'කළමනාකරණ සහ විද්‍යාවේදී ගෞරව උපාධිධාරීන්ට "ප්‍රාථමික "ගුරු පත්වීම්'
- පුවතක්
අකුරු අරන් ආ හිමිදිරි දුරුත්තේ
දහතුන් වසක් ඇද්දයි ඒ කරත්තේ
සිහිවී සරසවියෙ සිව් වස විරිත්තේ
නොරැකුව මනා ශිල්පද අපි උගත්තේ
ඉවසනු බැරිය "මහජනතා" නාස්තිය
වලකමු! කිසිවිට නොගනිමු කේන්තිය
ඇද ඇද රහ කර රජ සැප සූස්තිය
පුත! දායාද දෙන්ටයි මේ ලැස්තිය
පන්දාහක් දරුවෝ තැනකට කැන්දා
වර වර කියා ගුරුකම් වර දුන් හන්දා
දහදාහකට කඹුරන එක හද බන්දා
අම්මේ ඇඳපු හැඩ වැඩ පඩිපෙල බින්දා
ඉනට පලා අතකට පලවැල ගත්තේ
ඉස්පාසුවක් නැත තාමත් මව් චිත්තේ
මොනවට හිත තියා තව ගම රට පැත්තේ
කොරියාවට යන්න මග කියපන් මුත්තේ
- පුවතක්
අකුරු අරන් ආ හිමිදිරි දුරුත්තේ
දහතුන් වසක් ඇද්දයි ඒ කරත්තේ
සිහිවී සරසවියෙ සිව් වස විරිත්තේ
නොරැකුව මනා ශිල්පද අපි උගත්තේ
ඉවසනු බැරිය "මහජනතා" නාස්තිය
වලකමු! කිසිවිට නොගනිමු කේන්තිය
ඇද ඇද රහ කර රජ සැප සූස්තිය
පුත! දායාද දෙන්ටයි මේ ලැස්තිය
පන්දාහක් දරුවෝ තැනකට කැන්දා
වර වර කියා ගුරුකම් වර දුන් හන්දා
දහදාහකට කඹුරන එක හද බන්දා
අම්මේ ඇඳපු හැඩ වැඩ පඩිපෙල බින්දා
ඉනට පලා අතකට පලවැල ගත්තේ
ඉස්පාසුවක් නැත තාමත් මව් චිත්තේ
මොනවට හිත තියා තව ගම රට පැත්තේ
කොරියාවට යන්න මග කියපන් මුත්තේ
[4]