පද්මිණි කුලරත්න ඝාතනය. (ශ්‍රී ලංකාවේ ආසනික් ශරීර ගත කිරීමෙන් කරන ලද පළමු ඝාතනය) ලෝකයේ ආසනික් රසායනිකය ශරීර ගත කිරීමෙන් සිදුකළ පළමු මරණය ලෙස වාර්තාගත වන්නේ 1533 - 1577 කාල වකවානුවේ ස්වීඩනය පාලනය කල 16 වන එරික් රජුගේ මරණයයී. 1958දී ඔහුගේ දේහය නැවත ගොඩගෙන කරණ ලද පරීක්ෂණ මගින් ඔහුගේ අවසාන ආහාර වේල සදහා ආසනීක් මිශ්‍ර කර ඇති බවට හෙළිවී තිබේ. ඉන් පසුව ලෝකය පුරා එලෙස ආසනික් ශරීර ගත කිරීමෙන් කරල ලද මනුශ්‍ය ඝාතන රාශියක් ඇති අතර සුප්‍රසිද්ධ යුධ සෙනෙවියෙකු වූ නැපෝලියන් බොනපාට්ද මියගොස් ඇත්තේ ආසනික් ශරීරගත විමෙන් බවට මත ඉදිරිපත් වී ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආසනික් විශ යොදාගෙන කරන ලද පළමු මනුශ්‍ය ඝාතනය 1967 වසරේදී වාර්තා වී තිබේ. දෙස් විදෙස් කාගෙත් ආකර්ශනය හා ආදරයට පාත්රවූ සුපතළ ගාලු කොටුවට ආසන්නයේ සමුද්‍රසිරි නම් දෙමහල් නිවසේ බිත්ති හතර තුළ සිදුවූ මෙම කෲර අමානුෂික අපරාධය දකුණුලක පමණක් නොව මුළු සිරිලකම එවක ප්‍රසිද්ධ වූයේ එය ලංකාවේ පළමු ආසනික් විශ ශරීර ගත කොට සිදුකළ මරණය නිසාවෙනී. එවකට එනම් 1967 වන විට එම නිවසේ පදිංචිව සිටියේ වෛද්‍ය ඩේමන් ගාමිණී කුලරත්නත් ඔහුගේ බිරිද වූ පද්මිණී සුසිලා කුලරත්නත් හා එම යුවළගේ දරුවන් හතර දෙනා වූ නරේන්ද්‍ර, සුලාරී, අචිනි, හිමාශී යන දරුවන් හතර දෙනාය. ඊට අමතරව වෛද්‍ය ඩේමන් කුලරත්නගේ මව වන ලවුරා කුලරත්න හා මෙහෙකාර මෙහෙකාරියන් තිදෙනෙකුද මෙහි පදිංචිව සිටියේය. 1956 වනවිට ගාල්ලේ ජිම්කානා සමාජයේ සබාපති වරයා වූ සුප්‍රසිද්ධ නීතීඥ එච්.එස් කුලරත්න මහතාගේ පුත්‍රයා වූ ඩේමන් කුලරත්න ප්‍රසව හා නාරීවේදය පිළිබදව වෛද්‍යවරයෙකි. කලුතර ධනවත් පව්ලක බාල දියණිය වූ පද්මිණි සුසිලා පෙරේරා සමග 1947 වසරේදී විවාහා වූ ඔහුට දෑවැද්ද ලෙස මුදලින් රුපියල් 25000ක්, සුඛෝපභෝගී නිවාස දෙකක් හා ආසන්න වශයෙන් අක්කර 50ක පමණ දේපළ හිමි විය. සිය පියාගේ ඇවෑමෙන් ගාල්ල ජිම්කානා සමජයේ සබාපති වරයා ලෙස තේරී පත් වූ වෛද්‍ය ඩේමන් කුලරත්න දකුණු පළාතේ ප්‍රසිද්ධ පුද්ගලයකු විය. කුලරත්න පද්මිණී යුවල කලක් ඉතා සතුටින් හා ආදරයෙන් ගත කල අතර ඒ ආදරයට වැඩි කලක් පැවතීමට ඉඩ නොලැබී ගියේ රාගය හා තණ්හාව ආදරයේ පැවැත්මට තර්ජනයක් බවට සාක්ශියක් ලෝකය හමුවේ තබා තබමනි. වෛද්‍ය ඩේමන් කුලරත්න සිය ඩිස්පැන්සරියේ නර්ස් වරියක වූ ආරියවතී සමග අයථා සම්බන්ධයක් ආරම්භ කර ඇති බවට පද්මිණීට කනින් කොනින් ආරංචි ගලා ආවේය. දිනක් ඇය නොදන්වා එහි පැමිණි අතර ඒ වන විට ඉහත කී නර්ස්වරිය හා සිය සැමියා එහි සිටිනවා දැක විශාල බහින්බස් වීමක් එහිදී ඇති විය. ඉන් පසු දිගින් දිගටම එවැනි රණ්ඩු සරුවල් කුලරත්න නිවස තුල සුලභ වු අතර ඒ සියලු අවස්ථාහීදී ඩේමන්ගේ මව ගනු ලැබූවේ සිය පුතාගේ පැත්ත විය. එයට හේතුවක් පසුව සාක්ෂි