පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

    මට මේ කතාව කියන්න හිතුනෙ, මම ඊයෙ උදේ බෙල්ලන්විල පන්සලට ගියහම දැකපු දේවල් නිසා.

    බෝධියට ටිකක් එහායින් තියෙන මලුවක මම ගහල තියෙනව දැක්ක, "විනීතව හැසිරෙන්න" කියල. මේක මහ පුදුම කතාවක් විදිහටයි මට හිතුණෙ. මොකද පන්සල් ගියාම විනීතව හැසිරෙනව ඇර ජව්සන් නටල හරියනවයැ?

    ඒත් ටිකවෙලාවකින් එතනට ආපු ජෝඩු දැක්කම බෝඩ් වලට අමතරව තවත් දෙයක් ඕන කියල මට හිතුන. උන් ලව් කරන්නේ වැලි මලුවක.

    බුදුගේ ඇතුලට ගියහම, (අර අලිය බැඳල ඉන්න තැනට පහලින් තියෙන හතරැස් ගොඩනැගිල්ල) ඒත් එහෙමයි. එතන මිනිස්සු ගාථා කියල වඳින අතරෙ තව සමහර කෙල්ලො කොල්ලො ජෝඩු බිත්තියකට හේත්තුවෙලා උකුළු මුකුළු කරකර එක විකාරයයි. නිකම් ගෝල් ෆේස් එක වගේ. (කුඩ ඉහලන් හිටියෙ නම් නෑ.)
    මට හැබෑටම පුදුම හිතුණා. ඒකෙ තියෙන නොහොබිනාකම කියල දෙන්න ස්වාමීන් වහන්සේ නමක්වත් පැත්ත පලාතක නෑ. මටත් ඕව කියන්න යන්න හිත හදාගන්න බැරි උනා.

    බෝධිය වටේටම දේවාල. මට පුදුම හිතුනා. A දෙවියගෙ ඉඳන් Z දෙවියා වෙනතුරු ඔක්කොම අයට දේවාල. මිනිස්සු පූජාවට්ටි අරන් ඒවට යනව. ඒ එන මිනිස්සුන්ට පන්සිල් ස්වාමීන් වහන්සේ නමක් නෑ.

    ========================================================

    මම දැක්ක හොඳ දේවල් ගොඩකුත් තිබ්බ. පන්සල්බිම ඉතාම පිරිසිදුවට තිබ්බ. කුණු පොදක් නෑ. ඔය එහෙන් මෙහෙන් පොලිතින් බෑග් මල් ආසන උඩ දාල ගිහිල්ල තිබ්බ. මම දැක්ක ඒව කුණු බැරල් වලට දැම්ම.

    මල් ආසන පවා වෙනම කට්ටිය සෝදල පිරිසිදු කරනව.

    හැමෝමවගේ සංවරව ඇඳ පැලඳගෙන හිටිය. ඔය කිහිප දෙනෙක් ඇරෙන්න. අනිත් අය ඉතාම ආදර්ශවත්.

    මිනිස්සු ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන හැටි දකින්නත් ආසයි. බාල මහලු තරුණ හැමෝම වගේ..

    =======================================================

    මට හිතෙනවා පන්සලේදි අපි කව්රු කවුරුත් සංවරව හැසිරෙන්න ඕන කියල, අඩුම ගාන කය, වචනයවත් සංවර කරගන්න ඕන. පන්සලට ගියාම මගේ හිතනම් ඉබේටම සංවර වෙන බවක් මට දැණුනා.

    මට හිතුනා ස්වාමීන් වහන්සේලා මීට වඩා ක්‍රියාකාරීව මේ වැඩවලට දායක වෙන්න අවශ්‍යයි කියල.

    ඔයාලගේ අදහස් දක්වන්න.

    බොහොම ස්තූතියි.
     
