පන්තියේ අන්තිමයා
ලංකා ඊ නිව්ස් -2016.නොවැ.16, පෙ.ව.9.25) රටේ ප්‍රථම අගමැති ධූරයට පත් වූයේ පන්තියේ පළමු වැනියා දෙවෙනියා වූ කෙනෙක් නොව පන්තියේ අන්තිමයා වූ ඩී එස් සේනානායක මහතා යැයිද ඇත්ත වශයෙන්ම දක්ෂ අය විභාග සමත් විය යුතුම නැතැයිද, එසේ විය යුතු නම් පළමුවෙන්ම පාසලෙන් ඉවත් කළ යුතු වන්නේ ඩී.එස්. සේනානායක යැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මෙසේ කීවේ ඊයේ (15) කොළඹ අල් හුසේන් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කළ කතාව මෙසේය
“විදුහල්පතිතුමා මෙම විදුහලේ ඉතිහාසය සහ ආදි ශිෂ්‍යයන් පිළිබඳව පැවසුවා. නමුත් ඔහුට එක් කාරණයක් අමතක වුණා. එම අමතක වූ කාරණය මම කියන්නම්. එක්සත් ජාතික පක්ෂයේ පළමු මුස්ලිම් සභාපතිවරයා අල් හුසේන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වූ ආචාර්ය අබ්දුල් කලීල් මහතායි. එම නිසා මේ විදුහල සමග අපට විශේෂ සබඳතාවක් තිබෙනවා.
ආර්. ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ පසුව මැද කොළඹ පාසැලක් දියුණු කළ යුතු යැයි මා සමග පැවසුවා. අල් හුසේන් විදුහල විශේෂයෙන් දියුණු කළ යුතු යැයි ආර්. ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවා. එවක ලේකම් එරික් ද සිල්වා මහතාටත්, ඊ.එල්. විජේමාන්න මහතාටත් මේ පිළිබඳව දැනුම් දී තිබුණා. ඒ අය සමගත් කතා කොට මේ විදුහලේ දියුණුව පිළිබඳ දියුණුවක් ඇති කිරීම සඳහා කටයුතු කළා. එදා ඇති කළ දියුණුව තවදුරටත් ඉදිරියට ගෙන යාම අපගේ අරමුණයි. අපගේ සියලූම නායකයින් මෙම විදුහල ගැන විශේෂ අවධානයක් යොමු කළ බව කිව යුතුයි.
මෙය ඉතිහාසයක් තිබෙන විදුහලක්. මෙයත් ඔරාබි පාෂා ආරම්භ කළ විදුහලක් බව කිව යුතුයි. අරාබි ඉතිහාසයේ පවා ඔරාබි පාෂාට විශේෂ තැනක් තිබෙනවා. සිත්ති ලෙබ්බේ ආදී ලාංකිකයින්ගේ සම්බන්ධය ද උපයෝගී කරගෙන මෙම විදුහල අරඹා තිබෙනවා. වර්තමානයේදී මැද කොළඹසංවිධායක මුජිබර් රහුමාන් ඇතුළු මන්ත්‍රීවරුන් විදුහල දියුණු කිරීම සඳහා කැපවී ක්‍රියා කරනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති රජය මෙරට අධ්‍යාපනය දියුණු කිරීම සඳහා පියවර ගණනාවක් ගෙන තිබෙනවා. මැද කොළඹ තිබෙන ප්‍රධානතම පාසල මෙය වන බැවින් ඒ පිළිබඳව කරුණු කිහිපයක් පැවසීමට මා අදහස් කළා. මේ ප්‍රදේශයේ අතීතයේදී තවත් දියුණු පාසලක් තිබුණා. ඒ කොළඹ ඇකඩමිය හෙවත් රාජකීය පාසලයි. එය ඇරඹුුණේත් මේ ආසන්නයේයි. එම විදුහල කුරුඳුවත්තට ගෙන ගිය පසුව මෙහි ප්‍රධාන පාසල වූයේ අල් හුසේන් විදුහලයි.
අපගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව දැනට පවතින අධ්‍යාපනයටත් වඩා නවීන අධ්‍යාපනයක් අප විසින් ලබා දිය යුතුව තිබෙනවා. අපට ප්‍රධාන අරමුණු දෙකක් තිබෙන බව කිව යුතුයි. අපට වඩා හොඳ අනාගතයක් තරුණ පරපුරට ලබාදීම අපගේ ප්‍රධාන අරමුණයි. අප අධ්‍යාපනය ලබන සමයේ තිබුණේ නිවෙස්වල ස්ථාවර දුරකථන යන්ත්‍රය පමණයි. මේ වන විට ජංගම දුරකථන, අයිපෑඩ්, ආදී නව තාක්ෂණික මෙවලම් තිබෙනවා. තාක්ෂණය සමග අප ආර්ථිකය ද අලූත් කළ යුතුයි. ඒ සඳහා අප දැන් නව වැඩසටහනක් ආරම්භ කරනවා. එම වැඩසටහනේ බුක්තිය ලැබෙන්නේ අද පාසල් අධ්‍යාපනය ලබන තරුණ තරුණියන්ටයි.
