පන්සල් කෝවිල් ධනය කොරෝනාවට නෑ....

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පන්සල් කෝවිල් ධනය කොරෝනාවට නෑ....

    ලoකාවේ වැඩියෙන්ම හම්බකරන පන්සල තමයි දඹුල්ල.කෝ තඹ සතයක් දුන්නද ?එතකොට ප්‍රකෝටිපති මැදගොඩ අභයතිස්ස සල්ලි දුන්නද ? නෑ. අන්න රතන සුත්‍රේ අහගෙන බෙරෙන්නයි කියලානම් කිව්වා.:rolleyes: ඒතකොට කෝවිල්?

    දළදා මාලිගාවෙත් මහනායකලාගෙත් ක්‍රියාකලාපය ප්‍රශoශනීයයි. :yes:

    පන්සල් / කෝවිල් කියන්නේ සල්ලි හම්බකරන තැන් නෙමේ . මමනම් කියන්නේ යූඇන්පී ආණ්ඩුව කලා වගේ මේ සල්ලි රාජසන්තක කරලා පන්සල් නගාසිටුවීමේ අරමුදලකට මේ සල්ලි දාන්න ඔනේ .එතකොට දාන වේලවත් නැති දිඹුලාගල පැත්තේ වගේ පන්සල් ඒ සල්ලි වලින් නඩත්තු කරන්න පුලුවන් .:angry:

    තවකාලයක් මේ හම්බකරන සිස්ටම් එක ගියොත් සිවුරු ඇදගත්ත බිස්නස්කාරයෝ ගොඩක් තමයි සාසනේ ඉතිරිවෙන්නේ.මේක නුවර යුගයේ ගණින්නාන්සේලාට වඩා දරුණු තත්වයක්:dull:


    දෙමව්පියෝත් කැමතිවේවී ලමයිව සාසනේට දෙන්න.මොකද ප්‍රාඩෝ එකක් හරි අරගෙන ජීවත්වෙන්න පුලුවන් උනාම කාටද ආඩම්බර:cool:

    බුදුන් විකුණන් කන දඹුල්ලේ බෞද්ධයෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1927927





    safe_image.php
    ''

    http://gossip.hirufm.lk/18080/2017/10/dambulla-temple.html

    පයින්ම හෝ බයිසිකලයක ලැගේජ් එකේ වඩින, දානේ වේල් වරදින, බොන්න පිරිසිදු වතුර ටිකක් නැති පන්සල් සියගණනක් අපේ රටේ ඇත.

    දිරිය අත්වැල පදනමේ දෙවන සමාජ සත්කාරය ලෙස මේ එළඹෙන පෙබරවාරි මස දුෂ්කර පන්සල් වල වැඩවසන අපේ හාමුදුරුවන්ගේ පවස නිවන්නට අපට පුළුවන් මට්ටමෙන් යමක් කරන්න හිතුවා..!!!


    82589301_115409483327879_3138279229628612608_n.jpg


    පැපොල් ගෙඩියෙන් දානවේල පිරිමහගන්නා පන්සල්:baffled:


    බුද්ධ ශාසන අමාත්‍යංශයේ වර්ගීකරණය බුදුදහමට ගැලපෙන්නේ නෑ
    ♦ දානය තබා වැසිකිළියක්වත් නැති පන්සල් 1940ක්
    ♦ ඔක්කොම සැලකිලි තියෙන පන්සල්වලටමයි




    “අපි ස්වාමීන් වහන්සේලා පිරිසක් අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ බඩු භාණ්ඩ බෙදාදීමකට ගිය අවස්ථාවකදී වාහල්කඩ පැත්තේ පන්සලකට ගියා. අපි ඒ විහාරයට ගියේ දහවල් දානෙ වෙලාවටයි. පන්සලේ හිටිය කැපකරු මනුස්සයා කලබලවෙලා ඒ මේ අත දුවන්න පටන් ගත්තා. අපි ඇහුවා කලබල වුණේ ඇයි කියලා.”

    “නෑ මේ හාමුදුරුවන් වහන්සේලාට දානෙ දෙන්න විදිහක්...”

    “දානෙත් පිළියෙළ කරගෙනම තමයි ආවේ” අපි උත්තර දුන්නා. පස්සේ අවාසගෙට ගිහින් බැලුවම දානෙට තිබුණේ පැපොල් ගෙඩියක් කෑලි කපලා තම්බලා”

    අපට ඒ අත්දැකීම පැවසුවේ අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් ගෝනගල ඥානාලෝක නාහිමියෝ වෙති.

