පනාමුරේ ඇතා මැරූ සාපයද මොලමුරේ වලව්වට පල &#350

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
පනාමුරේ ඇතා මැරූ සාපයද මොලමුරේ වලව්වට පල &#350

1psd-28.png


රත්නපුර-ඇඹිලිපිටිය මහා මාර්ගයේ මාදම්පේ මංසන්ධියට නුදුරින් වැටී ඇති පටු ගම්සභා මර්ගය බොහෝ දෙනා හදුන්වන්නේ පනාවල පර යන සරළ යෙදුමෙනි.විවිධ තරාතිරමේ ජනී ජනයා වෙසෙන ජනාවාස අතරින්ද,සුන්දර වෙල්යායන් මැදින්ද වැටී ඇති මෙම මාර්ගයට මුහුණලා නැගී සිටින්නේ ප්‍රතාපවත් මන්දිරයකි.අව්-වැසි ආදි ස්භාවධර්මයේ අනේකවිධ කෙනෙහිලිකම්වලට ලක්වෙමින්ද,ලදු කැලෑව විසින් ගිලගනිමින් පවතින මේ මහා මන්ධිරයේ අතීතයේ තිබූ තේජාන්විත බව නම් තවමත් සහමුලින්ම ඉවත් වී නොමැත.අක්කර විස්සක පමණ වපසරියකින් යුත් සුවිසල් ඉඩම පුරා නිදහසේ වැඩුණු අඹ,කොස්,දෙල්,බුරුත,මිල්ල ආදී රූස්ස ගස් පෙළකි.හිරු එළියට පවා නිදහසේ ඇතුලු වීමට ඉඩ නොදෙන වනවදුල මේ භූමියේ සැගවී ඇති රසවත් ඉතිහාසයක් වසාගෙන ඇතැයි සිතේ.ප්‍රෙද්ශයේ වෙසෙන සෑම දෙනාම මෙම අඩක් ගරාවැටුණු ගොඩනැගිල්ල හදුන්වන්නේ ‍්මාකදුරේ වලව්ව යනුවෙනි.ඒ වටා විහිදුණු ඉඩම වලව්වත්ත නමින් ප්‍රකටය.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායකවරයා වූ අධිනීතීඥ ප්‍රැන්සිස් මොලමුරේ මහතාට සෙවන දුන් අටකලන්පන්නේ පිහිටි මාකදුරේ වලව්ව මෙසේ ගරා වැටෙමින් පවතින්නේ අප රටේ දේශපාලන හා සමාජයීය වශයෙන් රසබර තොරතුරු රැසක්ද සමගින් වීම අතිශය ඛේදජනකය.

ඉංග්‍රීසින් මෙරට පාලනය කළ යුගයේ මඩුවන්වෙල කලු කුමාරයා නමින් විරුදාවලි ලත් කොළොන්නේ මඩුවන්වෙල දිසාවේගේ දේපොළ හා බූදලයට හිමිකම් කියූ ප්‍රැන්සිස් මොලමුරේ මහතා ශ්‍රී ලංකාවේ අවසාන අලි ගාලේ උරුමක්කරුවාද විය.වර්ෂ 1950දි ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකවාසී බොහෝ දෙනා අතරද මහත් ආන්දෝලනයක් ඇති කළ පනාමුරේ ඇත් රජු වෙඩි තබා මරා දැමීමේ සිද්දියේ සෘජුවම චෝදනා එල්ල වූයේ ප්‍රැන්සිස් මොලමුරේටය.

තම වර්යා වෙනුවෙන් සටන් වැද වෙඩි කා මියගිය පනාමුරේ ඇත් රජු වෙනුවෙන් පනහා දශකයේ රට පුරා විරෝධතා රැසක් ඇති විය.එහි ප්‍රථිපලය වුයේ මිනි මතුවට ලංකාවේ අලි ගාල් බැදීම සපුරා තහනම් වීමයි.මොලමුරේ පවුලට විරුද්ධව එකල කවි කොළ පවා මුද්‍රණය වු අතර ඒවා උණු කැවුම් මෙන් ජනතාව අතරට අලෙවි වී තිබේ.බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ප්‍රභූ පැලැන්තියේ විනෝදාංශයක් වු වල් අලි ගාල් කිරිමේ කටයුත්තට ප්‍රැන්සිස් මොලමුරේ මහතා සම්බන්ධ වුයේද හෙතෙම දැඩි විනෝදකාමි පුද්ගලයෙකු වීම නිසා බව පැවසේ.