    Last edited:
    • Like
    Reactions: KapZ and sudunone
    Jan 24, 2009
    3,532
    130
    0

    ඔයා කියන දේ ඇත්ත. වැඩියත්ම ඒ ජෝඩු එන්නේ බෙල්ලන්විල පන්සල ප්‍රසිද්ධ පන්සලක් නිසා. අපේ පන්සලට නම් එහෙමජෝඩු එන්නේ නෑ. එන්නෙත් අපේ අහල පහල කට්ටිය. එයාලා නම් ඉතින් ඔහොම කරන්නේ නෑ. වටේම ඉන්නේ දන්න කියන අය නේ. දැක්කොත් හොද නෑ නේ. තරුණ ජෝඩු පන්සල් එන එක හොදයි. හැබැයි පන්සල් ඇවිත් පන්සල බව සිහියේ තියාගෙන හැසිරෙන්න ඕන. දෙන්නා එක්කම මල් පූජා කරනකොට, ගාථා කියනකොට තරුණ වයසේ ඇතිවෙන කාමුක හැගීම් එහෙමත් අඩු කරගන්න පුලුවන් නේ. ආවේගශීලිත්වය අඩු කරගෙන ගැ‍ටුම් එහෙම ඇති වෙන එක නවත්තගන්නත් පුලුවන් නේ.
    මම නම් කියන්නේ පෙම්වතිය එක්ක පන්සල් යන්න. හැබැයි යන්න ඕන ලව් කරන්න නෙවෙයි බුදුන් වැදලා යම් දෙයක් දෙන්නගෙම ජීවිතයට අරගන්න:):):)

    • Like
    Reactions: KapZ

    ඔව් ගමේ පන්සලටනම් එහෙම කීයටවත් එන්නෙ නෑ. ඔයා කියපු හේතු නිසාම.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මට හිතෙන්නෙ කවුරුත් නීති මාලාවක් පනවනවට වඩා කවුරු කවුරුත් හිතල බලල හොඳින් හැසිරෙනවනම් ඒක වඩා වැදගත් කියලයි. මොකද, බෝඩ් ගහන්න ගියාම ඒක විහිලුවක් වෙනව. අනික බෝඩ් ගහනව කියල කීයක් ගහන්නද?

    තරුණ පිරිස් පන්සල්වලට එන එක හොඳයි-උදාහරනයක් විදිහට මහමෙවුනාවෙ එහෙම තරුණ අය තමයි වැඩි හරියක් වැඩ කරන්නෙ. පන්සලට ඇවිත් යාලුවෙන එකෙත්, පෙම්වතුන් එකට පන්සල් එන එකෙත් වරදක් මම දකින්නෙ නෑ. පන්සල් එනව කියන්නෙ හොඳ ළමයෙක් වෙන්න එපායැ. ඒත් අර විදිහට අතන මෙතන මුකුලු කර කර ඉන්න එකනම් කැතයි. ඒව දෙමවුපියො කියල දීල නැත්නම් පන්සලට ඇවිත් ඉන්න අනික් වැඩිහිටියොවත් කියල දෙනවනම් හොඳයි. හැබැයි ඉතින්, ඒව කියන්න ගියොත් කොහොම බාර ගනීද දන්නෙ නෑ.

    පන්සල් ඇතුළේ දේවාල ගැහිල්ලටනම් මං සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපේ පන්සලෙත් දැන් දේවාලයක් හදාගෙන යනවා. ඒකට සල්ලි දෙන්නනම් මිත්‍යාදෘෂ්ටික නාමික බෞද්ධයො පිරිලා. මේක බුද්ධ ධර්මයට විරුද්ධ බව කියන්න කට අරින්නෙ නෑ කවුරුවත්. පන්සලේදි හැසිරෙන විදිහ අවිනීත වෙන්න දේවාලත් එක හේතුවක්. ඒවට එන්නෙ සසරින් එතෙර වෙන්න නෙවෙයිනෙ- ගිය අය ආපහු ගෙන්න ගන්න; විභාග පාස් වෙන්න....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    I've seen couples at a lot of temples including both Bellanwila and Kelaniya but in none of them do they act indecently. Maybe you need to take a closer look ?
     
