View attachment 123171
Eczema සිංහලෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ කියවෙන පණුකැවිලි කියන්නෙ සමේ ඇතිවෙන ප්‍රදාහක තත්ත්වයක්. ප්‍රදාහනය කියන්නෙ ශරීරයේ පටක වලට හානි වුනාම ඇතිවෙන පටකයේ වෙනස්කම්. මේ වෙනස්කම් ඇතිකරවන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන්. උදාහරණයක් විදියට ඇඟිල්ලක ලී කෑල්ලක් ඇනුනට පස්සෙ එතන රතු වෙලා ඉදිමිලා එන්නේ එතන පටක වලට හානි වෙලා පිටින් විෂබීජ එන නිසා. Eczema හැබැයි එන්නෙ පිටින් විෂබීජ ඇවිත් නෙවෙයි.
කොටින්ම ආසාදනයක් නොමැතිව සමේ ඇතිවෙන ප්‍රදාහක තත්ත්වයට තමයි eczema කියන්නෙ.
මේ විදියට කිව්වට eczema වර්ග ගණනාවක් තියෙනවා. වෛද්‍ය විද්‍යාවේ eczema වර්ග බෙදන විදිත් ගොඩක් තියෙනවා. ලේසි විදියට බෙදුවොත් මෙහෙම දාන්න පුලුවන්
1.
අන්තර්ජන්‍ය( ඒ කියන්නෙ ශරීරයේ ඇතුළෙන්ම ඇතිවෙන)
●Atopic eczema - බහුලවම දකින්න ලැබෙන වර්ගය. ඇලර්ජි එක නිසා එන ටයිප් එක
●venous eczema - නහර ගැට ගැසුන අයගේ කකුලේ එන එක්සිමා වර්ගය
2.
බහිර්ජන්‍ය (ශරීරයට පිටින් එන බලපෑමක් නිසා ඇතිවෙන)
●Irritant contact eczema (contact dermatitis) - ඔරලෝසු, සෙරෙප්පු පටි, සිමෙන්ති වගේ බාහිරින් ශරීරය මත යොදන ද්‍රව්‍ය වලට සමේ ප්‍රදාහයන් ඇතිවීම
●Photosensitive eczema - ඉර එළියට නිරාවරණය වෙන පෙදෙස් වල එන එක්සිමා තත්වය
View attachment 123172
View attachment 123173
තව වර්ග තියෙනවා. මම මෙතන දැම්මේ බහුලව දකින්න තියෙන තත්ත්ව ගැන.
Atopic eczema
මෙතන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ atopic eczema ගැන මොකද බහුලතම තත්ත්වය ඒක නිසා. පොඩි බබාල මුල් අවුරුදු කීපයේ ගොඩක් වෙලාවට 20% දකින්න ලැබෙන දෙයක්. වැඩිහිටියන්ගෙත් 5% කගේ වගේ දකින්න පුලුවන්.
මේක ඇතිවෙන්න හේතුව ආසාත්මිකතාව. ඒ කිව්වෙ ඔයාට ඇලර්ජි එකක් තියෙන යම් ද්‍රව්‍යයක් සමේ තැන්පත් වුනොත් හරි කෑමෙන් හරි ඇඟට ඇතුළු වුනාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒක හානිකර ද්‍රව්‍යක් විදියට අඳුරගෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල අධික්‍රියාකාරී වීමක් තමා ඇලර්ජි එකක් කියන්නෙ. සමහර අයගේ මේ අධික්‍රියාකාරී වෙච්ච සෛල චර්මන්පටක වලට හානි කරනකොට තමා රතු වෙලා, බිබිලි දාල කසන්න හැදෙන්නෙ.
මේ විදියට ආසාත්මිකතා ඇතිවෙන ද්‍රව්‍ය විදියට වැඩිපුරම අපිට හම්බවෙන්න
●රෙදිසෝදන කුඩු, සමහර සබන් වර්ග, ෂැම්පූ
●අධික රස්නය
●මානසික ආතතිය
●සත්ත්ව ලෝම
●කෑම වර්ග
අවුරුද්දට අඩු බබාලගේ මේ තත්ත්වය එන්නෙ මූණේ. මූණු රතු වෙලා අඩන්න ගන්නවා හොඳටම. අඩන්නෙ කසන ගතිය නිසා ඇතිවෙන අපහසුතාවෙට.