අද පාසලේ සිටින සිසු සිසුවියන්ට හොඳ අනාගතයක් ඇති කරන අතරම, පාසලෙන් ලබන අධ්‍යාපනය තවදුරටත් දියුණු කිරීමට අප කටයුතු කරනවා. සෑම දරුවකුටම සමානව අධ්‍යාපනය ලැබිය යුතුයි. මෙතෙක් කළේ කුමක්ද? සාමාන්‍ය පෙළ විභාගය පවත්වා සමත් නොවන අය පාසලෙන් පිට කිරීමයි. ඇත්ත වශයෙන්ම දක්ෂ අය විභාග සමත් විය යුතුම නැහැ. එසේ විය යුතු නම් පළමුවෙන්ම පාසලෙන් ඉවත් කළ යුතු වන්නේ ඩී.එස්. සේනානායක මහතායි.
ඩී.එස්. සේනානායක මහතා ඇතුළු සහෝදරයන් නිවාඩුවට ගෙදර ගිය පසුව පන්තියේ කීවෙනියා දැයි ඔවුන්ගේ පියා විමසනවා. ඉන්අනතුරුව සියලුම දෙනාට පියා තෑගි ලබා දෙනවා. සහෝදරයින් දෙදෙනා තමා පන්තියේ පළමු වැනියා සහ දෙවැනිය බව පියා සමග පැවසුවා. ඩී.එස්. සේනානායක පැවසූවේ තමා පන්තියේ තුන් වැනියා බවයි. දිනක් ඩී.එස්. සේනානායක මහතාගේ පියා ශාන්ත තෝමස් විදුහලට ගියා. පළමුවෙන්ම ගියේ එෆ්.ආර්. සේනානායක මහතා ඉගෙනුම ලබන පන්තියටයි. එම පන්තියේ පහලොස් දෙනෙකු පමණ සිටියා. කොහොමත් එකළ පන්තිවල 30 ක් 40 ක් සිටියේ නැහැ. අනතුරුව ඩී.සී. සේනානායක මහතාගේ පන්තියට ගියා. එම පන්තියේත් පහළොස් දෙනෙකු සිටියා. අවසානයේ ඩී.එස්. සේනානායක මහතාගේ පන්තියට ගියා. එම පන්තියේ සිටියේ තුන් දෙනයි. ඩී.එස්. සේනානායක මහතා මොළේ පාවිච්චි කර වැඩ කළේ ඒ ආකාරයටයි. අවසානයේ රටේ අගමැති ධූරයට පත් වූයේ පළමු වැනියා හෝ දෙවැනියා නොව පන්තියේ අන්තිමයායි. එනම් තුන් දෙනෙකු සිටි පන්තියේ තුන් වැනියායි.
ඉගෙන ගන්නවා වගේම අප ජීවිත සටනත් ජයගත යුතුයි. විවිධ අයට විවිධ දක්ෂකම් තිබෙනවා. සංගීතයට, ක්‍රීඩාවට, කථිකත්වයට ආදී විවිධ ක්ෂේත්රවලට දක්ෂයින් සිටිනවා. එම දක්ෂකම් මතු කළ යුත්තේ මූලික අධ්‍යාපනය ලබාදීමෙන් පසුවයි. සාමාන්‍ය පෙළ විභාගය යනු තමන් විශ්ව විද්‍යාලයට යායුතු ද, ඩිප්ලෝමාවක් හැදෑරිය යුතු ද, නැතිනම් තම හැකියාව අනුව වෙනත් වෘත්තීයක් කළ යුතු ද යන්න තීරණය කරන කඩයිමයි. සියලූම දෙනාට අප දැන් වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව තමා ඉදිරියට යන්නේ කුමන මාර්ගයක දැයි තීරණය කළ යුතුයි. ක්‍රිකට් ගහන්න දක්ෂ නම්, ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ නම් ඒ පාසලෙන්ම ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට අවස්ථාව සලසනවා. 2018 වසරෙන් පසුව සියලු දෙනාටම වසර 13 ක අධ්‍යාපනය ලබා දෙනවා.
