will get them all by himself. You also do not know these things. So so let me handle it and do it like i say Darling.."

    මේ කැටයම් දමා මොනවා කීවත් මා කුඩා කාලයේ තිබූ නරක පුරුදු සියල්ලම තාත්තාගෙ පේර කෝටුවෙන් අත හැර දැමූ මතකය මට අමතක නොවේ. නමුත් කාලය වෙනස්ය. තාලය වෙනස්ය..

    "අම්මා අද කඩේ ගිහින් එද්දි බව්වො දෙන්නෙක් නැට්ට ළඟින් ඇලිලා හිටියා.. තාත්තා ඇහුවට කිව්වෙ නෑ "

    "ලියා කියලා දෙන්න ඩාලිං.. තාත්ත ටයර්ඩ්නෙ පුතා ඒ නිසායි ඒ වෙලාවෙ කියලා දෙන්න නැත්තෙ..එන්න පුතූ ඒ බව්ව අම්මෙකුයි බව්ව තාත්තෙකුයි.. අපේ ටොමී ඉන්නෙ එයා බව්ව තාත්තෙක්නෙ.. එහා ගෙදර ලැසී බව්ව අම්මෙක්නෙ..ඒ වගේ දෙන්නෙක් එහෙම ඉඳලා තමයි ටික දවසකින් ෂෝක් බලු පැටව් ටිකක් ඉපදෙයි ඒ බව්වා අම්මට.. තේරුණාද පුතා ?"

    "එතකොට තාත්තයි.."

    "ආන්න අර පූසා ලේනෙක් අල්ලන්න හදන්නෙ අඹ ගහ ළඟ "

    මම හඬ නගා කීවෙමි.පුතු ප්‍රශ්න කිරීම නවතා එළියට දුව ගිය අතර මා බිරිඳ නළල රැළි ගන්වමින් මා දෙස විමසුම් බැල්මක් හෙළුවාය. වචනයක් පිටකර පැය 2-3ක මනෝ විද්‍යා දේශනයකට ගොදුරු වෙනවාද නැත්නම් වත්තට ගොස් පැය 2-3ක් මහන්සි වී දන හිස තෙක් වැවී තිබුණු තණකොළ ටික උදලු ගා දමනවාද යන තේරීම් දෙක මා හමුවේ ඇත.

    "මන් යනවා වත්ත ශුද්ධ කරලා දමන්න"

    "හා හැබැයි පුතූ අහන ප්‍රශ්න වලට කිසිම දවසක උත්තර නොදී ඉන්න එපා.. දෙන උත්තර උණත් හරිම උත්තරය දෙන්න.. ආයි මන් කියන්නෙ නෑ"


    මෙම උත්සාහය නිසා මපුතු තම වයසේ අන් ළමයින්ට වඩා කරුණු කාරණා දන්න අයෙක් වනවාට කිසිම සැකයක් නොමැත. නමුත් මේ ප්‍රශ්න ඇසීම..

    "තාත්තෙ ඇයි අර බව්වො දෙන්නෙක් එකට ඇලිලා ඉන්නෙ?"

    ඒ මොහොතේ කඩය අසල සිටි සියල්ලන්ම මා දෙස බැලූ ආකාරය සහ සිනහා වුණු ආකාරය තවමත් මා දෙසවන් තුළ දෝංකාර දෙයි.
    ඉදිරි සතියක එන පුතුගේ උපන්දිනයට අවශ්‍ය වන බඩු බාහිරාදිය ගෙන ඒමටත් පුතුට අවශ්‍ය වන තෑගි ඔහුට උවමනා ආකාරයටම තෝරා ගැනීමටත් අප තිදෙනා පහු ගිය ඉරිදාවේ ප්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයක් වෙත ගියෙමු. ඉරිදා නිසාම වෙනදාට වඩා සෙනඟක් රැඳුණු අතර.. එහි ගොස් සුළු කාලයකින්ම මපුතු හඬ නගා කතා කරමින් අන් අයගේ අවධානය යොමු කර ගැනීමට සමත් වීය. අපි අමාරුවේ දමන ප්‍රශ්න ඔහුගේ ඔළුවට නොපැමිනේවා යන්න දහස් වරක් මුමුණමින් මා සිටින විට.

    "අම්මේ මට චූ බරයි"

    මේ බර එම අංශයේ සිටින සියලු දෙනාම දැන් දනී..

