පමාවක් නිසා වූ අනතුර Spainair 5022

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පමාවක් නිසා වූ අනතුර Spainair 5022

    2008 අගෝස්තු 8 වෙනිදා Spanair 5022 ගුවන් යානය අභයන්තර ගුවන් ගමනක් සදහා යෙදවුනා. Barcelona-El Prat සිට Madrid-Barajas හරහා Gran Canaria දක්වා එහි මාර්ගය සකස් වී තිබුනා. මගීන් 166 ක් සහ කාර්ය මණ්ඩලය 6 ක් සමග ගුවන් ගතවීමට සුදානම් වන මෙම McDonnell Douglas MD-82 යානය හෑදින්වූ නාමය වුයේ Sunbreeze ය. යානයේ එන්ජින් පව 1.06 ට පණ ගෑන් වූ අතර අදාල ධාවන පතය වු 36L වෙත ගුවන් යානය පෑදවීමට සුදානම් වී T21 ස්ථානයේ නතර කරනු ලෑබුනා. නියමුවන් ෆ්ලැප් අංශක 11 දක්වා දිගු කරන ලදී. ඔවුනට ගුවන් ගතවීමට අවසර ලෑබුනත් නියමුවන් කිසියම් දෝෂයක් සදහන් කර නෑවත යානය නෑවතුමට ගෙනගියා.



    එන්ජින් නවතනු ලෑබූ නිසා යානයේ වායු සමීකරන පද්ධතිය නොමෑතිව මගීන් තරමක අපහසුතාවයකට ලක් වී සිටියා. ඒ අතරතුර කාර්මික ශිල්පීන් විසින් යානය පරීක්ෂා කලා. යානයේ උෂ්ණත්ව පරීක්ෂකයක (RAT-RAM Air Temperature) දෝෂයක් පෑවතුන අතර එය ගුවන් යානයේ අතයවශය පද්ධතියක් නොවන බෑවින් එයට අදාල පරිපථය විසන්ධි කරනු ලෑබුවා.



    පව 2.23 ට යානයට නෑවත ගුවන් ගතවීමට අවසර ලෑබුනා. මූලික පරීක්ෂණ වලින් පසුව යානය ධාවන පථයට ලගාවූ අතර ධාවනය ආරම්භ වුනා. නොට්ස් 154 ක ගුවන් ගතවීමට අදාල වේගය (V1) ලබාගත් පසු ගුවන් යානය පෑදවූ පලමු පියාසර නිලධාරියා යානය ඉහලට එසවීමට යෙදුනා. නමුත් තත්පර කිහිපයකදී යානය සෙලවීමට පටන් ගත්තා. ගුවන් නියමුවන් යානය ඉහලට ගෑනීමට දෑඩි උත්සහයක නිරත වුනා. ඔවුන් යානයේ එන්ජින් මුලු ධාරිතාවයෙන්ම යෙදවූවත් සාර්තක වුයේ නෑ.



    දකුණට බරවූ යානය සුලු මොහොතකින් පොලවට පහත්වුනා. මුලින්ම බිම ගෑටුන යානයේ පසුපස කොටස වෙන්වූ අතර ඉතිරි කොටස ඉදිරියට ඈදී ගොස් අසල වූ ගගේ ඉවුරේ වෑදී පිපිරි ගිණිගන්නට වුනා. යානය තුල වූ 172 වූ පිරිසෙන් 154 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුනා. Spainair හි අවුරුදු 25 සේවා කාලය තුල සිදු වූ පලමු හා එකම මාරාන්තික ගුවන් අනතුර මෙය වූවා.



    පසුව පරීක්ෂණ වලින් හෙලි වුයේ ගුවන් නියමුවන් විසින් ෆ්ලෑප්ස් සම්පූර්ණයෙන්ම හකුලා තිබීම මෙම අනතුරට හේතුව බවයි. එම නිසා ඉහලට එසවීමට යානයට නොහෑකි වූ බව වාර්තා වුනා. පලමු ගුවන් ගතවීමට සුදානම් වූ විට නියමුවන් ෆ්ලෑප්ස් නිසි ලෙස දිගහෑර තෑබූ මුත් නෑවත ධාවන පතයෙන් ඉවත් කලවිට ඒවා හකුලා තබන්නට ඈති. නමුත් ඔවුන්ගේ දෙවන ගුවන් ගතවීමට පෙර කල පරීක්ෂණ වලදි මෙය මග හෑරෙන්නට ඈත.



    මෙලෙස ෆ්ලෑප්ස් නිසි ස්ථානයේ නොමෑති විට ක්‍රියාත්මක වීමට අනතුරු ඈගවීමක් මෙම යානය තුල තිබූ මුත් කලින් අවස්තාවේ හදුනාගත් දෝෂය නිසා හටගත් අනතුරු ඈගවීම ඉවත් කිරීමට විසන්ධි කල පරිපථයටම මෙම අනතුරු ඈගවීමත් සම්බන්ධ වී තිබුනා. කාර්මික ශිල්පීන් කල පරිපථ විසන්ධි කිරීම නිසා අවාසනාවට නියමුවන්ට මෙම අනතුර ඈගවීම නොලෑබුනා..



    පමාවක් නිසා අවසානයේ ජීවිත ගණනක් අහිමිවුනා


    spanair-flight-5022-crashed-by-malware-23643_1.jpg







     
    • Like
    Reactions: buddikagayan