වලින් අනාවරණය විය. ඒ මන්ද යත් විවාහය මුලසිටම ලව්රා කුලරත්න සිය ලේලිය සතු දේපොළ වෛද්‍ය කුලරත්නට පවරන ලෙස පද්මිණිගෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම් පද්මිණි විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. වෛද්‍ය ඩේමන් අශ්වයින් තලන කසයකින් සිය බිරිද වූ පද්මිණි හට පහර දීමට පුරුදු වී සිට ඇති අතර ඇයට මානසික රෝගයක් පවතින බවට පෙන්වා අංගොඩ රෝහලට ඇතුල් කිරීමටද උත්සහ කර තිබිණි. මේ සියල්ලේ කෙළවර අවසන් ප්‍රතිඵලය වූයේ පද්මිණිව සිය නිවසේ ඉහළ මාළයේ අදුරු කාමරයක හිරකාරියක් බවට පත් කිරීමයී. ඒ අනුව ඇයට කිසිවෙකු සමග කතා බස් කිරීම තහනම් විය. දුරකථන බාවිතා කිරීම ලියුම් ලිවීම තහනම් විය. ඇයට වෙනම ආහාර ලබා දුන් අතර ඒවා බොහෝවිට හොද තත්ත්වයේ ආහාර නොවිණි. මුල් කාලයේදී සොපියා නම් මෙහෙකාරිය ඒවා ඉහළ මාලයට රැගෙන ගිය අතර පසුව කුඩා ලණුවක ගැට ගැසූ බස්කට් එකක් හරහා ආහාර උඩට යැවූ බව විමර්ශන වලදී හෙළි විය. 1962 වසරේ සිට මියයන තෙක්ම වසර පහක් මෙලෙස ගත කරන්නට පද්මිණීට සිදුවිය. 1967 වසරේ අප්‍රේල් 09 වන දින උදරයේ හට ගත් අදික වේදනාව දරා ගත නොහැකි වූ පද්මිණී එය සිය සහෝදරියට දැනුම් දුන් අතර ඇය පොලීසිය සමග පැමිණෙන විටත් පද්මිණී මෙලොව හැරගොස් තිබිණි. අහස පොළව නුහුලන කෲර අපරාධයක් එලෙස ලංකා ඉතිහාසයට එකතු වූ අතර ඒ බිත්ති සතර තුළ සිදුවූ අමානුෂික ක්‍රියාව එකල ලැව් ගින්නක් සේ රටපුරා පැතිර යන්නට විය. පශ්චාත් මරණ පරීක්ෂණය එවකට අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබදව මහාචාර්ය එච්.වී ප්‍රනාන්දු මහතා සිදු කල අතර ඇයගේ ආමාශයේ පොටැසියම් ආසනික් නම් රසායනික සංයෝගය මිලිග්රැම් 730ක් අඩංගුව තිබිණි. ඒ අනුව වෛද්‍ය(සැමියා) ඩේමන්, ලව්රා (නැන්දම්මා) හා සොපියා(මෙහෙකාරිය) මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම හා මිනී මැරීම යන වැරදි යටතේ අත් අඩංගුවට ගෙන නඩු පවරන ලදි. එහීදී තිදෙනාටම මරණ දඩුවම ලබා දුන් අතර පසුව එම තීරණයට විරුද්ධව ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කරන ලදි. එහිදී කුඩා දියණිය වූ අචිනිගේ සාක්ෂි පරස්පර වීම, ඇසින් දුටු සාක්ෂි නොමැති වීම, අනෙක් මෙහෙකාරිය වූ සිසිලින්ව නඩුවේ සාක්ෂියක් ලෙස නම් නොකිරීම, වරද සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට තිබේද, යන කරුණු සලකා බැලුනු අතර සාක්ෂි වල තිබූණු අඩුපාඩු හේතුකොටගෙන චූදිතයන් නිදොස් කොට නිදහස් විය. ඒ අනුව පද්මිණි කුලරත්න ඝාතනය අදටත් අභිරහසකී. එය මිනීමැරුමක්ද නැතහොත් සිය දිවි නසා ගැනීමක්ද යන්න තවමත් හෙළි වී නොමැත. එම නිවස මේ වන විට සංචාරක හෝටලයකී. එම දරුවන්ද පසුකාලීනව සුප්‍රකට වූ අතර විශේෂඥ වෛද්‍යවරුන් ලෙස වෛද්‍ය ක්ශේත්‍රයේ අදටත් ඔවුන් සේවය කරමින් සිටී. සෙබස්තියන් ❤❤ FB