පනාමුරේ අලි ගාල් කරන ස්තානය සියලු පහසුකම්වලින් සමන්විත කුඩා නගරයක සිත්ගත් බව පැරැන්නේ පවසයි.අලි ගාල් කරන දිනවලදී මොලමුරේ මහතා ඇතුලු ඔහුගේ දෙස් විදෙස් මිතුරන්ට නවාතැන් ගැනීම සදහා අලි ගාලට නුදුරින් විශේෂ නවාතැන්පොළක් ඉදිකිරීමද සිරිතකි.මෙම නවාතැම්පොළ එදා පනාමුරේ වැසියන් හදුන්වා ඇත්තේ ඇතින්නියන්ගේ ගාල යනුවෙනි.ඒ එහි සිදුවුණු ක්‍රියාකාරකම් පිළිබද හුදි ජනයාට ඉගියක් ලබා දීමට විය යුතුයි.මෙරට කාන්තාවක් ප්‍රථමවරට මැති සභයට තේරිපත්වූයේ රාජ්‍ය මාන්ත්‍රණ සභාවටය.ඒ 1931දීය.මීදෙනියේ අදිකාරම්ගේ දියණිය වූ ඇඩිලින් මීදෙණිය මහත්මිය මෙසේ ලංකාවේ ප්‍රථම මන්ත්‍රිවරිය වු අතර පසු කලෙක ඇය ප්‍රැන්සිස් මොලමුරේ සහතාගේ පියම්භිකාව වුවාය.ඇඩිලින් මීදෙණිය.ඇඩිලින් මොලමුරේ වූ අතර ලංකාවේ ප්‍රථම කතානායකවරයාගේ බිරිය ලංකාවේ මුල්ම මන්ත්‍රිවරිය වීමද ඉතිහාසයේ සුවිශේෂි සිදුවීමකි.ඇඩිලින් මොලමුරේ මහත්මිය රුවන්වැල්ල ආසනය ඉහලින්ම ජයගත් අතර අඩ්ලින් මොලමුරේද සෙනෙට් සභාවට පත් වී එහි සභාපති පදවියටද පත් වුවාය.ප්‍රැන්සිස් මොලමුරේ සහ ඇඩ්ලින් මොලමුරේ යුවල දිගු කාලයක් දිවි ගෙවුයේද පෙර සදහන් අටකලන්පන්න මාකදුරේ වලව්වේය.එකළ ප්‍රබල සන්නිවේදන මාධ්‍යක් වු කව් කොළකාරයන්ගේ මොලමුරේ මහතාට ගැලවිල්ලත් නම් නොවීය.

මඩුවන්වෙල දිසාවේගේ බූදලයේ හිමිකරුවා වූ මොළමුරේ මහතා කොළඹ ඉම්පීරියල් බැංකුවේ තැන්පත් කර තිබු මඩුවන්වෙල දිසාවේගේ බූදලයෙන් මුදල් ලබා ගැනීමේදි වංචාවක් සිදු කළ බවට එදා කවි කොළ මගින් රට පුරා ප්‍රචාරයක් ඇති විය.ඊට හේතු වූයේ ඉම්පීරියල් බැංකුවේ රු 20,000ක් ලබා ගැනීම සදහා රත්නපුර දිසා අධිකරණයෙන් අනුමැතියක් ලබා ගත් මොලමුරේ මහතා බැංකුවෙන් රුපියල් 50,000ක මුදලක් ලබා ගැනීමයි.අදිකරණයෙන් අවසර දුන්නාට වැඩා මුදලක් බැංකුවෙන් ලබා ගැනීමේ චෝදනාවද මොලමුරේට එල්ල විය.පනාමුරේ ඇත්ගාලේ පනාමුරේ ඇතා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය වන අවස්ථාවේදී ප්‍රැන්සිස් මොලමුරේ මහතා මෙරට කතානායක ධූරය දරමින් සිටියේය.පනාමුරේ ඇතාට වෙඩි තබා මරා දැමීම රටවැසි බොහෝ දෙනාගේ සංවේගයට හා අප්‍රසාදයට ලක්ව තිබුණ අතර කතානායකවරයාට පහර ගැසීමට ඔහුගේ ප්‍රතිවාදීහු යුහුසුලු වූහ.ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේ වාමාංශික දේශපාලන නායකයකු වූ ආචාර්ය ඒන්.ඒම් පෙරේරාය.ඔහු පනාමුරේ ඇතාට වූ අසාධාරණය තේමාව කර ගනිමින් රට පුරාම විරෝධතා හා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කළේ හතු පිපෙන්නා සේය.එකළ පළවු පුවත්පත්ද මේ සදහා වැඩි ප්‍රසිද්ධියක් ලබා දුන් අතර කවි කොළකාරයන්ගේද හොද්ද බොර වූ බව පැවැසේ.