    අද අපට දක්නට ලැබෙන්නේ නගරයේ මහා පන්සල් තව තවත් සුපිරි ලෙස ගොඩනැගිලිවලින් පිරෙන බවකි. ඒවායේ අත්වැල්වලට පවා රන් ආලේප කරන බවද පෙනේ. ඒ අතර තවත් විහාරස්ථාන දහස් ගණනක ස්වාමින් වහන්සේලාට දානෙ වේලවත් නිසි පරිදි නොලැබේ. ඒ ගැන අදහස් දැනගැනීමට අපි කතා කළේ පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියන්ටය.

    “සම්පත්වලින් අඩු පන්සල් 2000කට වඩා තිබෙනවා. හැබැයි ඒ ආගමික හාමුදුරුවරු වැඩි දෙනෙක්ගේ ආගමික ගුණය නම් ඉහළයි. භෞතික සම්පත්වලින් සියලුම අංග සම්පූර්ණ කර පන්සල් හදනවා කියන්නේ බොරු වැඩක්. ආගමික දියුණුව ගොඩනැගිලිවලින් මනින්න බැහැ. ඒ සමඟම බුද්ධ ශාසන අමාත්‍යාංශය A, B, C, D වශයෙන් විහාරස්ථාන වර්ගීකරණය කිරීමට යනවා. ඒකත් බුදුදහමට නොගැලපෙන දෙයක්. භෞතික සම්පත් අනුව පන්සල් වර්ගීකරණය කරන්නෙ කොහොමද? අධ්‍යාත්මික දියුණුව මතයි, විහාර සංවර්ධනය මැනිය හැක්කේ. ආගමේ දියුණුව කියන්නේ ගොඩනැගිලි හදන එක පමණක් නොවේ.”

    ශ්‍රී ලංකාවේ බොහෝ දුෂ්කර විහාරස්ථානවලට ගමන් කර අත්දැකීම් සහිත එල්ලාවල මේධානන්ද හිමියෝ දුෂ්කර විහාරස්ථානවලට හැකි පමණින් උදව් උපකාර කිරීමටද මුල්වී ක්‍රියාකරන හිමිනමකි.

    “අද සමාජය දරුණුවෙලා. ගහමරාගන්නවා. ඒ වගේම අන්ත අසරණ දුප්පත් බෞද්ධයන් ඉන්නවා. ඔවුන් ගැනත් සොයාබැලිය යුතුයි. බෞද්ධ සමාජය නගාසිටුවීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කළොත් මේ විහාරස්ථානත් දියුණුවට පත්වෙනවා.” උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පසුගියදා කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ ස්වාමින් වහන්සේලාට දානය නිසි පරිදි නොලැබෙන, සංඝාවාස හෝ වැසිකිළි පහසුකම් ඇතුළු මූලික විහාරාරාම නැති විහාරස්ථාන 1940 ක් ලංකාව පුරා පිහිටා තිබෙන බවයි. එම සොයාබැලීමට අනුව සියලුම අංගවලින් සමන්විත දේශීය හා ජාත්‍යන්තර ආධාර ලැබෙන විහාරස්ථාන සංඛ්‍යාව 3406 කි. එයට මඳක් අඩු පහසුකම් සහිත විහාරස්ථාන 2317 ක් පිහිටා තිබේ. කලාතුරකින් දානය ලැබෙන විහාරස්ථානයකට අංග ප්‍රමාණවත් පරිදි නැති විහාර සංඛ්‍යාව 2469 කි.

    බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් හා බුද්ධ ශාසන අමාත්‍යාංශයට අනුයුක්ත භික්ෂුන් වහන්සේලා, ශාසනාරක්ෂක බල මණ්ඩල විසින් මෙම විහාරස්ථාන A, B, C, D, E ලෙස වර්ගීකරණය කර ඇති බවයි. එහෙත් භික්ෂුන් වහන්සේගේ පාර්ශ්වයෙන් නම් එලෙස වර්ගීකරණයට ලක්කිරීම ගැන ප්‍රසාදයක් නැත. එවිට ධනපති පන්සල්, දුප්පත් පන්සල් වශයෙන්ද බෙදීමට හැකි බව සමහර භික්ෂුන් වහන්සේ පැවසූහ.

    බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සඳහන් කරන්නේ වසර තුනක සැලසුමකට අනුව විහාරස්ථාන දියුණු කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි. බොහෝවිට විහාරස්ථානවල සංවර්ධන කටයුතුවලට ලැබෙන අරමුදල් ලැබෙන්නේද යමක් කමක් තිබෙන, බලවත් භික්ෂුන් වහන්සේ සිටින විහාරවලට බව අමුතුවෙන් කිවයුතු නැත. බුද්ධ ශාසන අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතනවලින් විහාරවලට වෙන්වන මුදල් එකම විහාර කාණ්ඩයකට ලබාදෙන බව පෙනේ. ඒ නිසා එම මුදල් ප්‍රමුඛතාව පරිදි බෙදීයන ලෙස කටයුතු කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කර සිටී.

    අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දායකයන්ගෙන් මෙන්ම රාජ්‍ය අංශවලින්ද ආධාර ලැබීම නිසා සමහර පන්සල්වලට නිස්කලංක වටපිටාව තුරන් වී ගොස් නවීන කොන්ක්‍රීට් ගොඩනැගිලිවලින් පිරීගොස් ඇත. මේ නිසා සමහර රජමහා විහාරවල පෞරාණිකත්වයටද බරපතළ හානි සිදුවී තිබේ.

    “රජය සලකන්නෙත් කොළඹ, නුවර වගේ ප්‍රධාන නගරවල විහාර බහුතරයකට තමයි. මේක පුළුල්ව සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. දිනකට විහාරවලට ලැබෙන බුද්ධ පූජාව විතරක් ගොඩගැසුවොත් රුවන්වැලි සෑයට වඩා විශාල කන්දක් හැදේවි. නමුත් දානය නොලැබෙන පන්සල් පවා කොච්චර තිබෙනවද? කළුතර දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතේ තිබුණත් දුෂ්කර පන්සල් රාශියක් තිබෙනවා. මේ නිසා තරුණ හාමුදුරුවරු මේ පන්සල්වල වැඩවාසය කරන්න කැමති නෑ. ඒ නිසා පන්සල් වැහිලා යනවා.”

    අප සමඟ එලෙස පැවසුවේ පාහියන්ගල ලෙන් විහාරාධිපති යටගම්පිටියේ චන්දිම හිමියෝ වෙති.

    පුරාණ රාජධානි යුගයේදී මහරජතුමාගේ හෝ ප්‍රාදේශීය රජවරුන්ගේ හෝ අනුග්‍රහයෙන් කරවූ විහාර රජමහා විහාර යනුවෙන් හැඳින්විණි. රජවරු මේ විහාරවලට ඉඩම්, වස්තු හෝ වෙනත් පරිත්‍යාග පිරිනැමූහ. විහාරවලට ඉඩම් පූජාකරන ලද්දේ අක්කර සිය ගණනිනි. හක්ගෙඩිය පිඹ හෝ ලෝකඩ තම්මැට්ටම ගසා ඒ හඬ ඇසෙන මානයේ ඉඩම් විහාරයට පූජාකිරීම පුරාණ සිරිත විය. එලෙස රාජ්‍ය අනුග්‍රහය ලැබූ විහාර රාශියක් අද වනගත වී තිබේ. උතුරුමැද, උතුරු හා නැගෙනහිර, ඌව, සබරගමුව, වයඹ පළාත්වල විහාර රාශියක් දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යති. දුෂ්කර ගම්මානවල වනසතුන්ගෙන් පවා පීඩා ලබමින් දිවිගෙවන උන්වහන්සේලා දෙස දේශපාලනඥයන්ගේ පවා දෑස් නෑරෙන බව ඒ විහාරවල ස්වරූපය දකින විට සිතේ.

    “අනුරාධපුරේ උඩමළුවට, රුවන්වැලි සෑයට, මහනුවර දළදා මාලිගාවට, මල්වතු අස්ගිරි විහාරවලට අලුත් අවුරුද්ද දවසට ගිහින් බලන්න. මැති ඇමැතිවරු, මන්ත්‍රීවරු වැහිවැහැලා. අවුරුද්දට බුලත් දීලා වඳින්න එනවා. ඒත් දුෂ්කර පන්සල්වලට දානෙ වේලක් දෙන්න ඔය ඇමැති කෙනෙක් එනවද?”

    අප සමඟ එක් ස්වාමින් වහන්සේ නමක් පැවසූහ.

    අනුරාධපුරය බුදුදහමේ තොටිල්ල වශයෙන් සැලකෙන පින්බිමයි. ඒත් අනුරාධපුර පූජා නගරය තුළ පවා දුෂ්කර විහාරස්ථාන තිබෙන බව ඔබ දන්නවාද?