අවුරුද්ද පහු කලාට පස්සෙ බබාලගෙ එන්නෙ වැලමිට ඉස්සරහ, දණහිස පිටිපස්සෙ වගේ නැවෙන තැන් වල සහ වළලුකරේ මැණික්කටුවල
වැඩිහිටියන්ගේ එන්නෙ අත් වල, විශේෂයෙන් ඇඟිලි තුඩු වල වගේ.
මේකෙ දකින්න ලැබෙන ලක්ෂණ රෝගයේ ත්‍රීවතාව එක්ක වෙනස් වෙනවා.
සුළු වශයෙන් ආවොත් පෙන්න තියෙන්නෙ හමේ රතුපාට පොඩි රෑෂ් එකක් පොඩි කසන ගතියක් විතරයි.
මැද මට්ටමේදී ලොකු රතුපාට රෑෂ් එකයි නිතර කසන ගතියයි, හමේ ගණකම වැඩිගතියකුයි පේනවා.
දරුණුවටම ආවොත් කලින් කිව්ව ඒවට අමතරව හමේ පැලීමක් නිසා ලේ හරි සැරව ගැලීමක් බලා ගන්න පුලුවන්.
ප්‍රතිකාර විදියට ඉස්සෙල්ලම කරන්න ඕනේ ආසාත්මිකතාව තියෙන ද්‍රව්‍ය වර්ග රෝගියා ළඟින් ඈත් කරන එක. මොකද රෝගියා ඒවා සමඟ ගැටෙන්න ගැටෙන්න මේ තත්ත්වය වැඩි වෙනවා. ඊළඟට සමේ වේලිච්ච ගතිය අඩුවෙන්න ක්‍රීම් එකක් දෙනවා. එක්සිමා ඇතිවෙලා තියෙන සම ආවරණය කරන්න බැන්ඩේජ් එකක් දෙනවා.
වැදගත්ම බේත තමයි ස්ටෙරොයිඩ්ස්. ස්ටෙරොයිඩ්ස් කිව්වෙ කායවර්ධනය කරන්න පාවිච්චි කරන ඒවා නෙවෙයි. මේ ස්ටෙරොයිඩ්ස් පාවිච්චි කරන්නෙ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කරන්න. ඒක ඇහුවට බය වෙන්න එපා. මේක දෙන්නෙ සමේ ආලේපනයක් විදියට නිසා සමට තමා මුලික බලපෑම. හැබැයි එක්සිමා එක දරුණු නම් බොන්නත් ස්ටෙරොයිඩ්ස් දෙනවා. එතකොට නම් මුළු ඇඟේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපන වෙනවා බේත් බොන දවස් ටිකට.
එක්සිමා එකේ හම පැලෙන්න ඉඩ වැඩි නිසා මේ පැලිච්ච හමෙන් විෂබීජ ඇතුල් වෙලා ආසාදන වෙන්න පුලුවන්. ඒ වෙලාවට ප්‍රතිජීවක Antibiotic දෙනවා.
මචංලා උඹලට මොනව හරි ලෙඩක් ගැන හෝ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ දෙයක් ගැන දැන ගන්න දෙයක් තියෙනවා නම් පහලින් දාපල්ල. වෙලාව හම්බෙන විදියට ලියන්නම්. (ලෙඩක් ගැන කිව්වේ ලෙඩේ ගැන මෙහෙම විස්තර හොඳේ. online forum එකකින් වෛද්‍ය උපදෙස් දෙන එකට මම වැඩිය කැමති නෑ. වැඩියක්ම හේතුව ලෙඩේ බලන්න බැරි කමයි, මේකෙ විස්තර බලල විතරක් තනියම බේත් ගන්න එක නුවනට හුරු නැති නිසයි.)