පණුවො සමඟ චීස්෴

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    453301077_122157743108241145_1984102309216041742_n.jpg


    453654318_122157743354241145_927928066030550602_n.jpg



    453737034_122157743384241145_3166162779245702246_n.jpg


    මම ඊයෙ දාපු පෝස්ට් එක ගැන සදහන් පලාත ඇ‌විල්ලා සර්දේනියානු දූපත. ඊයෙ කියපු කෑම වර්ගය සමහරුන්ට අප්‍රසන්න වුනාට හැමෝටම එහෙම නෑ. ඒ‌ත් මේ දැන් කියන කෑම නම් මම හිතන්නෙ නෑ ලොවෙත් ඔයාලා කන්න හිතයි කියලා.

    මේ සර්දේනියාවට ආ‌වේනික චීස් වර්ගයක්. කාසු මර්සු(Casu marzu) කියලා තමයි මේ චීස් එක නම් වෙන්නෙ. මේක හදන්න ගන්නෙ සරදේනියාවට ආ‌වේනික බැටලු වර්ගයකගෙ කිරි. මේ චීස් එක අහම්බයකින් සිදු වුනු දෙයක් කියලා තමයි කියන්නෙ. හදලා පදම් වෙන්න තිබ්බ චීස් එකකට පණුවො ගහලා. ඒ‌ක විසිකරන්න ලෝබ කමට නිකමට රස බැලුවම වෙනදට වඩා වෙනස් ක්‍රීම් රසක් තිබ්බ හින්ද තමයි මේ පණුවො එන්න උපකාරී වුන මැස්සා හොයාගෙන දැනටත් මේ නිෂ්පාදනය කරන්නෙ. මේ මැස්සා නම් වෙන්නෙ Piophila casei කියලා.

    චීස් හදලා මැස්සන්ට බිත්තර දාන්න හැරලා ඒ‌ චීස් වහලා තියෙනවා. මේ බිත්තර වලින් එන පණුවො මේ චීස් එකම ආ‌හාරයට ගනිමින් එහිම වැඩෙනවා. පණුවන්ගෙ එන්සයිම වලට මේ චීස් එක ක්‍රීම් ගතියක් එනවා.

    කොහොම උනත් මේ චීස් වර්ගය සර්දේනියාවෙන් පිට තහනම් කෑමක්. කොටින්ම ඉතාලියෙ අනික් කලාපයකට වත් ගෙනියන්න තහනම්. මේක කද්දි ඒ‌ අතරම පණ පිටින් පණුවොත් කන්න වෙනවා. නලියන පණුවෙක් එක්ක ක්‍රීම් ක්‍රැකර් එකක් කන්න ආ‌සාවක් ඔයාලටත් ඇ‌ති වෙනවද? ලෝකයෙ චීස් වලින් භයානකම චීස් වර්ගය කියලා තමයි මේක නම් වෙන්නෙ.


    ඉතාලිබුවා.
     
    • Love
    Reactions: lankalk