පඩිය

ncbrando

Member
Jan 31, 2014
838
115
0
පඩිය

ගිහින් එන්නම් මම
ආයෙමත් ලබන මස
දුක් වින්ඳ මහන්සියට
දහඩියේ නෝට්ටුව දෙන්න

සිනහවක් නොම නැති
තරහටම පෙම් බැඳි
නුඹ ඔහොම උන් හැටි
මට තවම පුදුමෙකි

කඳුළු අතරින් ගලන
දහඩියෙන් නොකිපෙන
සීත කාමර සරන
පසුම්බි නම් අපට නැත

සෙනෙහසට අකම්පිත
සෙනෙහසින් විකිණෙන
නොමැති කල වියැළෙන
නුඹමදෝ මගෙ පඩිය

බඩු මිලට නොසැලෙන
ෂෙඩ් එකේ තෙල් හිඳින
බැංකුවේ ඉලක්කම
නුඹමදෝ පෙම් පඩිය

ආලයත් උකසට
හින්ඳවා ණය කර
පොලී ගෙවනා දිවිය
නුඹමදෝ ළිං පඩිය

-මාලන් විදානපතිරණ

 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මරු..
11.gif
 

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
මසකට වරක් - ඒනතුරැ නිවස බලා
සිටී ම'පියඹ - දෑස් දල්වා
දකින්නට නොව අැගේ සුහදා
උදුර ගන්නට - පඩි පැකට්ටුව