    මමත් සුදු කියන දේට එකගයි.
    හැබැයි පන්සල කියන්නේ මොකක්ද කියලා මතක තියාගෙන යාලු වුනාට පස්සේ හැසිරුනොත් හොදයි.ඊලගට දේවාල හදන එක ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ.
    දේවාල අපිට පිටින් ආපු දෙයක් නේ. ඒක සංස්කෘතියේ අංගයක් විදියට භාරගනිමු
     
    Jan 24, 2009
    3,532
    130
    0
    I've seen couples at a lot of temples including both Bellanwila and Kelaniya but in none of them do they act indecently. Maybe you need to take a closer look ?

    bro not everyone, but some people behave in that way. Eventhough the fraction is small, it can encourage the others.
    i think you have heard this කිරිකලේකට ගොම බින්දුවක් වැ‍ටුනා වගේ
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    :rolleyes:පන්සල් ඇතුළේ ටියුෂන් පන්ති පවත්වන එකත් සංස්කෘතික අංගයක් විදිහට ගන්න පුලුවන් නේද? ඒකත් දැන් දශක කීපයක් තිස්සේ කෙරීගෙන එනවනෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes:පන්සල් ඇතුළේ ටියුෂන් පන්ති පවත්වන එකත් සංස්කෘතික අංගයක් විදිහට ගන්න පුලුවන් නේද? ඒකත් දැන් දශක කීපයක් තිස්සේ කෙරීගෙන එනවනෙ.
    it dates back a centuries. Not decades. All the way back to the times of kings.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    it dates back a centuries. Not decades. All the way back to the times of kings.

    නමුත් රජ කාලෙදි අධ්‍යාපනය මුදලට විකිණුවෙ නෑනෙ නේද?
    අනික දැන් වෙන්නෙ, පන්සලේ ශාලාවක් ටියුෂන් ගුරුවරයාට කුලියට දීම.

    මං දන්න විදිහට මේක තහනම්. මට මතකයි මමත් එහෙම ටියුෂන් පන්තියකට ගිහින් ඉද්දි දවසක් ඒ ගැන පරීක්ෂා කරන්න එනවයි කියල අපට පැයකට හමාරකට පොතුත් අරන් වෙන කොහෙ හරි යන්න කිව්ව.

    එතකොට මෙතන වැරදි කීපයක් වෙනවා: මුදල් පරිහරණය; වංචාව; ඇතැම් ටියුෂන් ගුරුවරු අසභ්‍ය දේ/හිස් වචන එහෙමත් කතා කරනව පංතියට සිසුන් අද්ද ගන්න.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නමුත් රජ කාලෙදි අධ්‍යාපනය මුදලට විකිණුවෙ නෑනෙ නේද?
    අනික දැන් වෙන්නෙ, පන්සලේ ශාලාවක් ටියුෂන් ගුරුවරයාට කුලියට දීම.

    මං දන්න විදිහට මේක තහනම්. මට මතකයි මමත් එහෙම ටියුෂන් පන්තියකට ගිහින් ඉද්දි දවසක් ඒ ගැන පරීක්ෂා කරන්න එනවයි කියල අපට පැයකට හමාරකට පොතුත් අරන් වෙන කොහෙ හරි යන්න කිව්ව.

    එතකොට මෙතන වැරදි කීපයක් වෙනවා: මුදල් පරිහරණය; වංචාව; ඇතැම් ටියුෂන් ගුරුවරු අසභ්‍ය දේ/හිස් වචන එහෙමත් කතා කරනව පංතියට සිසුන් අද්ද ගන්න.
    your crusade against tuition classes is not related to couples in temples. :P
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    ඒත් ටිකවෙලාවකින් එතනට ආපු ජෝඩු දැක්කම බෝඩ් වලට අමතරව තවත් දෙයක් ඕන කියල මට හිතුන. උන් ලව් කරන්නේ වැලි මලුවක.

    බුදුගේ ඇතුලට ගියහම, (අර අලිය බැඳල ඉන්න තැනට පහලින් තියෙන හතරැස් ගොඩනැගිල්ල) ඒත් එහෙමයි. එතන මිනිස්සු ගාථා කියල වඳින අතරෙ තව සමහර කෙල්ලො කොල්ලො ජෝඩු බිත්තියකට හේත්තුවෙලා උකුළු මුකුළු කරකර එක විකාරයයි. නිකම් ගෝල් ෆේස් එක වගේ. (කුඩ ඉහලන් හිටියෙ නම් නෑ.)
    මට හැබෑටම පුදුම හිතුණා. ඒකෙ තියෙන නොහොබිනාකම කියල දෙන්න ස්වාමීන් වහන්සේ නමක්වත් පැත්ත පලාතක නෑ. මටත් ඕව කියන්න යන්න හිත හදාගන්න බැරි උනා.

    හ්ම්ම්ම්....ඕවා ඉතිං තමන්ම අවබෝධ කරගෙන තමයි තුන්දොර සංවර කරගන් ඕනි...බලකරන එක නිෂ්ඵලයි...:baffled:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    OK...then we consider starting a new thread regarding it.:rofl:

    පන්සලේදි හැසිරෙන්නෙ කොහොමද කියන දේ ගැන හිතුවොත් මට හිතෙන්නෙ අපි පන්සල් යන්නෙ ඇයි කියන තැනින් පටන් ගන්න ඕනෙ කියලයි. ආගමට අදාල නොවන කරුණක් උදෙසා පන්සලකට යනකොට තුන්දොර සංවර කර ගැනීමේ උවමනාවක් ඇති වීමට ඉඩ අඩුයි. එහෙම බැලුවම, ටියුෂන් පන්තියක් නිසා පන්සලට යන කෙනෙකුගෙන් දහම් පාසල නිසා පන්සලට යන කෙනෙකුගේ සංවරය බලාපොරොත්තු වෙන්න අමාරුයි.

    එහෙම බලනකොට මට හිතෙනව මේක මාතෘකාවට අදාලයි කියල. එහෙම නෑ කියල හිතෙනවනම් අපි වෙන ත්‍රෙඩ් එකක කතා කරමු, ටියුෂන් පන්ති, දේවාල ආදිය පන්සල් ඇතුළෙ තිබීම සුදුසුද කියන එක.
     
    පන්සලක ගොඩනැගිල්ලක් ටියුෂන් පංතියක් වගේ දේකට පාවිච්චි කලාට නං ඒ හැටි ප්‍රශ්නයක් නෑ...නමුත් එහෙම කිරීමේ වාසි වලට වඩා අවාසි වැඩියි...:baffled: ඔයා කිව්වා වගේ පංතියක් උදෙසා පන්සලට එන අයගෙ කිසි සංවර කමක් නෑ...ඇත්තටම ඒගොල්ලො පන්සල් එන් නෑ නෙ...පංතිනෙ එන්නෙ...:baffled: සමහරු ගාව මිථ්‍යා දිෂ්ඨියක් තියනවානෙ සංවරව ඉන්න ඕනි දාන දෙනකොට වන්දනා කරන කොට විතරයි කියලා...ඒ වගෙ දිට්ඨින් නැති කරන එකත් අවශ්‍යයි...
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔය ග්‍රහචාර, අපල, දේවාල වගේ බමුණු මන්ත්‍ර වල මිථ්‍යාවන් බුද්ධාගමට කොහෙන් ආවද මන්දා...මම ඔය ගැන ටික කාලෙකට ඉස්සර වෙනම ත්‍රෙඩ් එකකුත් දැම්මා...
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔය ග්‍රහචාර, අපල, දේවාල වගේ බමුණු මන්ත්‍ර වල මිථ්‍යාවන් බුද්ධාගමට කොහෙන් ආවද මන්දා...මම ඔය ගැන ටික කාලෙකට ඉස්සර වෙනම ත්‍රෙඩ් එකකුත් දැම්මා...

    ඇතැම් රජවරු හින්දු ආගමට අනුග්‍රහය දැක්වූ කාලවල අපේ සංස්කෘතියට එකතු වෙන්න ඇති මේව. නමුත් දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ, පාරම්පරික අදහස් පිළිගන්නා වැඩිහිටි පරපුර මේ දේවල් 'ආගම ධර්මය' ලෙස දැකීමයි. නැකැත් බලනවට හිනා වුණොත්, කතරගම දේවාලෙට යන්න බෑ කිව්වොත්, නූල් ගැට ගහන්න බෑ කිව්වොත්, සුර දාන්න බෑ කිව්වොත්, ඒ අය හිතන්නෙ අපි සංකර වෙලා කියල; ආගමෙන් ඈත් වෙලා කියල.

    බමුණන් සරණං ගච්ඡාමි ආයෙත් උඩට අදිමුද?