පඩිය 30000 නවාතැන් කුලිය 30000

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පඩිය 30000 නවාතැන් කුලිය 30000

    බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ දෙමටගොඩ ඉන්ෂාෆ් ඊබ්‍රහීම්ට අයත් බව පැවසුණ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් අතුරින් 9 දෙනෙකු බෝම්බ ප්‍රහාරයට පසුදාම පොලිස් අත්අඩංගුවට පත්වූයේ සැකසහිත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බවට පොලිසියට ඒත්තුයාම නිසාය.
    මෙම කර්මාන්ත ශාලාවේදී
    මරාගෙන මැරෙන බෝම්බ සකස් කළ බවට පොලිසියට මුලදී සැක මතුවූ අතර තඹ ආශ්‍රිත ව්‍යාපාරයට අමුද්‍රව්‍ය ගෙන්වන මුවාවෙන් බොම්බ සකස් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනෙන්නට ඇති බවටද සැක පහළවී තිබුණි.
    අත්අඩංගුවට ගත් පසු මෙම 9 දෙනා ගැන පොලිසිය කළ විමර්ශනයේදී එක් සැකකරුවෙකුට තඹ කර්මාන්ත ශාලාවේ

    සේවය කරනවාට වැටුප ලෙස මාසිකව රුපියල් 30000 ක් ලැබුණ බවට කරුණු සඳහන් කර තිබුණි. නමුත් ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම අනුව ඒ අය නවාතැන්ගෙන සිටි ස්ථාන වලට වෙන වෙනම රුපියල් 30000 හෝ ආසන්න මාසික කුලී ගෙවා තිබූ බවටද කරුණු හෙළි විය.
    පොලිසියට මෙහිදී සැක මතුවූයේ එතරම් මිලක් ගෙවා නවාතැන්ගෙන සිටින ඔවුනට වියදම පියවාගන්නට හැකිවූයේ කෙසේද යන්නයි.
    වැඩිදුර විමර්ශනයේදී ඔවුන් වැඩි දෙනෙකු අදාළ කර්මාන්ත ශාලාවේ පැමිණිමේ ලේඛනයේ නැති අය බවටද කරුණු හෙළි විය. එසේ නම් ඔවුන් එහි සේවය කරන බව කියා ඇත්තේ ව්‍යාජ ලෙස බවත් නාමිකව අදාළ කර්මාන්ත ශාලාවට සම්බන්ධවී වෙනත් වැඩ කර තිබෙන බවත් සැක ඇති විය.
    ඔවුන්ගේ දුරකථන දත්ත විහ්ලේෂණයේදී සිම්පත් කිහිපයක් භාවිත කරමින් ඔවුන් කටයුතු කරන අයුරුත් ඒවායෙහි දත්ත අනුව දවස පුරා කොළඹ විවිධ ස්තානවල ගැවසුණ බවට කරුණු හෙළිවූ බවත් පොලිසිය දන්වා ඇත. ඔවුන් ඔත්තු කරුවන් ලෙස භාවිත කර ඇති බවට පොලිසිය සැක කලේ ඒ නිසාය.
    ඒ අනුව පසුගිය 6 වනදා ඔවුන් නැවත උසාවියට ඉදිරිපත් කළ අවස්තාවේ පොලිසිය මේ කරුණු ූඋසාවියට වාර්තා කර තවදුරටත් රඳවා ගන්නට ඉල්ලා සිටින ලදි.

    නමුත් විනිසුරු ලෙස කටයුතු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඔවුන් 9 දෙනා ඇප මත මුදාහරින ලදි. ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ බවට ඔවුන්ට කරුණු නැතැයි විනිසුරු දන්වා එලෙස ඇප ලබාදී තිබුණි.නමුත් එම ඇප ලබාදීම ගැටලුකාරී බවට දැන් කථාබහක් මතුව තිබේ.

    වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි සේවකයන් 9 දෙනා ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් අරඹා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ඊයේ දැනුම් දුන්නේය.
    ඔවුන් මුදා හැරුණේ වැල්ලම්පිටිය පොලීසිය මගින් අධිකරණයට කරුණු දැක්වීමේදී සිදුවු යම් දෝෂයකින්ද නැතිනම් නිසි ආකාරව කරුණු නොදැක්වීමක්ද යන්න සම්බන්ධයෙන් මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    According to Criminal Procedure Code of SL charges relating to offense needs to be framed by the Magistrate . He can seek AG's advice in framing too.
    I see two grave lapses in this instance
    a. Attorney General's department had not given any instructions to Police regarding these suspects before producing them before court. A detention order can be issued that prevents magistrate granting bail.
    b. Magistrate has not considered the facts contained in the B report and tried to consider what charges are investigated and there are evidence relating that. Eg PTA and other Emergency Regulations. He should not rely on charges stated in B report as he is required to frame charges from the facts according to our law. This is a thing that most Magistrates do not know and apply.


    In the past,,,,
    Badudeen (then minister in MR govt) threatened Magistrate of Mannar and he also instigated a mob to attack courts and damaged it . Magistate complained to JSC in 2012 but no action was taken.
    Mr. Jeff Alagaratnam PC filed contempt of court action in Court of Appeal, but minister tendered an apology and was discharged by sinhalese Court of Appeal Judge in 2014.
    We know for lesser contempt charge powerful minister SB was imprisoned by our Supreme Court.


    You decide...facts are before you...these are not fake ... we have very short memories..... I just reminded one incident... but not all...