බොහෝ අයට වෘත්තීය දස්කම් තිබිය හැකියි. විෂය මාලා විසි ගණනක් සකසන බව අධ්‍යාපන අමාත්‍යතුමා මා සමග පැවසුවා. එය පළමු වැනි කාරණයයි. දෙවැන්න නම් එලෙස අධ්‍යාපනය ලබාදෙන අතරතුර ඔවුන්ගේ අනාගතය දියුණුවට පත් කළ යුතුයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව සියලූම සිසු සිසුවියන් සඳහා ටැබ්ලට් පරිගණකයක් ලබා දෙනවා. අලූතින් අධ්‍යාපනය ලැබීමට එය බොහෝ උපකාරී වේවි.
පාසැල් හොඳද නැද්ද කියා බලන්නට අපට ක්‍රමවේදයක් නැහැ. එම නිසා සෑම විදුහලකම ප්‍රතිඵල විමසීම සඳහා පෙර තිබූ අයුරින් පාසල් පරීක්ෂණ සේවයක් ආරම්භ කරනවා. පළාත් සභා මෙන්ම ජාතික මට්ටමේ පාසල්වලට ද එම ක්‍රමය ක්‍රියාත්මක වනවා. හොඳ ප්රතිපඵල පෙන්නුවේ නැතිනම් විදුහල්පති මෙන්ම ගුරුවරුද ඊට වගකිව යුතුයි. පාසල් මණ්ඩලවලදී මා පියන්ට මෙන්ම ආදී ශිෂ්‍යයින්ට ද ඊට එක් විය හැකියි.
හැම ගුරුවරයකුටම අප විශේෂ පුහුණුවක් ලබා දෙනවා. 2020 වසරෙන් පසුව නුපුහුණු ගුරුවරුන් නැහැ. උපාධියක් නැති නම් සෑම ගුරුවරයෙකුටම ඩිප්ලෝමාවක්, පුහුණුවක් ලබා දෙනවා. 2020 වසර වන විට ඇති වෙන ඇබෑර්තු පිරවීම සඳහා තවත් ගුරුවරුන් 48,000 ක් අවශ්‍යයි. එම පිරිස කඩිනමින් බඳවා ගෙන පුහුණු කිරීමේ වැඩසටහනක් අරඹනවා. එමෙන්ම විද්‍යා, විද්‍යා නොවන යනුවෙන් පාසල් බෙදන්නට කටයුතු කරන්නේ නැහැ.
පෞද්ගලික ආයතනවලින් හෝ විද්‍යා උපාධි ලබා ගැනීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000 කට ණය මුදල් ලබා දෙනවා. ඈත පළාත්වල පාසල්වලට විද්‍යා ගුරුවරුන් ප්‍රමාණවත් නැහැ. මේ අයුරින් අප වැඩසටහන් ආරම්භ කරනවා.
පාසල අයිති සමාජයටයි. හොඳ අනාගතයක් සඳහා සියලූම පාසල් දියුණු කළ යුතුයි. රටක් හදනවා නම් ආර්ථිකය පමණක් හදා ප්‍රමාණවත් නැහැ. ව්‍යවස්ථාව පමණක් හදා ප්‍රමාණවත් නැහැ. අනාගත පරපුර සඳහා හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අධ්‍යාපනය නැංවීම සඳහා අප විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. රැකියා පුහුණුව වැඩි කරනවා. පාසලෙන් පිටවන විට සියලූම දෙනාට රැකියා පුහුණුවක් ලබාදිය යුතුයි.
අඩු පඩි ගෙවන ආර්ථිකයෙන් අප ඉවත් විය යුතුයි. අවම වශයෙන් අඩුම පඩිය රුපියල් හතලිස් දහසක් බවට පත් කිරීම අපගේ අරමුණයි. දැනුම වැඩි වන තරමට ලබන වේතනය වැඩි විය යුතුයි. අධ්‍යාපනයේ වෙනසක් ඇති කරන්නේ එවැනි ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහායි.
අපගේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා උපකාර කිරීමට කොරියන් දූත පිරිසක් පැමිණ සිටිනවා. ඔවුන් හමුවීමට තිබෙන නිසා අධ්‍යාපන අමාත්‍යවරයාට මෙහි පැමිණීමට නොහැකි වුණා. ඒ වැඩකටයුත්ත සාර්ථක වුවහොත් පාසල් සිසුන් සඳහා ඊ පුස්තකාලයක් ලබාගැනීමට අවස්ථාව උදාවේවි.“
---------------------------
by (2016-11-16 03:59:58)
ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙ

Last edited: