පණ්ඩිත් අමරදේවයන්....
උදෑසනම සිට පණ්ඩිත් අමරදේවයන්ගේ යූ ටියුබ් සින්දු එකින් එක බලමින් සිටින විට මේ සටහන නොතබාම බැරිබව දැනුනි.
යම් කිසි නෑ දෑ හිතවතෙක්/ප්‍රසිද්ධ පුරවැසියෙක් මියගියේ යැයි සැලුණු විට අපිට එක් වරම සිතෙනුයේ "අය්යෝ,පව්" යනාදී සිතිවිලිය.නමුත් මෙම අසහාය මිනිසාගේ නික්මයාම ගැන මට සිතෙන්නේ,එතුමා පව් නැත.එතුමාගේ පින් මහිමයට තව්තිසාවද සහේදැයි සිතේ."පව් අපිය ".මන්දයත් ඒ අසහාය ගාන්ධර්වයාගේ පණ ඇති ස්වරය නැවතත් අපේ දෙසවන නොවකෙන නිසා හා නැවතත් ඉරාජ්,ලහිරු.,etc .... (මුන්ගේ නම් මට මතක නැත,තිබ්බාද වැඩක් නැත ) වැනි බාල ,හැබිචෝල් කාරයින්ගේ හඩ නැවතත් හෙට සිට මාධ්‍ය රජකරන්නට පටන්ගන්නා බැවිනි.කොහෙන් හෝ වචන ටිකක් අහුලාගෙන විත්,එයට ඩිජිටල් track එකක් යොදා කුමන හෝ video ආයතනයකින් රූපරාමුවකුත් අටවාගෙන,එෆ් එම් හා රූපවාහිනී නාලිකා පසුපස ගොස් ඒවා කෙසේ හෝ විකුණා තම "Share " එක කීයදැයි අහමින්,යූ ටියුබයේ "වීව්ස්" හා downloads ගනන්කරමින් පොස්ට් මුදාහරින මෙවන් නොසන්ඩාලයින් දැනගත යුතු එක දෙයක් තිබේ.අමරදේවයන්ට ගීතයක් එළිදක්වනවා යනු තවත් එක් මුල්ය්ය්මය "Share " එකක් නොව, තම ආත්මීය තෘප්තියේ "Share " එකකි.තම හදවතට දැනෙන ස්වරයට අනුව,සේකරයන්ගේ පදපෙලට තනුවක් යොදා ගැයූ ගී,තවමත් අපේ හද සන්තානය නිවී සනහන්නේ ඒ නිසාය.තවද ලක්ෂ්මි සහ සරස්වතිය එකට වැඩ ඉන්නේද නැත.
අවසාන වශයෙන් කිවයුතු දෙයක් ඇත..මාස්ටර් කිව්වා සේම එම යුගය පෙරලි කල,යුගයක් වෙනස් කල යුග පුරුෂයා ඔහුද,දෙවනුව යුග පෙරලිය කල ක්ලැරන්ස් විජේවර්ධනයන්ද අද නොමැත.අවසාන යුග පෙරලිය කල රූකාන්තයන් පමණක් අද ඇත.පොඩි හෝ සතුටකට ඇත්තේ(වික්ටර්,මාලනිය,එදිරිසිංහයන්,අමරසිරි පීරිස්,සනත් වැනි මහා සංගීත වෘක්ෂවලට අමතරව ),කීර්ති,ජගත්,නිරෝෂා,දීපිකා,කසුන්,නදීක, වැන්නවුන් අතලොස්සක් තවමත් ගී කෙතේ අස් වැද්දීමට සිටින නිසාය.
හැබිචෝල් කාරයින් හට හෙළ ගී කෙත පාළු නොකරන්නට මොවුන් වගබලගනිවී යන්න උදක්ම බලාපොරොත්තු වෙමි.
අමරදෙවයාණෙනි, ඔබට නිවන්සුව පතන්නට මම ලොබ වෙමි,
පින් කේත හෙළ රන් දෙරණේ යලි උපදින්නට ඉක්මනින්ම ඔබට හේතු වසනා වේවා.!!!
~Satan ~