The Sopranos.(1999-2007)
Creator - David Chase
IMDb - 9.2/10
ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ මාෆියා කල්ලි නායක(Boss) Anthony(Tony) Soprano තම පවුලේ සහ අපරාධ ජීවිතයේ විවිධහැලහැප්පීම් වලට ලක් වන ආකාරයත් ඔහු ඒවාට මුහුණ දෙන ආකාරයත් මෙම කථා මාලාවේ මූලික සාරාංශය ලෙස දැක්විය හැකියි.
මෙම පීඩනකාරී ජීවිතය නිසා ඔහු විටින් විට මානසික අවපාතයන්ට සහ ඒ නිසා ඇති වන සිහි මුර්ජා වීම් (Panic Attacks) වලටලක් වෙනවා.එයට පිළියමක් ලෙසින් ඔහු වෘත්තිමය මනෝ උපදේශනයට යොමු වෙනවා.
කථාව ඇරඹෙන්නේ මෙතැන් සිටයි.
HBO නාලිකාවේ විකාශය වූ මෙය එදා මෙදා තුර බිහිවූ අති විශිෂ්ටතම රූපවාහිනී මාලා නාටකයන්ගෙන් එකක් ලෙස සැලකෙනවා.
මෙහි ඇති කලින් බලාපොරොත්තු විය නොහැකි සිදුවීම්(Plot twists), චරිත වල සහ කතාවේ තාත්වික බව සහ ඉතා ඉහල ගණයේ Cinematography මෙහි විශිෂ්ට බව කියාපානවා.
මෙහි ඇති තවත් එක් සුවිශේෂීම ලක්ෂණයක් වනුයේ මෙම චරිත වල හැසිරීම ප්‍රේක්ෂකයාව පත් කරන අපහසුතාවයයි.එනම් ප්‍රේක්ෂකයාට මෙහි චරිතයකට දිගටම කැමති වන්නට හෝ දිගටම අකමැති වන්නට බැහැ.ප්‍රධාන චරිතය වන Anthony Soprano උදාහරණයක් ලෙස ගතහොත් තම දරුවන් සහ පවුල වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන ආදරණීය පියෙක් ලෙස ඔහු එක්මොහොතක ප්‍රේක්ෂකයාගේ ආදරයට ලක් වන අතර ඊළඟ මොහොතේදී තමාගේ දෙපා මුල වැටී සමාව ඉල්ලන තම සතුරෙකුව කෲර ලෙස මරා දමන හිත් පිත් නැති මිනීමරුවෙක් ලෙස ඔහු ප්‍රේක්ෂකයාගේ පිළිකුලට ලක් වෙනවා.
Tony ගේ මනෝ උපදේශිකාව වන වෛද්‍ය Jennifer Melfi සමග ඔහුගේ ප්‍රතිකාර සැසි තුලින්ද ප්‍රේක්ෂකයාට හොඳ සහ නරක එකම කාමරයක් තුල තබා දකින්නට සලස්වනවා.තම අපරාධ,මිනීමැරුම් ආදිය ගැන Tony ඉතාම සැහැල්ලුවෙන් වෛද්‍යවරිය සමග පවසන අයුරුත් ඇය ඒවායින් මහත් කම්පනයට පත් වන අයුරුත් තුලින් එකම මොහොතක මානුෂීය මනසකත් අමානුෂික මනසකත් වෙනස ප්‍රේක්ෂකයාට පෙන්වනවා.
මෙවැනි අපරාධ ශානරයේ කතා මාලාවකින් බලාපොරොත්තු විය නොහැකි තරම් හාස්‍යජනක ජවනිකාද මෙහි අඩංගුවෙනවා.නමුත් කිසිම විටෙක ප්‍රධාන කතාවට බාධාවක් හෝ චරිත ගොඩනැංවීම් වලට හානිකර නොවන ලෙසින් ඒවා ඉදිරිපත් කර තිබෙනවා.
මීට අමතරව මෙහි සාර්ථකත්වයට බලපෑ ප්‍රධානම කරුණක් ලෙස නලු නිලියන්ගේ විශිෂ්ට රංගනය සැලකිය හැකියි.ප්‍රධාන චරිත මෙන්ම සෙසු චරිත රඟ දැක්වූ නලු නිලියන්ද සිය චරිත වලට උපරිම සාධාරණයක් ඉටු කරනවා.මෙහි රංගනය වෙනුවෙන්
James Gandolfini 2000දීත්
Edie Falco 2000දී සහ 2003දීත්
Nancy Marchand(Tony ගේ මව) 2000දීත්
Golden Globe සම්මානයෙන් පිදුම් ලබනවා. විශේෂයෙන්ම Tony ගේ දරුවන් දෙදෙනා වන Anthony Jr. සහ Meadow ගේචරිත නිරූපනය කළ Robert Iler සහ Jamie-Lynn Sigler ද ඔවුන්ගේ වයසට තරම් නොවන සුවිශේෂී රංගනයක් ඉදිරිපත් කරනවා.
ලිපිය අවසන් කරන්න කලින් The Sopranos කතා මාලාවට සම්බන්ධ Interesting Facts ටිකකුත් කියන්නම්.
1.Tony ගේ මාෆියා කල්ලියේ උප නායකයෙක්(Capo) වන Paulie Gualtieri ගේ චරිතය රඟ දක්වන Tony Sirico ඇත්තටම හිටපු mafia සාමාජිකයෙක්.ඔහු 28 වතාවක් විවිධ අපරාධ සඳහා සිරගත වී තිබෙනවා.
2.කතාවේ එක තැනක Tony ගේ බෑණා වන Christopher Tony ට කියනවා "ඔයාගෙ බර අඩු කරගත්තෙ නැත්තම් ඔයා අවුරුදු 50දී Heart Attack එකක් හැදිලා මැරෙයි" කියලා.ඒ කිව්ව වගේම ඇත්ත ජීවිතේදි James Gandolfini 2013 දී හෘදයාබාධයක් නිසා ජීවිතයෙන් සමුගන්නවා.එතකොට ඔහුට වයස අවුරුදු 51යි.
3.Pilot episode එකේ Tony කොට කලිසමක්
ඇඳගෙන outdoor party එකක ඉන්න scene එකක් තියෙනවා.ඒක රූපවාහිනියේ ගියාට පස්සේ ඇත්තම mafia boss කෙනෙක්James Gandolfini ට call කරලා ආයෙ කවදාවත් කොට කලිසම් අඳින්න එපා කියලා කිව්වලු.ඒ වගේම විවිධ mafia සාමාජිකයන් විටින් විට James ට කතා කරලා විවිධ උපදෙස් දුන්නලු.
4.මේක R Rated කතාවක්.නිතරම අසභ්‍ය වචන පාවිච්චි වෙනවා.වැඩිම වාර ගණනක් අසභ්‍ය වචන පාවිච්චි වෙලා තියෙන්නෙ 2 වෙනි season එකේ.ඒකෙදි Fuck කියන වචනය විතරක් 715 වතාවක් විවිධ චරිත විසින් කියලා තියෙනවා.
5.මුල් season 3 දී opening credits (කතාවක් පටන් ගනිද්දි සින්දුවකුත් එක්ක නලුවන්ගෙ අධ්‍යක්ෂකගෙ එහෙම නම්දාන්නෙ.අන්න ඒක)වලදී අපිට Tony ගේ වාහනේ rear view mirror එකෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථානය දකින්න පුලුවන්.ඒත් ඉතුරු season 3දි ඒක දකින්න ලැබෙන්නේ නෑ.ඒ කොටස 9/11 ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් පස්සෙ ඉවත් කරලා තියෙනවා.
6.Tony Soprano චරිතය රූපවාහිනී කථා මාලා ඉතිහාසයේ පළමු Anti Hero චරිතය ලෙස සැලකෙනවා.අපි හැමෝම දන්න anti hero කෙනෙක් වන Breaking Bad කථා මාලාවේ Walter White චරිතය නිරූපනය කළ Bryan Cranston වරක් "without Tony Soprano there is no Walter White." යනුවෙන් පැවසුවා.
ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඔබ The Godfather,Goodfellas වගේ චිත්‍රපට වලට කැමති නම් මේකත් අනිවාර්යයෙන්ම බලන්න.නියම කතාවක්.ඉහලින්ම recommend කරනවා.
ඒ වගේම මේක වැඩිහිටියන්ට පමණයි.නිරුවත් දර්ශන,අසභ්‍ය වචන තියෙනවා.පොඩි අය එක්ක බලන්න එපා.
මං download කරේ 1337x එකෙන්.1080p hezzmatt කියල තියෙන torrent එක.මේකට සිංහල උපසිරැසි නම් නෑ.Subscene එකේ 720p REWARD කියල තියෙන subtitles මං download කරපු video files වලට match උනා.
ඉතින් බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා.
ජය වේවා..!!!