    "ලියා එක්ක යන්න පුතාව ටොයිලට් එකට මන් යනවා සෙල්ලම් බඩු සෙක්ෂන් එකට දෙන්නම එතනට එන්න"

    ටොයිලට් එක තුළදී සියල්ලන්ම සිනහා ගන්වමින් ,

    "ඇයි තාත්තේ චූ බර හැදුනහම චූවා ලොකු වෙන්නෙ?"

    " පුතා චූ එකතු වෙලා තියෙන්නෙ ඔයාගෙ බඩ පහළ තියෙන බෑග් එකක.. ඒක පිරුණහම තමයි ඔයාට චූ බර හැදෙන්නෙ"

    ටොයිලට් එකේ සිටි කොල්ලන් දෙදෙනකු හක හක ගා සිනාසෙන අතර අප දෙදෙනා සෙල්ලම් බඩු අංශය වෙත ආවෙමු.

    "පුතා අම්මා එක්ක ඔයා ගෙ බර්ත්ඩේ එකට තෑගි තෝරන්න, මන් මේ ඩස්ටර්ස් ටිකක් බලන්නම්.."

    මද විරාමයක් ගැනීමට මා අසල වූ මුළුතැන් ගෙයි උපකරණ අංශයේ නතර වීමි. සියල්ලෝම මා දෙසත් පුතු දෙසත් වරින් වර බලන්නට වූයේ..එකිනෙකාට මොන මොනවදෝ මුමුණමිනි.

    "ඔව් ඕව් ඒ තාත්තා තමයි.. අර ඉන්නෙ අම්මා.."
    "යන් යන් අපිත් ඒ හරියෙ ඉම්මු ටිකක්"

    "පුතුට මොනවද තැගි ඕනි ඔයාම තෝරා ගන්නකෝ.. තෝරා ගෙන මේ ට්‍රොළියට දමන්න"

    බිරිඳගේ කටහඬ මට ඇසෙයි.

    "මේ සෙල්ලම් බඩු ගොඩාක් එව්වා මට තියෙනවා අම්මි"


    සත්‍ය වශයෙන්ම ඔහු මේ වන තෙක් ඉල්ලන ලද සියලුම වර්ගයේ සෙල්ලම් බඩු අප විසින් මිලදී ගෙන ඔහුට ලබා දී තිබුණෙ.. මා බිරිඳගේ මනෝ විද්‍යාත්මක දැනුමට පිං සිද්ධ වෙන්නටය. අපි පොඩි ළමයි ඉල්ලන දේවල් සේරම අරන් දීලා ඒ ඒ වයසේ ඒ ගොල්ලන්ගෙ හිතේ ඇතිවන ආසාවල් ඉෂ්ඨ නොකලොත් පස්සට ප්‍රශ්ණ ඇති වෙනවලු ලියා.. මේ තෑගි අරන් දීම පිළිබඳ මගේ බිරිඳගේ මතයයි..

    "හරි පුතා ඔයා මෙහෙම හිතන්නකො ඔයා මෙ වෙලාවෙදි වැඩියෙන්ම ඕනි කරන දේ හිතලා තෝරා ගන්න.."

    බොහෝ දෙමව්පියන්, තරුණියන් ..ඇතුළු පිරිසක් මේ වනවිටත් සෙල්ලම් බඩු අංශය වෙත පැමිණෙමින් තිබිණි..

    "මරු කතා කියනවා ඒ පොඩි එකා.. "
    "මාර කියුට් අනේ.. කටර් එකක් වගේ කට. "
    "ඒ අම්මලා තාත්තලාට නිවනක් නැතුව ඇති ප්‍රශ්න වලට උත්තර දීලා.. "

    කීප දෙනකුම මා දැක එකිනෙකාට ඇඟිල්ලෙන් අනිමින් තම කතාවල් නවතා ගති.. මා මද සිනා මුසු මුහුණින් හෙමින් සෙල්ලම් බඩු අංශය වෙත පිය මැන්නෙමි. කටේ ඇඟිල්ලක් ගසා ගෙන කල්පනාවක නිමග්න වෙමින් සිටි ඔහු එක්වරම,

    "අම්මේ මෙතන තියෙන සේරම ජාති මං ළඟ තියෙනවා..මට ඕනි ලොකු චූවෙක් "


    මගේ දෙකංශයෙන් දුම් පිට වෙනවාක් මෙන් දැනිණි. අවට හැම අතින්ම ඇසෙන්නෙ සිනා හඬයි.

    "ඇයි පුතේ ඔයාට ලොකු චූවෙක් ඕනි ඔයාට තියෙන්නෙ ඔය "

    බිරිඳ අවට සියල්ලන්ම නොතකා පුතුගෙන් විමසයි.

    "එතකොට් මට ගොඩාක් වෙලා යනකං චූ නොකර ඉන්න පුළුවන්.. මගේ චූවා පොඩි නිසා මට හැම වෙලාවෙම චූ බර හැදෙනවා"

    අහල පහළ අංශ වල සිටින සියල්ලන්මද මෙම අංශයට රොක් වෙනවා සේ මට පෙනිණි.

    "අම්මේ මට ඕනි තාත්තාට වගේ ලොකු චූවෙක්"

    "ලියා පුතාට කොමඩ් එකේ ලිඩ් එක ඕපන් කරලා හරියටම බිම හලන්නෙ නැතුව චූ කරන හැටි උගන්නන්න.. ඔයා..කියලා දුන්නට එයාට තේරෙන්නෙ නෑ.. ඔයා කරල පෙන්නන්න.."දූ පැටියෙක් ඉන්න කොට මන් ඒ සේරම උගන්වන්නම්.. පුතාගෙ වගකීම තියෙන්නෙ ඔයාට. "

    අතීතයේ දිනයක වූ මේ කතා බහ හා ප්‍රායෝගික පාඩම නිසා සැබවින්ම ඔහු තනිවම මෙය කර ගන්නේ කෙසේද යන්න හොඳින් දනී..
    මට මේ වනවිට අවට සිදුවන කිසි දෙයක් නොඇසෙයි.. නොදැනෙයි.. තවත් ගැලවෙන්නට රෙදි කොහෙන්ද ?


    "පුතා ඔයා ලොකු වෙනකොට ඔයාගෙ චූවත් ලොකු වෙයි. අපි දැන් ඉන්නෙ සෙල්ලම් බඩු සාප්පුවෙනෙ.. චූවා කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඔයාගෙ ඇඟේ කොටසක්.. "

    "එතකොට අම්මා කියන්නෙ තාත්තගේ චූවත් සෙල්ලම් බඩුවක් නෙවෙයිද?"

    "පුතා මෙන්න මේ සෙල්ලම් කෝච්චිය ගන්න. ඔයා ළඟ තියෙන එක කැඩිලනෙ හරි යමු යමු අපි දැන් ගන්න තියෙන බඩු සේරම ගත්තනෙ"
    මගේ වාසනාවකට බිරිඳ හෝ පුතු කිසිම විරෝධයක් දැක්වූයේ නැත්තේ අවට සිටින් සියල්ලන්ගේම.. සිනහවෙන් ඉපිලෙන මුහුණු නිසාදැයි මා දන්නේ නැත..
    වෙළඳ සංකීර්ණයේම සිටින සියල්ලෝම පාහේ අප තිදෙන දෙස බලා සිටින්නෙ.. අප යුහුසුළුව මුදල් ගෙවන කවුන්ටරය වෙත ආවෙමු.
    මුදල් ගෙවන කවුන්ටර් පේළියම සුන්දර යුවතියන් පිරිසක් සිනා මුසු මුහුණින් යුතුව සේවය කරයි. මා මුදල් ගෙවීම පිණිස සියලුම බඩු කවුන්ටර මේසය මත තබද්දී..


    "පුතා මොනවද ගත්තෙ ?"

    සුන්දර වෙළඳ සහායක යුවතිය මපුතුගේ නිකටින් අල්ලා සෙලවූවාය.


    "මට ගන්න ඕනි උණේ නම් තාත්තගෙ වගේ ලොකු චූවෙක්.. ඒ උණාට අරන් දුන්නෙ මේ කෝච්චිය.. ඇන්ටි දන්නවද චූවා කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි"

    අහෝ අර යුවතියන් රොත්තම මුහුණු රතු කරගනිමින් සිනහව මැඩ පවත්වා ගැනීමට දැරූ වෑයම !

    කට ඇති පුතෙක් සහ රුව ඇති දුවෙක් සිටින දෙමාපියන් හරිම වාසනාවන්තලු !