මාකදුරේ වලව්වයි අපේ පන්සලයි බොහොම සම්බන්ධයි.ප්‍රැන්සිස් මොලමුරේ මහත්තයා පනාමුරේ ඇතාට වෙඩි තිබ්බට පස්සේ බොහොම කළකිරීමෙන් හිටියේ.ඒ නිසා එතුමා ආගමට දහමට බොහොම ලැදි කෙනෙක් වුණා.අවසාන කාලයේදී වලව්වේ තිබූ පිගන් බඩු,ඇද,පුටු මේස පවා පන්සලට පුජ කරලා තියනවා.අපේ රටේ පළමු කතානායකවරයා වෙච්ච,පනාමුරේ ඇතා නිසා ලෝක ප්‍රසිද්ධ වුණු මොලමුරේ මහතා ජීවත් වූ වලව්වේ අද තත්ත්වය ඉතා ශෝචනීයයි.කිසිම වගකිය යුතු ආයතනයක් හෝ පුද්ගලයකු මේ ගැන අවධානය යොමු කර නැහැ.අපේ රටේ එක්තරා යුගයක් කියාපාන මේ වලව්වත්,පළමු කතානායකතුමාගේ සොහොනත් සංරක්ෂණය කළොත් වටිනවා.මෙසේ වේහැල්ලක මුදලින්දාරාම විහාරාධිපති පුජ්‍ය රංගේගම නන්දසිරි හිමියන් ප්‍රකාශ කලේය.

මොලමුරේ මහතා කතානායක අසුන මතදී හිටිහැටියේ මැරී වැටුණේ ඔහුගේ විරුද්ධවාදියකු විසින් සිදු කළ හූනියමක් නිසා බව ඒදා දේශපාලන කරළියේ පැතිර ගිය ප්‍රසිද්ද රහසකි.එහෙත් රටේ ඇතැමෙක් ඔහුගේ අභාවය දුටුවේ පනාමුරේ ඇත් රජුට කළ අපරාදය මොලොවදීම පලදීමක් හැටියටය

පනාමුර ඇත් රාජා යන නාමය ලංකාවේ පමණක් නොව ලොව ප්‍රසිද්ධ වූ නාමයකි. ‍මෙම නාමය හා බැදී පවතින පනාමුර ඇත්ගාල නම් වූ ස්ථානය ‍ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වූවකි. අපගේ මෙම සටහන මෙම පනාමුර ඇත්ගාල නම් වූ ස්ථානය හා ඒ පිළිබදව ඇති තොරතුරු සම්බන්ධයෙන් වේ

DSC01672.jpg


අදට ශේෂ වී ඇති එකම එක ලී කණුව

ලංකාවේ අවසාන ඇත්ගාල වන පනාමුර ඇත්ගාල පිහිටි ප්‍රදේශයට ලගා විය හැකි ආකාරය පිළිබදව විමසා බලමු. මෙහිදී කොළඹ සිට පැමිණෙන්නේ නම් රත්නපුර හරහා ඇඹිලිපිටිය මාර්ගයේ උඩවලව පසුකල පසු රංචමඩම හංදියෙන් හැරී දකුණට ගමන් කර පනාමුර දක්වා වූ මාර්ගයේ ගමන් කල යුතු වේ. මෙම හැරී ගමන් කරන මාර්ගය දුෂ්කර වන අතර, ඇඹිලිපිටිය උඩගම හංදියෙන් හැරී කොලොන්න හරහා සූරියකන්ද දක්වා වන මාර්ගයේ කි.මී. 10 ක් පමණ ගමන් කිරීමෙන් පනාමුර හංදියට පැමිණිය හැකිය. මඩුවන්වෙල වලව්ව දක්වා වූ මාර්ගය වන්නේද මෙම උඩගම පනාමුර හරහා කොලොන්න මාර්ගයයි. පනාමුර හංදියේ සල් ගස ලගින් දකුනට හැරී කි.මී. 2-3 ක් පමණ ගමන් කිරීමෙන් ඇත්ගාල ප්‍රදේශයට ලගා විය හැකිවේ.

අවාසනාවකට පසුගිය දින වන විට මෙම ස්ථානයේ ශේෂ වී ඇත්තේ පුරාවිද්‍යා පුවරුවක්, ඇත්ගාලට පාදක කරගත් දිය උල්පත හා ප්‍රදේශවාසීන් විසින් නැවත සකස් කර සිටුවන ලද එක් ලී කණුවක් පමණි


DSC01675.jpg


ඇත්ගාල සැකසීමට පාදක කරගත් දිය උල්පත

12-16-260x300.jpg


දුම්වෙඩි ගසා ඇත්රාජා පලවා හැරීමට උත්සාහ කිරීම
නමුත් වර්ථමානයේ මෙම ස්ථානය නැරඹීම සදහා පැමිණි සහකාර පොලිස් අධිකාරී සමන් රත්නායක නම් මහත්මයකු විසින් ප්‍රදේශයේ ජනතාව සමග එක්ව පදනමක් පිහිටුවා ඒ මගින් මෙම ස්ථානයේ කෞතුකාගාරයක් සහ පනාමුර ඇත්රාජා ගේ ජීවමාන ප්‍රමාණයේ අනුරුවක් නිර්මාණය සදහා කටයුතු කරමින් පවතී. මෙම පැරණි ඡායාරූප ලබාගැනීමට සහාය දැක්වීම වෙනුවෙන් අප සමන් රත්නායක මහතාට ස්තුතිවන්ත ‍වන්නෙමු.
පනාමුර යනු මඩුවන්වෙල නින්දගමට අයත් පැරණි ගමකි. කතරගම දේවාලයේ මුර භටයන් 50 ක් මුරට සිටි බැවින් පනහමුර ලෙස භාවිතා වී පසුව එය පනාමුර ලෙස ව්‍යවහාර වූ බව ජනප්‍රවාදයේ පවතී. අක්කර 7000 කින් පමණ සමන්විත වූ පනාමුර නින්දගම එවකට උඩරට පාලනය කල ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් සන්නසක් මගින් මඩුවන්වෙල මොහොට්ටාලට ප්‍රදානය කරන ලද්දකි. විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාව මෙම පරපුරේ අවසානයා විය. ඔහු විසින් මෙම පනාමුර ප්‍රදේශයේ ඇත් ගාල් 20 ක් පමණ කරවූ බව පැවසේ. මඩුවන්වෙල දිසාවේගේ ඇවෑමෙන් බුදලය හිමිවුයේ එතුමාගේ සොහොයුරෙකුගේ පුතෙකු වු ව්‍යවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කතානායක සර් නවරත්න වික්‍රමසිංහ වේහැල්ල මුදියන්සේලාගේ ප්‍රැන්සිස් මොලමුරේ මහතාටය. ඔහු විසින්ද ඇත්ගාල් 5 ක් බන්දවා ඇත. මෙම 5 වන ඇත්ගාල පනාමුරේ ඇත්රාජා හා සම්බන්ධ ලංකාවේ අවසාන ඇත්ගාලයි.


dsc939.jpg


එදා ඇත්ගාලේ ශක්තිමත් ලී වැට

කලුකන්දාව කදු පාමුල පිහිටි දිය උල්පතක් මැදි කර මෙම ඇත්ගාල ඉදිකරනු ලැබ ඇත. වසරේ සෑම කාලයකම එකසේ ජලය නොසිදෙන මෙම දිය උල්පත ඇත්තටම ආශ්චර්යයකි. අද වන විටද මෙම දිය උල්පතේ විශාල දිය පහරක් පනාමුරේ ඇත්රාජා සිහිපත්කරමින් ප්‍රදේශයේ කුඹුරු අස්වද්දමින් ගලා බසී. කොලොන්න ආශ්‍රිත වනගත ප්‍රදේශයේ අතීතයේ විශාල වශයෙන් අලි ඇතුන් වාසය කර ඇත. මෙම අලි ඇතුන් අල්ලා හීලෑ කර විකිනීම සදහා මෙම ඇත්ගාල් ඉදිකරනු ලැබ තිබේ


11.gif


එදා ඇත්ගාල සකස් කරමින්
ජුලි හා සැප්තැමබර් අතර වියලි කාලයේදී ජලය සොයා මෙම වනගත අලීන් පනාමුර ප්‍රදේශයේ පිහිටි දිය බුඹුල වෙත පැමි‍ණ ඇත. එසේ පැමිණෙන අලින් කොටුකර ගැනීම සදහා මෙම ඇත්ගාල් සකස් කර තිබේ. මෙම ඇත්ගාලක් කරවීම ඉතා අධික කාලයක්, ශ්‍රමයක් හා මුදලක් වියදම් වන කාර්යයකි. මෙම දිය උල්පත වටා අඩි 10 ක් 12 ක් පමණ උසට ශක්තිමක් ගස් කපා දැන කදන් වලින් වැටක් ඉදි කරනු ලබයි. ඉන්පසු එම වැටේ එක් පසෙකින් අලි ඇතුන්ට ඇතුළු වීම සදහා පිවිසුමක් තබන අතර, ගිනිමැල ගසා, ශබ්ද කරමින් මෙම දිය සොයා පැමිණෙන අලි ඇතුන් මෙම ගාලට කොටු කර පිවිසුම් දොරටුව වසා දමයි. මෙසේ කොටුවන අලි ඇතුන් හීලෑ අලි සමග ගොස් ගැට ගසා අල්ලා ගනු ලැබ තිබේ.


dsc936.jpg


එදා බේරී තම මව වෙත යාමට උත්සාහ කල ගැටගැසූ අලි පැටවෙක්
සෑම් ඇලපාත හා මඩුවන්වෙල කෝරාල වැනි ප්‍රාදේශීය නායකයන් මේ සදහා සහාය දක්වා ඇත. අඩි 5 ක් පමණ ගැඹුරු වලවල් හාරා ඒ තුළ ශක්තිමක් ගස් සිටුවා සකස් කරන ලද වැට අසල දෙස් විදෙස් ප්‍රභූ නරඹන්නන් සදහා අට්ටාල සකස් කර නැරඹුම් ස්ථාන සකස් කර ඇත. මෙම පනාමුර ඇත් ගාල ලෝක ප්‍රසිද්ධ ඇත්ගාලක් වන බැවින් බොහෝ නරඹන්නන් මේ සදහා සහභාගී වී තිබේ.


dsc942.jpg


එදා කොටුවූ අලින් අල්ලා ගැට ගැසූ හැටි
1950 අගෝස්තු මස සකස් කල ඇත්ගාල සදහා කොටු වූ මෙම පනාමුර ඇත් රාජා ලෙස හදුන්වන (ඇත්තවශයෙන්ම මෙම සතා ඇතෙකු නොව අලියෙකි) අඩි 9 ක් පමණ උස වූ දැවැන්ත හස්තියා මෙල්ල කර ගැනීමට ඇත් ගාල සකස් කල පුද්ගලයන්ට නොහැකි වී තිබේ. ඒ අනුව 1950 අගෝස්තු මස 5 වන දින රාත්‍රී නාවික හමුදා තුවක්කුකරුවෙකු වූ සෑම් කදිරගාමර් නැමැත්තා මගින් මෙම හස්තියාට වෙඩි තබා මරා දමා තිබේ.


10r.jpg


වෙඩි තබා මරා දැමූ පනාමුරේ ඇත් රාජා
මේ සමග රටේ සියළුම ජනමාධ්‍ය ‍මෙය ප්‍රචාරය කර ඇති අතර, ඒ මගින් මුළු රට තුළම මෙම ඇත්ගාල් සදහා දැඩි විරෝධයක් පැන නැගී ඇත. ඉන්පසු එවකට පැවති පාර්ලිමේන්තුව විසින් මෙරට ඇත්ගාල් තහනම් කර තිබේ. මෙසේ මෙරට වන අලින්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කරන මෙම ඇත්ගාල් තහනම් කිරීමේ නීතිය නීතිගත වීමට පනාමුරේ හස්තියාගේ මරණය හේතු සාධකය වී තිබේ. ඒ සමග මෙම හස්තියා වීරයකු ලෙස සලකමින් පනාමුරේ ඇත් රාජා ලෙස ලෝක ප්‍රසිද්ධ වී තිබේ.


12.gif


එදා අල්ලා ගැටගසාගත් අලි පැටවෙක්
මෙම හස්තියා තම ජීවිතය කැපකරමින් මෙරට සමස්ථ අලි ඇතුන් කෙරෙහි සිදු කරන ලද්දේ මහත්ම සේවයකි. මන්ද තවදුරටත් මෙම ඇත්ගාල් පැවතුනේ නම් පසුගියදා මෙරට සිදුකල අලි සංගනනය සිදු කිරීමට අවශ්‍ය නොවන හෝ එක් දිනකින් සිදුකල හැකි තරමට මෙරට අලි ඇතුන් සංඛ්‍යාව හීන වී වද වී යනවා නොඅනුමානය. එවන් සේවාවක් සිදුකල මෙම පනාමුරේ ඇත්රාජා මියගිය පනාමුර ඇත්ගාල පිහිටි ස්ථානය මඩුවන්වෙල යන අතරතුර නැරඹිය යුතුම ස්ථානයක්ය වනු මාගේ මතයයි.

REP+++++++++++++
 

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    පරගැති රදළ පැලැන්තිය හැමදාම රටට කළේ අනර්ථයක්. බණ්ඩාරනායක ලොක්කා සිංහල රාජ්‍ය භාශාව කරලා සිංහලයා මොඩයා කෙරුවා. JR ගෝතයා විවෘත ආර්ථික මරාලය ගෙනල්ලා රටේ කර්මාන්ත, නිශ්පාදන ක්‍රියාවලි ඔක්කොම අඩ පණ කරලා දැම්මා. චන්ද්‍රිකා ෆෙඩරල් ගෙනල්ලා කොටියට රට බෙදලා දෙන්න හැදුවා. දැන් රනිල් හාමු රටේ සම්පත් ටික විකුනගෙන කනවා.
     
    • Like
    Reactions: snm1990

    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    තෝ මේ කොහෙන් හරි කොපි පේස්ට් කරන හෑලි කියවන්න අපිට වෙලාවක් නැහැ!:lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එදා කොටුවූ අලින් අල්ලා ගැට ගැසූ හැටි
    1950 අගෝස්තු මස සකස් කල ඇත්ගාල සදහා කොටු වූ මෙම පනාමුර ඇත් රාජා ලෙස හදුන්වන (ඇත්තවශයෙන්ම මෙම සතා ඇතෙකු නොව අලියෙකි) අඩි 9 ක් පමණ උස වූ දැවැන්ත හස්තියා මෙල්ල කර ගැනීමට ඇත් ගාල සකස් කල පුද්ගලයන්ට නොහැකි වී තිබේ. ඒ අනුව 1950 අගෝස්තු මස 5 වන දින රාත්‍රී නාවික හමුදා තුවක්කුකරුවෙකු වූ සෑම් කදිරගාමර් නැමැත්තා මගින් මෙම හස්තියාට වෙඩි තබා මරා දමා තිබේ.


    වෙඩි තබා මරා දැමූ පනාමුරේ ඇත් රාජා
    මේ සමග රටේ සියළුම ජනමාධ්‍ය ‍මෙය ප්‍රචාරය කර ඇති අතර, ඒ මගින් මුළු රට තුළම මෙම ඇත්ගාල් සදහා දැඩි විරෝධයක් පැන නැගී ඇත. ඉන්පසු එවකට පැවති පාර්ලිමේන්තුව විසින් මෙරට ඇත්ගාල් තහනම් කර තිබේ. මෙසේ මෙරට වන අලින්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කරන මෙම ඇත්ගාල් තහනම් කිරීමේ නීතිය නීතිගත වීමට පනාමුරේ හස්තියාගේ මරණය හේතු සාධකය වී තිබේ. ඒ සමග මෙම හස්තියා වීරයකු ලෙස සලකමින් පනාමුරේ ඇත් රාජා ලෙස ලෝක ප්‍රසිද්ධ වී තිබේ.

    මේ ලිපියෙ පනාමුරේ ඇතාගැන තියෙන්නෙ මෙච්චරයි. ඉතිරි ටික වෙන වැල්වටාරම්:rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පරගැති රදළ පැලැන්තිය හැමදාම රටට කළේ අනර්ථයක්. බණ්ඩාරනායක ලොක්කා සිංහල රාජ්‍ය භාශාව කරලා සිංහලයා මොඩයා කෙරුවා. JR ගෝතයා විවෘත ආර්ථික මරාලය ගෙනල්ලා රටේ කර්මාන්ත, නිශ්පාදන ක්‍රියාවලි ඔක්කොම අඩ පණ කරලා දැම්මා. චන්ද්‍රිකා ෆෙඩරල් ගෙනල්ලා කොටියට රට බෙදලා දෙන්න හැදුවා. දැන් රනිල් හාමු රටේ සම්පත් ටික විකුනගෙන කනවා.

    :yes::yes::yes: