පනික්කි ආතල්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නව ව්‍යවස්තා සම්පාදක කමිටු කාර්යාලය වහලා.. ‘දිවිත්ව පුරවැසි අහෝසිය’ යෝජනාව අරගෙන විමල්ගේ පක්‍ෂය හැරී යයි..



    නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් පිහිටුවන ලද ව්‍යවස්ථා සම්පාදක කමිටුව වෙත යෝජනා 23කින් යුත් සංකල්පීය යෝජනා මාලාවක් භාර දීමට පැමිණියත් අදාළ කාර්යාලය වසා ඇති බැවින්(පව් බන් ගැලරි කතා කාරයා.) එම යෝජනාවලිය ජනතා අවධානය පිණිස ජනමාධ්‍ය වෙත මුදා හරින බව ජානිපෙ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා (26) පැවසීය.


    ඒ මහතා මෙසේ පැවසුවේ එම යෝජනාවලිය බාරදීම පිණිස ඉහත ව්‍යවස්ථා සම්පාදක කමිටු කාර්යාලය පිහිටා ඇති කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ කමිටු කාමර අංක 2ජී – 32 හා 33 ඉදිරිපිට දීය.


    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.


    ‘ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය පිණිස කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවෙහි ස්ථාපිත කොට ඇති ව්‍යවස්ථා සම්පාදක කමිටුව වෙත යෝජනා 23කින් යුත් ජාතික නිදහස් පෙරමුණේ සංකල්පීය යෝජනා මාලාව භාර දීමටයි අප එම ස්ථානයට අද පැමිණියේ.


    එම යෝජනා මාලාව තුළ කුමන හේතුවක් නිසා හෝ නව ව්‍යවස්ථාවට ඇතුළු නොකළ යුතු දේ, පවතින ව්‍යවස්ථාවෙන් ගත යුතු දේ මෙන්ම නිවැරදි විය යුතු දේ, විධායක ජනාධිපති ක‍්‍රමය සහ ඡුන්ද ක‍්‍රමය පිළිබඳ මතය හා ඓතිහාසික වැරදි නිවැරදි කිරීම යන ප‍්‍රධාන ශීර්ෂ 05 යටතේ කරුණු දක්වා තිබෙනවා.


    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට 69 ලක්‍ෂයක ජනවරමක් ලැබුණේ, එම ජනවරම තවදුරටත් ශක්තිමත් කරමින් අපේ දේශපාලන කඳවුරට 2/3ක පාර්ලිමේන්තු බලයක් ලැබුණේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටයි. එම නව ව්‍යවස්ථාව ශ‍්‍රී ලංකා රාජ්‍යයට ස්ථාවරභාවය ගෙන එන, ශ‍්‍රී ලංකාවේ දැනට ක‍්‍රියාත්මක බෙදුම්වාදී බලවේගවලට කිසිදු ඉඩක් නොතබා ඒකීයභාවය සුරකින, සම්බුද්ධ ශාසනයේ ඓතිහාසික පැවැත්ම සුරක්ෂිත කරන, මූලික මිනිස් අයිතිවාසිකම්, පරිසරය, පුරාවිද්‍යා උරුමයන් සුරකින, ජාතියේ ආහාර සුරක්ෂිතභාවය ඇති කරන, විදේශිය බලපෑම්වලින් අත් මිදුණු, ඉන්දියානු සාගරය සාම කලාපයක් බවට පත්කළ හැකි එකක් විය යුතු බව ඉහත ජනතා වරම මගින් කියැවී තිබුණා. එම ජනතා අපේක්ෂාවන් සාක්‍ෂාත් කර ගත හැකි සංකල්පීය ම`ග පෙන්වීමක් අප යෝජනාවලිය තුළ අඩංගු වෙනවා.


    නමුත් අද මෙම කාර්යාලය විවෘතව පවතින්නේ නැහැ. ඒ නිසා අපි ජාතික නිදහස් පෙරමුණ විදියට ජනමාධ්‍ය වෙත එය නිකුත් කිරීමට කටයුතු කරනවා. එමගින් අපගේ යෝජනාවලිය පිළිබඳව රට තුළ බලවත් සංවාදයක් ඇති කර ගත හැකි වෙයි කියා අපි විශ්වාස කරනවා. ඒ වගේම නුදුරු දිනයකදී මෙම කාර්යාලය විවෘතව ඇති මොහොතක ඒ වෙත අපේ යෝජනාවලිය ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.‘‘


    මෙම යෝජනාවලිය භාර දීම පිණිස ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් එස්. විජේසිරි මහතා හා දේශපාලන මණ්ඩල සභික, නිමල් පියතිස්ස, උද්දික පේ‍්‍රමරතන යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ද ව්‍යවස්ථා සම්පාදක කමිටු කාර්යාලය වෙත පැමිණ සිටියහ.


    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
    මාධ්‍ය ලේකම්,
    ජාතික නිදහස් පෙරමුණ
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    බැසිල් සෑර් කියන්න ඇති වහල දාපල්ලා ඕක කියලා... එතුමා ඉතින් දිවිත්ව පුරවේසි බව අයින් කොරගන්නේ නෑමයි කියලා ප්‍රසිද්ධියේම කියන කෙනෙක් නේ..අනේ වාසනාවන් රජපවුල..කාගේ කාගේ මතයට ගැලපෙන කෙනෙක් ඉන්නවා ඉතින්.. 😜 😜
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙවන් පනික්කි රැල ව්‍යග්‍රා පෙත්තෙන් උදාරයි.

    විමලය ටීවි එකේ පෙති ජාති වල නම් කිය කිය පොරටෝක් දුන්න. මූපෙති හදන වද බොනවද
    මූ හිතන්නෙ හිරකාරයො වියාග්‍රා ගහල කචල් දැම්ම කියල. මුගෙ ගෙදර නේද කොල්ලො වියාග්‍රා කෙලල මලේ... මූතමා වියාග්‍රා මුදලාලි.. කටනිසා නසී
     
    Last edited:
    • Haha
    Reactions: Smartm

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    විමලය ටීවි එකේ පෙති ජාති වල නම් කිය කිය පොරටෝක් දුන්න. මූපෙති හදන වද බොනවද
    මූ හිතන්නෙ හිරකාරයො වියාග්‍රා ගහල කචල් දැම්ම කියල. මුගෙ ගෙදර නේද කොල්ලො වියාග්‍රා කෙලල මලේ... මූතමා වියාග්‍රා මුදලාලි.. කටනිසා නසී
    ඒ කොල්ලා මැරුණෙ ඇයී බන් ඇත්තට
    විමල් cuckද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයවැයට කලින් විමල්ව අගමැති කරන්ඩ බලන් උන්න ගු ඇන් පි ගොන් බඩු දැන් බුරනව. :lol: :lol: :lol: :lol:
     

    Similar threads