    “පූජා නගරය ඇතුළෙත් ඉතා දුෂ්කර විහාරස්ථාන කීපයක්ම තිබෙනවා. මිනිස්සු හැමෝම ඇවිදින් මහා පරිමාණයෙන් පුදපූජා පවත්වන්නේ මහා විහාරවලටයි. කලාතුරකින් සමහර මහා පින්කම් කරන දානපතියෝ පොඩි පන්සල් හොයාගෙන ඇවිත් උදව් උපකාර කරනවා. ඉන්න හිටින්න පහසුකම් නැති, වැසිකිළි පහසුකම් නැති විහාර රාශියක් ඇලයාපත්තුව, තන්තිරිමලේ, මානිංගමුව, ගල්කඩවල, අසිරික්ගමුව වගේ අපේ ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් කොටස්වල තිබෙනවා.” ගෝනගල ඥාණාලෝක හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

    “ශාසනය රකින්නෙ පොඩි පන්සල්වල ඉන්න හාමුදුරුවරු. නමුත් උන්වහන්සේලා විශාල පිරිසක් ඉන්න හිටින්න හරිහමන් තැනක් නැතිවයි වැඩසිටින්නේ. ලොකු පන්සල්වලට විශාල වියදම් කරන දායකයන්ට වුණත් පොඩි පන්සල්වල අත්‍යවශ්‍ය අංග කීපයක්ම හදා දෙන්න පුළුවන්. ඒක ලොකු පින්කමක් වෙනවා. අපි යෝජනා කළා දුෂ්කර විහාරවලට මූලික අඩුපාඩුකම් සම්පූර්ණ කිරීමට රුපියල් ලක්ෂ පහ බැගින් ලබාදෙන්න කියලා. නමුත් ඒ යෝජනාවලින් ප්‍රතිඵලයක් වුණේ නැහැ. අද සමහර ගම්වල ගමේ මිනිසුන්ට ඇවිත් වන්දනා කරන්න තැනක් නෑ. වැස්සට නොතෙමී වන්දනා කරන්න විදිහක් නෑ. දැනට වැඩසිටින සමහර හාමුදුරුවන්ට හරියාකාර දැනුමක් නැහැ. මේ විහාරවලට උදව් උපකාර කිරීමට රජය වගේම පින්වතුන්ද ඉදිරිපත් වෙනවා නම් ඒක ලොකු පුණ්‍යකර්මයක් වේවි.” ඥාණාලෝක හිමියෝ තවදුරටත් පැවසූහ.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර, දිඹුලාගල, සිරිපුර වගේ ශාසනාරක්ෂක බල මණ්ඩලවල ඉතා දුෂ්කර විහාර පවතී. ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්කද එකතුකරගතහොත් මේ ලැයිස්තුව තවත් දික්වන බව පැහැදිලිය. (මේ ධර්ම රාජ්‍යයයි) යනුවෙන් සුපිරි වාහනවල ස්ටිකර් අලවා ගමන් කරනු අද සුලබ වුවත් ඒ එක් වාහනයක්වත් දුෂ්කර විහාරයක් දැකබලාගැනීමට හෝ ගොස් ඇත්දැයි යන්න සැකයකි.

    http://www.deshaya.lk/article/51/හරබර/6717/පැපොල්-ගෙඩියෙන්-දානවේල-පිරිමහගන්නා-පන්සල්-
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    ow api ehenam UNP aanduwak gemu. Sajith janadhipathi karala Rauf Hakeem agamathi karamu. Hakeem tath godak prashna thiyanawalu.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,450
    32,179
    113
    දළඳා මාලිගාවෙන් හම්බුනා මදි රටේ මිනිස්සුන්ට. රටේ මිනිස්සු තමයි දන්තධාතූන්වහන්සේ දිවි පරදුවට තියල එදා ඉඳන් රැක්කේ...
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    දළඳා මාලිගාවෙන් හම්බුනා මදි රටේ මිනිස්සුන්ට. රටේ මිනිස්සු තමයි දන්තධාතූන්වහන්සේ දිවි පරදුවට තියල එදා ඉඳන් රැක්කේ...
    ewata hariyanna akurna lebbe kenek deela thiyenne. thawa tika dawasak indahan results eyi.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    පිස්සුද ඕයි තමුසෙට. ගොන් thread දාන්නේ
    UNP එකෙන් පන්සල් නගා සිටු වපු හැටි අපි හොදට දැක්කා
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දළඳා මාලිගාවෙන් හම්බුනා මදි රටේ මිනිස්සුන්ට. රටේ මිනිස්සු තමයි දන්තධාතූන්වහන්සේ දිවි පරදුවට තියල එදා ඉඳන් රැක්කේ...

    :yes:මදිනම් තමයි.ඔවා රාජසන්තක කරන්න ඔනේ ..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ewata hariyanna akurna lebbe kenek deela thiyenne. thawa tika dawasak indahan results eyi.

    පන්සල් වල බිස්නස්කාරයන්ට වඩා ලෙබ්බෙගේ කරුනාව තියනවා.ඒක භූමිකම්පාවක් වෙලා කී දෙනෙක් කොරෝනා ආධාරවලින් මුස්ලිම් ආගමට යයිද දන් නෑ . මේවට තින් වගකියන්න ඔනේ පන්සල්වල ඉන්න බිස්නස් කාරයෝම තමයි .:angry:මේ වෙලාවේ ලෙබ්බෙලා සිoහල මින්ස්සුන්ට සල්ලි දුන්නොත් ආනාගතේ මොකක් වෙයිද ?:baffled:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සල්ලි දෙන්නැත්තෙ සල්ලි වලිං කොරෝනා බෝවෙන්න පුලුවන් නිසා :yes:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ow api ehenam UNP aanduwak gemu. Sajith janadhipathi karala Rauf Hakeem agamathi karamu. Hakeem tath godak prashna thiyanawalu.


    හැම රෙද්දටම දේශපලෙනේ ඇදල ගන්නෙපා බන්. මු කියන කතාවෙත් ඇත්තක් තියනවා. ඕක කරනවානම් ගොටට කරන්න පුළුවන්. හැම මගුලටම ආණ්ඩු වත් පුද්ගලයන්වත් මාරු කර කර ඉඳල හරියන්නේ නෑ. ඉන්න එකා කවුද උ ට කියල කරවගන්න ඕනි. නැත්නම් ඕව අතීසාරේට අමුඩ ගහනව වගේ තමයි.:P:rofl::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං අපේ අයියල ගිහින් සල්ලි දෙන හින්දනේ ඒවගේ සල්ලි ගොඩගැහෙන්නේ :yes:

    ඔයාට අයියල කී දෙනෙක් ඉන්නවද? :eek:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    කවුද දැන් එහෙම කරමුයි කිව්වේ...මමනම් නෑ .:P
    Writing in English as it's hard to type Singlish right now:P Machan I agree with what you say. Those temples rake in money in millions. But I find fault with you trying to glorify the UNP at this moment. If UNP were in power this country would've been the land of the Walking Dead by now.

    That's one thing. The other thing is that I am totally against the "till business" of temples. If people put money there that's their fault and they part with that money on their own accord, due to their blind beliefs. The reason is this: when you have an alms giving at your home you must pay for the priests' taxis or petrol money for their luxury vehicles. And their favourite taxi driver ferries him to the alms giving, and charges an exorbitant price usually double the regular cost. Now that amounts to the priest helping the taxi guy to extort the very people who offer him his meals. I agree. But why do people still give money? It's customary today to add MONEY in the offerings (pirikara) and they collect money for the never ending roof repair or the never ending building fund. After all of that why put money in the till?

    Buddha never blessed anyone for money, never asked for money, and gave away whatever He had. Why do people put money in the till? I would say this is a great opportunity to realize the truth.
    But again, praising UNP there? I would rather put some money in the till:rofl::rofl::rofl:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    පන්සල් වල බිස්නස්කාරයන්ට වඩා ලෙබ්බෙගේ කරුනාව තියනවා.ඒක භූමිකම්පාවක් වෙලා කී දෙනෙක් කොරෝනා ආධාරවලින් මුස්ලිම් ආගමට යයිද දන් නෑ . මේවට තින් වගකියන්න ඔනේ පන්සල්වල ඉන්න බිස්නස් කාරයෝම තමයි .:angry:
    Lebbe ge karunawa ta thamayi danatamath corona deela thiyenne. eka hinda thawa un convert weyi kiyala hithanna tharam umba moda ban?:rofl:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හැම රෙද්දටම දේශපලෙනේ ඇදල ගන්නෙපා බන්. මු කියන කතාවෙත් ඇත්තක් තියනවා. ඕක කරනවානම් ගොටට කරන්න පුළුවන්. හැම මගුලටම ආණ්ඩු වත් පුද්ගලයන්වත් මාරු කර කර ඉඳල හරියන්නේ නෑ. ඉන්න එකා කවුද උ ට කියල කරවගන්න ඕනි. නැත්නම් ඕව අතීසාරේට අමුඩ ගහනව වගේ තමයි.:P:rofl::yes:

    :yes::yes::yes: