පබාට පෑන අමතක වෙයි
පබාට පෑන අමතක වෙයි
7 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිය පැවති අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළද රස මුසු සිදුවීම් සුලබ විය.එයින් සිදුවීම් කිහිපයක් පමණක් පහත අයුරින් සාරාංශ කර දැක්වීමට හැකිය.අභිනව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වූ උපේක්ෂා ස්වර්ණමාලී(පබා)මහත්මිය ප්රතිඥාවේ අත්සන් තැබීමට සූදානම් වූවාය.සැබවින්ම ඇය පැමිණෙන විටත් මන්ත්‍රීවරුන් කතානායකවරයා ඉදිරියේ ප්‍රතිඥාව කියවා අදාළ ලිඛිත ප්‍රකාශයට අත්සන් තබමින් සිටියහ. එහෙත් පබා පැමිණ සිය ආසනයේ වාඩි වූ වහාම හෑන්ඩ් බෑගයේ අත දමමින් කුමක්දෝ සොයමින් සිටියාය.
"මොකක්ද මිස් හොයන්නේ" ප්‍රතිඥාව සහිත ලිඛිත ප්‍රකාශය රැගෙන පැමිණ සිටි නිලධාරියා ඇසුවාය.
"හනේ මාර වැඩේනේ...හි..හි" ඇය දෙවුර සොලවා යළි යළිත් බෑගය අතපත ගාන්නට විය. "මොකද..මිස්..අනේ කරුණාකරල මේකෙ අත්සන් කරන්න" ඔහු කියා සිටියේය.
"ඒක තමා..මං මේ පෑන ගෙනත් නෑනේ" ඇය යළිත් සිනාසෙන්නට විය.
"එහෙම කියන්න එපායැ..මේන් පෑන..." නිලධාරියා පෑන දුන් පසු ඇය අත්සන් තැබුවාය. "පාර්ලිමෙන්තු එන බව අමතක වෙලා..එයා.. ෂූටින් යනව කියල හිතාගෙනයි ඇවිත් තියෙන්නේ"
අභිනව පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ අර්බුදයක් පැවති බැවින් පසුපෙළ අසුනක වාඩිගෙන සිටි රජයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු අසල සිටි තවත් මන්ත්‍රීවරයෙකුට කියා සිටියේය.