පට්ට

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සිංහල භාශාවේ පට්ට කියන වචනය භාවිතා කරන්නෙ මොකක් හරි දේකින් හොඳම එක වර නගලා හඳුන්වා දීමටයි.
    ඒ අර්ථයෙන් ගත්තම මේ රටේ ඉතිහාසය පුරාවටම සිදු කරපු පට්ටම හොරකම මහබැංකු කොල්ලයයි,
    ඒ නිසා ඒ හොරකම මෙහයවපු රනිල් වික්‍රමසිංහ කියන්නෙත් පට්ටම හොරෙක්.
    ශ්‍රීලංකාව රටක් හැටියට අත්සන් කරපු ගිවිසුම් වලින් පට්ටම හානිකර ගිවිසුම සිංගප්පුරු ගිවිසුමයි. ඒ තුලින් රටට වන හානිය ඉන්දු ලංකා ගිවිසුමටටත් වඩා වැඩියි.
    ඒ මොනවා වුනත් ඒ අයගෙ පාක්ශිකයො මේ අපි කියන ඒවා කොච්චර ඇත්තද කියලා හදවතට දැනුනත් ඒ පක්ෂ වල පාක්ශිකයන්ට මේවා අදාල නෑ.
    මේ රටේ හොරකම ,දුෂනය, වංචාව අද පට්ට සංස්කෘතිකයක් වෙලා ඉවරයි. . . එහෙම රටක මේ හොරකම්,වංචා, දූෂන කථා කරන ඊට එරහිව දේශපාලනය කරන ජේවීපී කාරයන්ව පට්ට මෝඩයො පිස්සො හැටියට හඳුන්වන තරමටම මේ රටේ සමහර මිනිස්සු අද දේශපාලන වශයෙන් අන්ධ භක්තිකයො වෙලා.
    දේශපාලනය තුල විතරක් නෙමෙයි පාසලක වුනත් අවංකව කෙලින් රාජකාරිය කරන ගුරුවරයෙක්, රාජ්‍ය ආයතනයක කෙලින් වැඩ කරන සේවකයෙක් දැක්කත් ඒ මිනිහාවත් පිස්සෙක් ක්,මෝඩයෙක් හැටියට හංවඩු ගහලා හඳුන්වන අය තමා වැඩියෙන්ම ඉන්නෙ.
    හොරකම,වංචාව ,නාස්තිය ,දූෂණය, තක්කඩිකම පට්ට සංස්කෘතියක් වුනු රටක ඊට එරහිව දේශපාලනය කරන ජවිපෙ අපි ඒගොල්ලන්ට අනුව පට්ට මෝඩයො.එහෙමත් නැත්නම් අපි මේ කරන්නෙ පිස්සු දේශපාලනක්.
    මෙහෙම ජනතාවක් ඉන්න රටක මේ පට්ට ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියට එරහිව උඩුගම් බලා යන ඒගොල්ලොන්ගෙ වචන වලින්ම කිව්වොත් මෝඩ, ජේවීපී කාරයෝ ලක්ෂ හතක් සිටීම ගැන ඇත්තටම අපි ආඩම්බර විය යුතුයි.
    ----------- ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත සහෝදරයා, ලංකා ගුරු සේවා සංගමයේ වාර්ෂික මහා සමුළුවේදී -------


    43828479_2748310928727464_2974300951680122880_n.jpg