    --------------------------------------------------------------------------------------------------
    Source - liyanna-liyanna.blogspot.com
    Posted by Weni
    :lol::lol::lol::lol:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    ------------------ අයියා එන්න පුළුවන් ------------------

    දිනක් මිතුරන් දෙදෙනෙක් වාහනයක ගමන් ගනිමින් සිටියි .. මාර්ගයේ ඉදිරියෙන් හතරමන් හන්දියේ ඇති color lights හි රතු දැල්වී තිබියදී නොනවත්තාම එය පසු කර ගමන් කළේය...

    1 මිතුරා : උඹට පිස්සුද යකෝ .... රතු වැටෙද්දී නතර කළේ නැත්තේ...

    2 මිතුරා : අපේ අයියත් ඔහොම තම.. කවදාවත් රතු වැටෙද්දී නතර කරන්නේ නෑ..

    ඊලග color lights හි රතු දැල්වෙමින් තිබු අතර එයත් පෙර පරිදිම නොනවත්ත ගමන් කළේය..

    1 මිතුරා : උඹට මොකද වෙලා තියෙන්නේ...police කාරයෙක් දැක්කනම් දඩ කන්නයි වෙන්නේ...

    2 මිතුරා : අපේ අයියට රතු වැටෙද්දී පෙන්නන්න බෑ.. කඩගෙනම යනවා පොලිසිය හිටියත්..

    නැවතත් color lights හි කොළ දැල්වෙමින් තිබු අතර ඔහු විගස බ්රේක් ගසා වහනය නතර කළේය...

    1 මිතුරා : උඹ නම් මාර යකෙක් ඔයි...රතු වැටෙද්දී කඩාගෙන ගිහින් , කොළ වැටෙද්දී පිස්සෙක් වගේ පාර මැද වාහනේ
    නතර කරනවා..

    2 මිතුරා : උඹ නම් කියයි..අපේ අයිය එන්න පුළුවන් එහා පැත්තෙන්...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    ------------------ අයියා එන්න පුළුවන් ------------------

    දිනක් මිතුරන් දෙදෙනෙක් වාහනයක ගමන් ගනිමින් සිටියි .. මාර්ගයේ ඉදිරියෙන් හතරමන් හන්දියේ ඇති color lights හි රතු දැල්වී තිබියදී නොනවත්තාම එය පසු කර ගමන් කළේය...

    1 මිතුරා : උඹට පිස්සුද යකෝ .... රතු වැටෙද්දී නතර කළේ නැත්තේ...

    2 මිතුරා : අපේ අයියත් ඔහොම තම.. කවදාවත් රතු වැටෙද්දී නතර කරන්නේ නෑ..

    ඊලග color lights හි රතු දැල්වෙමින් තිබු අතර එයත් පෙර පරිදිම නොනවත්ත ගමන් කළේය..

    1 මිතුරා : උඹට මොකද වෙලා තියෙන්නේ...police කාරයෙක් දැක්කනම් දඩ කන්නයි වෙන්නේ...

    2 මිතුරා : අපේ අයියට රතු වැටෙද්දී පෙන්නන්න බෑ.. කඩගෙනම යනවා පොලිසිය හිටියත්..

    නැවතත් color lights හි කොළ දැල්වෙමින් තිබු අතර ඔහු විගස බ්රේක් ගසා වහනය නතර කළේය...

    1 මිතුරා : උඹ නම් මාර යකෙක් ඔයි...රතු වැටෙද්දී කඩාගෙන ගිහින් , කොළ වැටෙද්දී පිස්සෙක් වගේ පාර මැද වාහනේ
    නතර කරනවා..

    2 මිතුරා : උඹ නම් කියයි..අපේ අයිය එන්න පුළුවන් එහා පැත්තෙන්...

    Me mokakda ban me? therune nane :dull:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Me mokakda ban me? therune nane :dull:

    Sure.. ආයෙත් කියවන්න. :)

    2 මිතුරා : අපේ අයියත් ඔහොම තම.. කවදාවත් රතු වැටෙද්දී නතර කරන්නේ නෑ..

    2 මිතුරා : උඹ නම් කියයි..අපේ අයිය එන්න පුළුවන් එහා පැත්තෙන්...
     
    • Like
    Reactions: kolavari

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    --------ලෝයර්-------

    ඉංජිනේරුවෙකි ඔහු නම තියපු රටේ
    නිම කළ හැමවැඩම නොම්මර එකට වැටේ
    එනමුදු කරපු කරුමය ලෙස කාපි බැටේ
    මරණින් පසු වැටුණි නරකාදියෙහි කටේ

    ගියදා පටන් මේ ලොක්කා අපායට
    නොතිබූ නිසා කිසිවක් ප්‍රිය මනාපෙට
    වෙහෙසා මොළේ ටික ටික මුත් ක්‍රමේකට
    මොඩිෆයි කළා නරකය නව විලාසෙට

    ඒ සී කළා මේකා නරකාදියම
    බැන්දා කොමඩ් හැම පොදු වැසිකිළියකම
    ලිෆ්ට් එක හයි කළා කටු ඉඹුලේ මුළම
    මොහු ගැන කථාවෙයි දැන් මුළු අපායම

    දෙව්ලොව වෙතට මේ ආරංචිය ලැබුණා
    දුරකථනයට සක් දෙවිඳුගෙ අත යැවුණා
    "ඕකා එවාපන් මා හමුවට සැනිනා"
    වසවත් මරුට සක් දෙවියන් අණ දුන්නා

    "ඇවිදින් කරන සේවෙට මූ අපායට
    පඩියක් දීල ගත්තා මාළිගාවට
    ඔහුනම් එවන්නේ නෑ ඔබ අභිමුවට
    පත් කරනවා ඊළඟ මැති සභාවට"

    සක්කරයාට සත්තකටම මල පැන්නා
    වසවර්තියට ඊලඟ ඇමතුම දුන්නා
    "එව්වේ නැතොත් මූ මා ගාවට සැනිනා
    එරෙහිව අපායට නඩුවක් පවරන්නා"

    හිකි හිකි ගගා යමරජු පිළිතුරු දෙන්නේ
    "කොහොමද විරුද්ධව මට නඩු පවරන්නේ
    කළුනික හොයනුමැන හෙව්වොත් හමුවන්නේ
    "ලෝයරයෝ" කොහෙද බොස් දෙව්ලොව ඉන්නේ?"

    copyright_red_by_mobmotherscitah-d8botjo.gif
    ශාරා
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    --------ලෝයර්-------

    ඉංජිනේරුවෙකි ඔහු නම තියපු රටේ
    නිම කළ හැමවැඩම නොම්මර එකට වැටේ
    එනමුදු කරපු කරුමය ලෙස කාපි බැටේ
    මරණින් පසු වැටුණි නරකාදියෙහි කටේ

    ගියදා පටන් මේ ලොක්කා අපායට
    නොතිබූ නිසා කිසිවක් ප්‍රිය මනාපෙට
    වෙහෙසා මොළේ ටික ටික මුත් ක්‍රමේකට
    මොඩිෆයි කළා නරකය නව විලාසෙට

    ඒ සී කළා මේකා නරකාදියම
    බැන්දා කොමඩ් හැම පොදු වැසිකිළියකම
    ලිෆ්ට් එක හයි කළා කටු ඉඹුලේ මුළම
    මොහු ගැන කථාවෙයි දැන් මුළු අපායම

    දෙව්ලොව වෙතට මේ ආරංචිය ලැබුණා
    දුරකථනයට සක් දෙවිඳුගෙ අත යැවුණා
    "ඕකා එවාපන් මා හමුවට සැනිනා"
    වසවත් මරුට සක් දෙවියන් අණ දුන්නා

    "ඇවිදින් කරන සේවෙට මූ අපායට
    පඩියක් දීල ගත්තා මාළිගාවට
    ඔහුනම් එවන්නේ නෑ ඔබ අභිමුවට
    පත් කරනවා ඊළඟ මැති සභාවට"

    සක්කරයාට සත්තකටම මල පැන්නා
    වසවර්තියට ඊලඟ ඇමතුම දුන්නා
    "එව්වේ නැතොත් මූ මා ගාවට සැනිනා
    එරෙහිව අපායට නඩුවක් පවරන්නා"

    හිකි හිකි ගගා යමරජු පිළිතුරු දෙන්නේ
    "කොහොමද විරුද්ධව මට නඩු පවරන්නේ
    කළුනික හොයනුමැන හෙව්වොත් හමුවන්නේ
    "ලෝයරයෝ" කොහෙද බොස් දෙව්ලොව ඉන්නේ?"

    copyright_red_by_mobmotherscitah-d8botjo.gif
    ශාරා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: